සෝමවීර සේනානායක කියන්නේ, ප්‍රවීණ ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් පමණක් නොව අපේ රටේ ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන්ද කැප වූ සාහිත්‍යධරයෙක්.
ඔහු රචනා කළ 'යශෝරාවය' නවකතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු 'යශෝරාවය' ටෙලි නාට්‍යයද එකල බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වුණු 'දූ දරුවෝ' වගේම පළිඟු මැණිකේ, 'ගිරය' වැනි ටෙලි නිර්මාණද මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ සුවිශේෂි නිර්මාණ ලෙසින් අදටත් ඉහළින්ම වැජඹෙනවා.
කාලයක් ටෙලිනාට්‍ය කලාවෙන් දුරස් වෙලා සිටියද පසුගිය කාලයේ ඔහු අතින් රචනා වූ ටෙලි නාට්‍යයක් රූ ගැන්වුණු පුවතක් අපට අසන්නට ලැබුණා. ඒ නමින "එක ගෙයි මිනිස්සු"
"එක ගෙයි මිනිස්සු" ගැන සෝමවීර සේනානායක 'මිරර් ආර්ට්ස්' වෙතපැවසුවේ මෙන්න මේ වගේ දෙයක්.
”එක ගෙයි මිනිස්සු" ටෙලි නාට්‍ය මම ලිව්වේ අවූරුදු හයකට විතර පස්සේ මම ලිව්ව ටෙලිනාට්‍යක්.
විවිධ අභිලාෂයන්, අරමුණු, ආශාවන් ගෙන් යුක්ත මනුෂ්‍ය සමුහයක් සමාජයේ එක් පැතිකඩක් නිවසක සංකේතයක් ලෙසින් ගෙන එම නිවසේ වෙසෙන විවිධාකාර වූ මිනිසුන් ගැන කතා කරනවා.
මෙහි ප්‍රධානම කෙනා වන්නේ මවයි. සාමාන්‍ය පැලැන්තියේ මවක්, දිරිය කාන්තාවක් හැටියට අභියෝගවලට මුහුණ දෙන ආකාරයත් ඒ සියල්ල සමඟින් ඇය තම ඉදිරි ගමන යන ආකාරයත් ඒ තුළින් දැක්වෙනවා.
සෝමරත්න ගමගේ නිෂ්පාදනය කළ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ එක ගෙයි මිනිස්සු සෑම සතියේ දිනකම රාත්‍රි 8.35ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වෙයි.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/627-eka-gei-minissu#sigProIde698f5461b