සිනමාකරණයට පිවිසෙන්න කැමති කාන්තාවන්ට මෙන්න වටිනා අවස්ථාවක්
සිනමාකරණයට පිවිසීමට උනන්දුවක් දක්වන නිර්මාණකාරිනියන් හඳුනාගනිමින්, ඔවුන්ට අත්වැලක් සැපයීම සඳහා ඇජෙන්ඩා 14 ආයතනය සහ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය එක්ව ආරම්භ කළ ව්‍යාපෘතියකට කෙටි චිත්‍රපට ව්‍යාපෘති යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.
තෝරාගත් කෙටි චිත්‍රපට 5ක් නිෂ්පාදනයට අරමුදල් ලබාදීම මෙමගින් සිදු කෙරෙන අතර සිනමා නිර්මාණයට කැමැත්තක් ඇති අවුරුදු 18 වැඩි කාන්තාවන්ට සිය කෙටි චිත්‍රපට නිර්මාණ යෝජනාව සමඟින් මේ සඳහා අයදුම් කළ හැකි ය.
ඇජෙන්ඩා 14, 6 B/9, පාගොඩ පාර, නුගේගොඩ 10250 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්, ජූලි 31 වැනිදාට පෙර අයදුම්පත් එවිය යුතු ය.
එම අයදුම්කරුවන් අතුරින් තෝරාගත් පිරිස එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන ආරම්භක සැසියට කැඳවන අතර නිෂ්පාදනය සඳහා කෙටි චිත්‍රපට ව්‍යාපෘති යෝජනා 5ක් තෝරාගනු ලබන්නේ එහිදී ය.
ඒ අනුව නිර්මාණය කෙරෙන කෙටි චිත්‍රපට 2020 මාර්තු මස දී පැවැත්වීමට නියමිත 2 වැනි කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලේ දී තිරගත කරනු ලැබේ.
වැඩි විස්තර සඳහා عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته..