“කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළට” තව දින 9 යි
දෙවැනි වරට සංවිධාන කරන “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළට” අරමුදල් එක් රැස් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.
මෙරට පළමු කාන්තා සිනමා අධ්‍යක්ෂණය වන ෆ්ලොරිඩා ජයලත්ගේ “ස්වීප් ටිකට්” සිනමාපටය ප්‍රදර්ශනය ද එදින සිදු කෙරුණි.
“කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ” සමාරම්භක උත්සවය එළඹෙන මාර්තු 15 වැනිදා කොළඹ, රීගල් සිනමාශාලාවේ දී පැවැත්වීමට නියමිත අතර ආරම්භ සිනමාපටය ලෙස කැනේඩියානු සිනමාවේදිනි සොෆී ඩිරස්පේගේ “Antigone” චිත්‍රපටය එදින පස්වරුවේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
සිනමා උලෙළ මාර්තු 22 වැනිදා දක්වා පැවැත්වේ.
කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැත්වුණු වැඩසටහනේ විශේෂ අවස්ථා මිරර් ආර්ට්ස් කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසිනි,
https://mirrorarts.lk/ar/news/6420-ciff-200306#sigProIdaea813b563