මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත්‍රපටයේ පෙර නිෂ්පාදන කටයුත ආරම්භ වෙලා. ඒ ඩබ්ලිව් ඒ සිල්වා ශූරින්ගේ නවකතාවක් වූ විජයබා කොල්ලය නැමැති නවකතාවෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් අවසන් වරට ලියන ලද විජයබා කොල්ලය තිරපිටපත ඇසුරින් නිර්මාණය වන විජයබා කොල්ලය චිත්‍රපටයයි
මෙහි ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා හේමාල් රණසිංහ අෂාන් ඩයස් සහ සෙනාලි ෆොන්සේකා තෝරාගෙන තිබෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය කරනුයේ ආචාර්ය රෝහණ වීරසිංහයි. පසුගියදා මෙහි ගීත පටිගත කරනු ලැබුවා.
මහාචාර්ය සුනිල් ආරියරත්න අලුත් පරපුරේ දක්ෂ ගායක ගායිකාවන්ට තමන්ගේ නිර්මාණ තුළ අවස්ථාව ලබාදීම විශේෂත්වයක්. මේ අනුව උමාරියා සිංහවංශ සහ ශනුක වික්‍රමසිංහ මෙහි යුග ගී ගායනා කරනු ලැබුවා. මෙහි ගේය පද රචනා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිතයි.
එලැඹෙන ජනවාරියේ මෙහි රූගත කිරීම් ඇරඹෙන අතර රන්මිහිතැන්න ඇතුළු ලංකාවේ ප්‍රදේශ කිහිපයක මෙහි රූගත කිරීම් කරනු ඇති. මෙම චිත්‍රපටයේ කැමරාකරණය සම්මාණනීය කැමරා ශිල්පී චන්න දේශපි්රයගෙනි. ඇඳුම් වෙනුක වික්රමාරච්චිගෙනි. නිෂ්පාදන සැළසුම් සහ කලා අධ්යක්ෂණ කටයුතු බිමල් දුෂ්මන්තගෙනි. සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියගෙනි. නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි ගෙනි. කොණ්ඩා සැරසුම් හරූන් ගෙන් සහ වේෂ නිරූපණය හර්ෂ මංජුල ගෙනි. විජයබා කොල්ලය සරසවි අධිපති එච් ඩී පේ‍්‍රමසිරි මහතාගේ නිෂ්පාදනයකි.
https://mirrorarts.lk/ar/news/4341-vijayaba-kollaya#sigProId95815c43d9