ප්‍රවීන බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පී ටෙරී ඔ’නීල් අභාවප්‍රාප්ත වෙයි
60 ගණන්වලදී ලන්ඩනයේ ඇති වූ “Swinger Sixties” නම් සංස්කෘතික රැල්ලේ සුවිශේෂී මතකයන් සිය කැමරා කාචයට හසුකරගත් ප්‍රවීන බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පී ටෙරී ඔ’නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
දිගු කලක සිට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳි ඔහු මියයන විට 81 හැවිරිදි වියේ පසු විය.
රෝලින්ග් ස්ටෝන් සංගීත කණ්ඩායම, ඩේවිඩ් බෝවී, එල්ටන් ජෝන් සහ ක්වින් වැනි ජනප්‍රිය තරු ඔහුගේ තෙවැනි ඇසෙහි සටහන් වූ අතර ඡායාරූපකරණය උදෙසා කළ සේවය වෙනුවෙන් පසුගිය මාසයේ දී බ්‍රිතාන්‍ය රජයේ ඇගයීමට ද පාත්‍ර විය.
ටෙරී ඔ’නීල් ලබාගත් ඡායාරුප කිහිපයක් පහතින්,
https://mirrorarts.lk/ar/news/6031-teey-oneil-191118#sigProIdcbab03ecd5