චිත්‍රපට පෝස්ටර්, ඡායාරූප සංරක්ෂණ වැඩමුළුව සාර්ථකව නිමවෙයි
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් ප්‍රකාශයට පත් කර ඇති
අස්පෘශ්‍ය සංස්කෘතික උරුමය පිළිබද වූ සම්මුතියට (Convention of Intangible Cultural Heritage) අනුව යම් රටක අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයේ අංගයක් ලෙස සිනමාව අන්තර්ග්‍රහණය කොට ඇත.
ඒ අනුව, වර්තමාන සහ මතු පරපුර වෙනුවෙන් අතීත ඇනලොග් (Analog) සහ වත්මන් සංඛයංක (digital) සිනමා අන්තර්ගතය සුරැකීම එම කර්මාන්තයේ නියැලුණු සහ උනන්දුවක් දක්වන පාර්ශව සේම විෂය ක්ෂේත්රය නියාමනය කරන්නාවූ රාජ්‍ය ආයතන වලට පැවරුණු ජාතික අවශ්‍යතාවයක් සේම වගකීමකි.
එහිදී සිනමා පටල පට සංරක්ෂණය ට සමගාමීව ඒ හා සබැදි සෙසු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ද සුරැකීම ඕනෑකමින් කළයුතු කර්තව්‍යකි.
ඒ අදිටනින් සංවිධානය කෙරුණු චිත්‍රපට පෝස්ටර්, ඡායාරූප සහ ලොබි කාර්ඩ්ස් සංරක්ෂණ නේවාස්ථ වැඩමුළුවක් ජාතික චිත්‍රපට සංස්ථාව සහ ගාමිණී ෆොන්සේකා පදනම එක්ව පසුගිය ජුලි 5, 6 සහ 7 තෙදින තුල කුන්ඩසාලයේ පිහිටා ඇති සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් පහසුකම් වලින් සපිරි "ජාතික කලා නිකේතන" පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩමුළුව ගාමිණී ෆොන්සේකා පදනම වෙනුවෙන් දමිත් ෆොන්සේකාගේ අදහසකට අනුව දියත් කෙරුණු අතර ඔහුගේ ආරාධනාවෙන් සහ සම්බන්ධීකරණයෙන් වැඩමුළුවේ සම්පත් දායකයින් ලෙස "ඉන්දියා චිත්‍රපට උරුමය සුරැකීමේ පදනම" (Film Heritage Foundation of India) අනුග්‍රහයෙන් මෙම විෂය පිළිබද පරිචයක් ඇති එස්. ගිරි කුමාර් සහ ප්‍රියා කපුර් යන මහත්ම මහත්මීන් දෙපළ සහභාගී විය.
එහිදී න්‍යායාත්මක දේශණ සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීම තෙදින පුරා සිදුකෙරුණු අතර සහභාගිවුවන් නිසි උද්යෝගයෙන් සක්‍රිය ලෙස වැඩසටහනට සම්බන්ධවිය.
මේ සදහා ජාතික චිත්‍රපට සංස්ථාව, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය චිත්‍රපට අංශය (රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුව), සීමිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) යන ආයතනවල සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහ සිනමා උරුමය සුරකින සහ ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන පෞද්ගලික අයදුම්කරුවන් පිරිසක් සහභාගී වුහ.
මෙවැනි ජාතික වැදගත්කමකින් යුතු අධ්‍යාපනික වැඩමුළු සදහා පහසුකම් සහ අනුමැතිය ලබාදීම වෙනුවෙන් විශේෂ ස්තුතිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ වැඩබලන සභාපතිණි අනුෂා ගෝකුල ප්‍රනාන්දුට හිමි විය යුතු අතර අනාගතයේදී ද දේශජ සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජාතික මෙහෙවරක් කිරීමට සහය වන්නාවූ වැඩසටහන් දියත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
සටහන : සිලෝන් සිනමා එන්ටර්ටේන්මන්ට් (CC Entertainment)
https://mirrorarts.lk/ar/news/5502-cinema-190714#sigProId33ff2281af