කොළඹ JDA පෙරේරා කලාගාරයේ පැවැත්වුණු “Red Women Artists”අද්‍යතන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය
සඳහා සිතුවම් ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනි වන කලණි දොඩන්තැන්න විසින් ඉදිරිපත් කළ කලා නිර්මාණය යි මේ.
මෙම කලා නිර්මාණය පිළිබඳව ඇය සිය මුහුණුපොතේ තබා තිබු සටහනක් මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු,
“මතුපිට දැක්මෙන් වසන්ව ඇති වෙනස්ම තලයක් සිතුවම් කරන්නට ගත් උත්සාහය කි. එහි වර්ණවලින් නියෝජනය වන්නේ පිළිකුල් සහගත සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය යි. උක්ත ක්‍රම සම්ප්රදාය දශක ගණනාවක පටන් සිදු කළේ ජනවාර්ගික ගැටලු නම් මුලාවට මුවාවී සැබෑ ගැටළුවලට පැලැස්තර ඇලවීම යි. මේ රටේ අනාගතය වන්නේ අප විසින් පෝෂණය කළ ජනවාර්ගික අසමගිය යි. අවාසනාවකට මෙම ස්තරයන් දෙක ඉදිරි කාලය තුලදී ද මේ ආකාරයෙන්ම නඩත්තු වනු ඇත.”
ඡායාරූප : Sehan Kavinda
https://mirrorarts.lk/ar/news/5652-kalani-190813#sigProId9a2ca074de