Fespaco: අප්‍රිකාවේ විශාලතම සිනමා උළෙලට 50 යි...
අප්‍රිකාවේ විශලතම සිනමා උළෙල ලෙස සැලකෙන “Fespaco”, එළඹෙන සතියේ දී බටහිර අප්‍රිකාවේ බුර්කිනා ෆසෝ හි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
චිත්‍රපට 450 ක් ප්‍රදර්ශනය කිරීමට නියමිත සිනමා දැක්මට ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 50 ක ගමන් මගකට හිමිකම් කියන Fespaco උළලේ ප්‍රධාන සම්මානය වන Golden Stallion of Yennenga දිනා ගැනීමට මේ වනතෙක් කිසිදු සිනමාකාරිනියක සමත් වී නැත.
කෙසේ නමුත්, සමලිංගික ආදරයක් ගැන කියවෙන කෙන්යානු ජාතික වනුරි කහියුගේ Rafiki සිනමා කෘතිය මෙ වසරේ දී එම බලාපොරොත්තුව ඉෂ්ට කරනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කර තිබේ. මෙම සිනමාපටය ඇයගේ රටේ තාවකාලික තහනමකට ලක්වූ නමුත් ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේ දී ප්‍රදර්ශනය කෙරුණි.
ඇපොලයින් ට්‍රාඕරේගේ Desrances, මෙම වසරේ දී හොඳම චිත්‍රපටය ලෙස නම් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙන තවත් චිත්‍රපටයකි.
දිනක් ඇතුලත එනම්, උදෑසන 8 සිට මධ්‍යම රාත්‍රිය වනතෙක් අවම වශයෙන් සිනමාපට 60 ක් ප්‍රදර්ශනය කිරීම සහ සමහර ස්ථානවල එකම වෙලාවේ සිනමාපට කිහිපයක් ප්‍රදර්ශනය කිරීම සිනමාලෝලීන්ට අභියෝගයක් වනු ඇත.
Fespaco පවත්වනු ලබන්නේ වසර දෙකකට වරකි.
https://mirrorarts.lk/ar/news/4852-fespaco-190224#sigProId391ca92551