වර්තමානයේ රටේ ඇතිවී ඇති අරාජික තත්ත්වය හේතුවෙන් කලාකාරිණියන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් ඊයේ ගාලුමුවදොර වටරවුමට එක්ව පාගමනක යෙදුනි. එම පා ගමනේ අරමුණ වූයේ ජනාධිපතිවරයාට නීතිය නිසිලෙස ක්‍රියාත්මක කොට ව්‍යවස්ථාව ට අනුව යළි මේ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට බලකරමින් සංදේශයක් බාර දීමයි.
මෙම පාගමන එක්දවසක් තුළ සංවිධානය වී ආරම්භ කෙරුණක්. එහෙත් ඊට දායක වූ පිරිස මේ තීරනාත්මක මොහොත වගකීමෙන් අවබෝධකරගත් පිරිසක් බව මහවැසි නොතකා මේ පාගමනට දායක වීමෙන් ම පැහැදිලි වන්නක්.
අමා විජේසේකර, රුවන්ති චිගේරා, චාන්දනී සෙනෙවිරත්න,සමන්මලී ෆොන්සේකා,නදී කම්මැල්ලවීර ,කෞෂල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, බිමල් ජයකොඩි, බිම්සරා පේ‍්‍රමරත්න, නිම්මි හරස්ගම, සුජානි මේනකා, නදී වාසලමුදලිආරච්චි, විසාකේස චන්ද්‍රසේකරන්, විමුක්ති ජයසුන්දර, තිසර ඉඹුලාන, තරුරෂී ප්‍රනාන්දු, විපුලි නිරෝෂණී, හෙට්ටිආරච්චි, සීතා රංජනී, සන්ධා එක්නැලිගොඩ, ලංකා බණ්ඩාරනායක, තරින්දි ෆොන්සේකා මනෝ මංජරී, නිරංජනා මංජරී ඇතුළු විශාල පිරිසක් මහවැසි නොතකා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර නීතිය නිසිලෙස ක්‍රියාත්මක කර අස්ථාවරත්වයට පත් රට නැවත ප්රජාතන්ත්රවාදය ස්තාපිත කරන ලෙස ජනාධිපතිවරයාට බල කරන පාගමනට දායකවිය.
මෙහිදී ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීමට මෙම පාගමන සූදානම් ව ඉදිරියට ඇදී ගියද ජනාධිපතිවරයාට මරණ තර්ජන ඇතිබව පවසා පොලීසිය මෙම පාගමන අතරමග නවතා පස්දෙනෙකු ට ජනාධිපති ලේකම් කාර්යාලයට යන්නට ඉඩ දෙනු ලැබූ අතර එහි ගොස් සංදේශය බාරදුන් බව නදී කම්මැල්ලවීර පැමිණි සිටි පිරිස අමතා දැණුම් දෙනු ලැබීය.
එක් දිනක් තුළ සංවිධානය වූ මෙම පිරිස ඉදිරියේදී ප්රජාතන්ත්රවාදය මේ රට තුළ නැවත ස්ථාපිත වනතුරු මේ සටන අත් නොහරින බව රුවන්ති චිගේරා පැවසීය.
ජනාධිපතිවරයාට නැවත ප්රජාතන්ත්රවාදය මේ රට තුළ ස්ථාපිත කරන ලෙස ඉල්ලා යවන ලද සංදේශය පහතින් .
උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි
ගරු ජනාධිපතිතුමනි,
පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී.දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්රාජ්ය ආයතන ඇතුළු මුළු මහත් සමජය තුළ ප්රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක. ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර, මේ අර්බුදය නොවිසඳුවහොත්, අප රටට ආර්ථික සම්බාධක පනවන බවට විදේශ රටවල් ගණනාවක් අනතුරු ඇඟවීම් කර ඇති බව ඔබ දනී.දැනටමත් විදේශ මූල්‍ය ආයතන කිහිපයක්ම අප රටට ලබා දීමට නියමිතව තිබූ ණය ආධාර අත්හිටුවා ඇත. විදේශ ණය සහ ආධාර මත මූලික වශයෙන්ම රඳා පවතින ආර්ථිකයක් පවතින අප රටට එවැනි සම්බාධක පැනවුණහොත් අහිංසක රටවැසියන් අන්ත පීඩනයකට ගොදුරු විය හැකිය.
මෛත්‍රීපාල සිරිසේන මහතාණනි, මේ අන්ධකාර අනාගතයට රට ඇදගෙන නොයන ලෙස අපි මෙරටේ දූ දරුවන්ගේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. මේ තත්ත්වය ඇති වූයේ ඔබ විසින් ගන්නා ලද අතිශය ප්රජාතන්ත්ර විරෝධී දේශපාලන තීරණ නිසාවෙනි.එය විසඳිය යුත්තේත් ඔබමය. විධායක බලතල උසුලන ඔබට අංශුමාත්‍රයක හෝ උවමනාවක් ඇත්නම් මේ අර්බුදය විසඳීමට බැරිකමක් නැත.
අපටත් අපේ දරුවන්ටත් ජීවත්වීමට ඇත්තේ මේ රට පමණි. මේ රට, ආර්ථික වශයෙන් විනාශකාරී තත්ත්වයකට ඇද වැටුණහොත්, එහි බලපෑමට ගොදුරු වන්නෝ අපි වෙමු. දේශපාලනඥයන්ට මෙන්, නීති විරෝධීව එක් රැස් කරගත් ධනස්කන්දයක් අපට නැත. දේශපාලන බල පොරය නිසා ඇතිවන ආර්ථික අගාධයේ ගොදුර වන්නේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ආදී දේශපාලනඥයන් නොව, මේ රටේ සාමාන්‍ය ජනතාවයි.
පාලකයන් වෙනස් කිරීම සිදු කළ යුත්තේ, ව්‍යවස්ථාවට අනුකූලව නිසි ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් බව පිළි ගනිමු. එබැවින්, පුද්ගල ස්වාර්ථයන් හා රුචි අරුචිකම් පමණක් අරමුණු කර නොගෙන,වත්මන් අර්බුදයට, සාධාරණ හා සදාචාරාත්මක දේශපාලන විසඳුමක් ලබා දෙන මෙන් අපි ඔබට බල කර සිටිමු,පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිළිගන්නා රටක පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැති ආණ්ඩුවක් පවත්වාගෙන යානොහැකි බව දීර්ඝ කාලීන දේශපාලන පරිචයක් ඇති ඔබට නොවැටහීම අදහාගත නොහැක්කකි, මේ අවස්ථාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට හානිකර ලෙස කටයුතුකිරීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් එය අනාගතයේ බරපතල විනාශයන් අත්කර දීමට හේතුවිය හැකි බවත් අවධාරණය කරමු. එවැනි අඳුරු අනාගතයක් මේ රටේ අහිංසක දරුදැරියන්ට උරුම නොකරන ලෙසත් උදක්ම ඉල්ලා සිටිමු.
හෘද සාක්ෂිය, ප්‍රතිපත්ති ගරුකභාවය, බොරු නොකීම, කියූ දේ කිරීම, කරන දේ කීම, වැනි බුදු රජාණන් වහන්සේ වදාළ මූලික ඇගයුම් සියල්ල නිරන්තරයෙන් පන්සල් යන, සතියකට දෙතුන් වතාවක් මහානායක හිමිවරුන්ගෙන් අනුශාසනා ලබන බෞද්ධ යැයි කියාගන්නා දේශපාලනඥයන් විසින් සමච්චලයට, අවඥාවට ලක්කිරීම අතිශයින් ඛේදජනකය.
ජනාධිපතිතුමනි,දැනටමත් බොහෝ පමා වී ඇත. ඔබ හමුවේ ඇත්තේ, රටකල සමස්ත දරු පරපුරක අනාගතය පිළිබද වගකීමයි. මේ රට තව තවත් අඳුරට ගමන් කිරීමෙන් වැළැක්වීමට වහාම ඉදිරිපත් වන ලෙස අපි ඔබට බල කර කියා සිටිමු.
ඉපදුණු සහ ඉපදෙන්නට සිටින දරුවන් වෙනුවෙන් මේ රට ඉතිරි කර දීම මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබ වෙත මේ මොහොතේ පැවරී ඇති අත්‍යන්ත වගකීම බව නැවතත් මතක් කර සිටිමු.
ශ්‍රී ලාංකික කාන්තාවෝ
2018 නොවැම්බර් 28
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/4367-artist-protest#sigProId37a67c7d17