“සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලියට රයිගම් ටෙලි සම්මාන නිර්දේශ 14ක්
හොඳම ටෙලි නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංගන ශිල්පියා සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු රයිගම් ටෙලි සම්මාන නිර්දේශ 14ක් තමන් සතු කරගැනීමට ප්‍රවීන අධ්යක්ෂ සුනිල් කොස්තාගේ “සුදු ඇඳගෙන කළු ඇවිදින්” ටෙලි නාට්‍ය පසුගියදා සමත්විය.
16 වැනි වරට සංවිධානය කෙරෙන රයිගම් ටෙලි සම්මාන උලෙළේ සම්මාන සඳහා නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීම කොළඹ, සෞන්දර්ය විශ්ව විද්‍යාල උපකුලපති සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ, කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වුණි.
ජනප්‍රියතම ටෙලි නාට්‍ය, ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය තෝරා පත් කරගැනීම සඳහා ප්‍රේක්ෂක මනාප පළ කිරීමේ අවස්ථාව ද එදිනම ආරම්භ විය. ඒ අනුව එළඹෙන 20 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් අදියර දෙකක් යටතේ දුරකථන කෙටි පණිවිඩ ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව ප්‍රේක්ෂකයා වෙත හිමි වේ.
“නිදහසේ 16” ලෙස නම් කර ඇති මෙවර සම්මාන උලෙළ මාර්තු 21 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිත ය.
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන සහ ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශ පහතින්,
https://mirrorarts.lk/ar/news/6414-raigam-teles-19-200302#sigProId137103be0a