ජැකී චෑන් මෙරට සිනමා ලෝලීන්ගේද ආදරය දිනාගත් ප්‍රකට රංගන ශිල්පියෙක්. ඔහු හොංකොං වාසියෙක්. ජැකී සිනමා අධ්යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් රංගන ශිල්පියෙක් සටන් ශිල්පියෙක් සහ ගායකයෙක්.
ඔහුගේ දියණිය Etta ගේ විවාහය සම්බන්ධව ලෝකයේ බොහෝ මාධ්‍ය වාර්ථා කරනවා.ඒ Etta තම පෙම්වතිය වූ Andi Autumn සමග විවාහ වීම නිසා.
Etta සහ ඇගේ පෙම්වතිය වූ Andi Autumn අතර සම්බන්ධයක් ඇතිවී ඇත්තේ පසුගිය වසරේයි.Etta ගේ වයස අවරදු 19කි.
හොංකොංහි සමරිසි විවාහය නීතිගත කොට නැතිනිසා ඔවුන් කැනඩාවේ පදිංචියට ගොස් තිබෙනවා.
ජැකීගේ දියණියEtta ට මාසයක කාලයක සිට ජීවත්වන්නට නිවසක් නැති බවත් ඒ homophobic දෙමව්පියන් නිසා බව සඳහන්කොට තිබුනා.
"ඔහු මගේ පියා නෙමෙයි. මට කිසිම හැගීමක් ඔහු සම්බන්ධව නැහැ. ජැකී යනු තම ජීවවිද්‍යාත්මක පියා වුවත් ඔහු තම ජීවිතය තුළ නැහැ".ජැකීගේ දියණිය මාධ්‍යවෙත එසේ සිය අදහස් දක්වා තිබුනා '
ඇය මෙසේ පවසන්නේ ඇගේ මව තම පියාගේ සහයෝගයක් නැතුව ඇයව හදා වඩා ගත් නිසා.
1999 දී රූපසුන්දරියක් වූ Elaine Ng Yi Leiසමග සම්බන්ධයක් ඇති කරගන්නා ජැකී ඇය ගැබ්ගැනීමෙන් අනතුරුව ඇයගෙන් අයින් වුනා. ජැකී ඒ සම්බන්ධය සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශ පවා නිකුත් කර තිබුනා "මට වැරදීමක් වුනා ලෝකෙ අනිත් පිරිමින්ටත් සිද්ධවුන" කියලා.
කෙසේවෙතත් ජැකීගේ දියනිය මේ වනවිට සිය සහකාරිය සමග කැනඩාවේ සිට තම රට වූ හොංකොං වෙත එන්නට සූදානම්ව සිටිනවා.
https://mirrorarts.lk/ar/news/4371-jackie-chan-s-daughter-wedding#sigProId9e19d13eea