lan englan tam

පුවත්

'මන්දාරා' නළුනිළි කැළ අද මහරගමට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේ වන විට බොහෝ ප්‍රේක්ෂක ප්‍රජාවකගේ ආදරය ලබන 'මන්දාරා' චිත්‍රපටයට රංගනයෙන් දායක වන තාරකා කැළ මුණ ගැසීමට අවස්ථාවක් අද දිනයේ මහරගම අවට රසිකයින්ට අවස්ථාව උදා වී තිබේ.

ඒ අද (11) සවස 4.30ට මහරගම Amity Light සිනමා ශාලාවේ මන්දාරා සිනමා දර්ශනයට ඔවුන් සහභාගි වීම හේතුවෙනි. 2024 වසරේ අත්හළ නොහැකි චිත්‍රපටියක් ලෙස හඳුන්වන මන්දාරාහි සේමිණී ඉද්දමල්ගොඩ, චානුක ප්‍රබුද්ධ, මේඝ සූරියආරච්චි, චුලක්ෂි රණතුංග, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, මාධනී මල්වත්ත, ප්‍රියංකර රත්නායක, සහේලි සදිත්මා, ඉමානි කළුාරච්චි, දසුන් කොළඹගෙ, මේඝ කාවින්ද කොළඹගේ, ශ්‍රියානි කොළඹගේ රංගනයෙන් දායක වෙති.
ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන්, සිනමා නිර්මාණය රුවන් කොස්තා සහ නිෂ්පාදනය මහේන් පෙරේරාගෙනි. 

Back to top
Go to bottom

Popular News