ශ්‍රී ලාංකේය හෝ ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත මූල්‍ය ආයෝජයකු නිෂ්පාදනය නොකළ , ශ්‍රී ලාංකේය හෝ ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත නිර්මාණකරුවෙකු අධ්‍යක්ෂණය නොකළ සහ ශ්‍රී ලංකාව තුල රූපගත නොකළ , විදේශීය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් සඳහා සිය දායකත්වය ලබා දීමට මෙරට තුල වෘත්තීයමය කටයුතුවල යෙදෙන සිනමා ශිල්පියෙකුට- ශිල්පිනියකට (රංගන ශිල්ප-ශිල්පිනියන් හැර) අවස්ථාව ලැබේනම් ,එය විරල සංසිද්ධියකි. මන්ද ගෙවීගිය දශක ගණනාව පුරාවටම එවන් අවස්ථාවක් ලද ශ්‍රි ලාංකේය සිනමා ශිල්පීන් ඇත්තේ ඉතාම අතලොස්සක් බැවිනි. එසේම එකී අතලොස්ස තුල වූ ශ්‍රී ලාංකේය ශිල්පීන්ගේ දායකත්වය ලද සිනමාපට අතුරින් යම් සිනමාපටයක් ලොව සුපතල අන්තර්ජාතික සිනමා උළෙලයන් නියෝජනය කරනු වස් සුදුසුකම් ලැබීමට සමත්වේද, එය අතිශයම දුර්ලභ අවස්ථාවකි. එකී දුර්ලභ අවස්ථාව හිමිකරගත් ඔහු නමින් සමන් ඇල්විටිගලය..
භූතානය, ජර්මනිය සහ නේපාලය යන රටවල් ත්‍රිත්වයේ හවුල් නිෂ්පාදනයක් වූ සහ භූතාන සිනමා අධ්‍යක්ෂක ටශී ගිඑල්ට්ශෙන් (Tashi Gyeltshen) අධ්‍යක්ෂණය කල "The Red Phallus" සිනමාපටයේ සංස්කරණ ශිල්පීයා ලෙසින් සමන් ඇල්විටිගල කටයුතු කල අතර, එය ආසියාවේ සුවිසල්ම අන්තර්ජාතික සිනමා උළෙල වන දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශයෙන් 2018 වර්ෂයේදී ගමන් ඇරඹූ අතර, එය වර්තමානයේදී ලොව විශිෂ්ටතම අන්තර්ජාතික සිනමා උළෙලයන් තුනෙන් (කාන්ස්, වෙනීස්, බර්ලින්) එකක් ලෙසට සැලකෙන ජර්මනියේ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ "Generation- 14plus" නම් තරගකාරී අංශය නියෝජනය කරයි.
සිනමාපටයක් යනු සාමූහික ප්රයත්නයක අවසන් ප්රතිඵලයි. එහෙයින් ලොව සුපතල බර්ලින් සිනමා උළෙලේදී " The Red Phallus" සිනමාපටය යම් සම්මානයකින් පිදුම් ලැබුවහොත්, එහි ගෞරවයෙන් කොටසක් සිනමාපටයේ සංස්කරණ ශිල්පියා ලෙසින් සමන් ඇල්විටිගලටත් නිතැතින්ම හිමිවේ.
"The Red Phallus" හි මෙතෙක් අන්තර්ජාතික උළෙල නියෝජනය...
(1). New Current Competition- 23rd Busan IFF - South Korea- 2018
(2). International Competition- 23rd IFF of Kerala- India- 2018
(3). World Competition- 17th Pune IFF- India- 2019
(4). Generation 14Plus Competition- 69th Berlin IFF- Germany- 2019
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි
https://mirrorarts.lk/ar/news/4789-saman-alwitigala-190212#sigProIdd65f0e0611