“ප්‍රේමය නම්” චිත්‍රපටයට පසුව එන “රූකඩ පැංචි”
“ප්‍රේමය නම්” සිනමා කෘතිය ගෙන ආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ සොහොයුරන්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන්නේ “රූකඩ පැංචි” ය.
පසුගිය වසරේ අග භාගයේ රූපගත කිරීම් ආරම්භ කළ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, බන්දුල විජේවීර, දයාදේව එදිරිසිංහ, නිරෝෂන් විජේසිංහ දායක ඇති අතර කුශේන්‍යා ෆොන්සේකා සහ ලක්ෂික දේශාන් ළමා නළුවන් ලෙසින් එක් වී තිබේ.
පාසල් විදුහල්පතිනියගේ චරිතයට පණ පොවමින් ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා එහි ආරාධිත ගරු රඟපෑම් සඳහා එක්වී තිබුණි.
පවුලේ සිනමාපටයක් ලෙස නිම වන “රූකඩ පැංචි” හි සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදු කර ඇති අතර සිනමා කෘතියට ඇතුලත් මුළු ගීත සංඛ්‍යාව 6 කි.
මෙම චිත්‍රපටය මේවසර මැදදී අපිට නැරඹීමට හැකිවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/4667-rookada-panchi-190121#sigProId0d395dd1c9