lan englan tam

පුවත්

'සිකුරු හතේ' කට්ටිය 'කාසිවාසි' වැඩේට සෙට් වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෙරට සිනමා ඉතිහාසයේ සියවසකට වැඩි අතීතයකට හිමිකම් කියන 'ඉම්පීරියල්' චිත්‍රපට සමාගම ඔවුන්ගේ නව නිෂ්පාදනයේ වැඩ ඇරඹුවේ ඊයේ (10).

ඒ් බොරලැස්ගමුවේ ටැන්ගෝ ආපනශාලා පරිශ්‍රයේදී. ඔවුන්ගේ මුල්ම චිතපටය වූ සිකුරු හතේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ ගිරිරාජ් කෞෂල්‍ය මෙහි තිරනාටක රචකයා මෙන්ම ප්‍රධාන චරිතයද රඟපානවා. ඔහු රඟපාන්නේ අමරබන්දු නම් අවමංගල ව්‍යාපාරයක හිමිකරුවෙක් හැටියට.
අධ්‍යක්ෂණය කරන්නේ වී. සිවගුරුනාදන්. ඔහු ඉම්පීරියල් සමාගමේ පහ සමත් චිත්‍රපටයේ අධ්‍යක්ෂක.
ගිරිරාජ් සමඟ සරත් කොතලාවල, රොඩ්නි වර්ණකුල. ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, සංගීත් ප්‍රභූ, ලක්ෂ්මී දමයන්ති, අමන්ද්‍යා උත්පලී, නිරෝෂා තලගල ආදි රැසක් මෙහි චරිත මවනවා.
මේ මුහුරත් උලෙළ අවස්ථාවේ රසබර අවස්ථා එක්ක අපේ යූටියුබ් නාලිකාවට පිවිසෙන්න.

සිනමාවේදී අරුණ ගුණරත්න

Back to top
Go to bottom

Popular News