මෙක්සිකෝවේ “ගීතයේ කුමාරයා” දිවියෙන් සමුගනියි
“ගීතයේ කුමාරයා” නමින් ප්‍රකට, ජනප්‍රිය මෙක්සිකානු ගායන ශිල්පී José José වයස අවුරුදු 71 දී අභාවප්‍රාප්ත වී තිබේ.
මෙක්සිකෝවේ වඩාත් ආදරණිය හඬක් ලෙස හඳුන්වමින්, එරට සංස්කෘතික අමාත්‍යංශය ඔහුගේ අභාවය පසුගිය 28 වැනිදා දැනුම් දී ඇත. අග්න්‍යාශ පිළිකාවකින් පිඩා විඳි ඔහු මියගොස් ඇත්තේ දකුණු ෆ්ලොරිඩාවේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.
කිහිපවරක්ම ග්‍රැමී සම්මාන සඳහා නිර්දේශ වූ José Joséගේ සංගීත දිවිය දශක 5ක කාලයක් දක්වා දිව යයි. ළයාන්විත කවි කතා කීමෙහි ප්‍රසිද්ධියක් ලත් මේ ගායකයා ගේය පද රචකයෙක් මෙන්ම විටෙක රංගන ශිල්පියෙක් ලෙස ද කටයුතු කළේ ය.
2004 වසරේ දී හොලිවුඩයේ Walk of Fame හි තරුවක් ඔහු නමින් වෙන්විය.
මෙක්සිකෝ අගනුවර පිහිටි José Joséගේ පිළිරුව අසලට රැස්වූ ජනයා ඔහුගේ හදිසි අභාවය පිළිබඳ ශෝකය පළ කරන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
https://mirrorarts.lk/ar/news/5843-jose-jose-190929#sigProIddae0d06b0d