ස්ටාර් වෝස් සිනමාපට 4ක්, මාවල් සිනමාපට 8ක්, ඇවටාර් සිනමාපට 4ක් සහ ඉන්ඩියානා ජෝන්ස් සිනමාපටයක් ඉදිරි වසරවලදී පැමිණීමට නියමිත බව ඩිස්නි සමාගම තහවුරු කර තිබෙනවා.
එම සමාගම විසින් නිකුත් කළ නවතම ලේඛනයකයි මේ බව සඳහන් වන්නේ.
ස්ටාර් වෝස් මීළඟ චිත්‍රපටය වන “ද රයිස් ඔෆ් ස්කයිවෝකර්” එළඹෙන දෙසැම්බරයේ දී තිරගත කිරීමට නියමිත නමුත් ඉන්පසු ස්ටාර් වෝස් චිත්‍රපටයක් නැරඹීමට ප්‍රේක්ෂකයාට වසර තුනක කාලයක් බලාගෙන සිටීමට සිදුවෙනවා. ඒ අනුව ස්ටාර් වෝස් මීළඟ සිනමා ත්‍රිත්වය එළිදැක්වෙන්නේ වර්ෂ 2022-26 අතර කාලයේ දී යි.
බොහෝ දෙනෙක් දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ඇවටාර් 2 චිත්‍රපටය තිරගත කිරීම 2021 දක්වා කල් දමා තිබෙනවා. එය පළමුව 2014 දී නිකුත් කිරීමට නියමිත වූ අතර පසුව 2017 දක්වාත් එතනින් පසුව 2020 දක්වාත් කල් දැමුණා. කෙසේ වෙතත් ඉන්පසු ඇවටාර් සිනමාපට ත්‍රිත්වයක් නිර්මාණය කිරීමට නියමිත බව ලේඛනයේ සඳහන්.
2009 දී එළිදැක්වූ පළමු ඇවටාර් සිනමාපටය, ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක ආදායම් වාර්තාවක් සමඟින් මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ සිනමාපටය ලෙස වාර්තා අතරට එකතු විය. කෙසේ වෙතත් පසුගියදා එළිදැක්වූ සහ තවමත් ප්‍රදර්ශනය කෙරෙන ඇවෙන්ජර්ස්: එන්ඩ් ගේම්, එම වාර්තාව ඉක්මවා යාමට වැඩි කල් නොගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
https://mirrorarts.lk/ar/news/5200-sr-190509#sigProId71c1a795cd