lan englan tam

පුවත්

යක්කල සංගීත ශිල්පියා ඝාතනයේ සුලමුල හෙළි වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගම්පහ, යක්කල ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක ගායකයකු සහ බේස් ගිටාර් වාදකයකු ඝාතනය කිරීමේ සිද්ධියේ සුලමුල අනාවරණය වී ඇති අතර සංගීත ශිල්පියා පහර දී මරා ඔහුගේ මළ සිරුර පෝර උරයක දමා යතුරුපැදියද සමඟ කිඹුලන්ට කෑම සඳහා අත්තනගලු ඔයට දැමූ දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් එක් අයකු එම සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියකු ලෙස ක්‍රියා කරන අතර අනෙක් තැනැත්තා ඔහුගේ මිතුරකු වූ ගරාජ් හිමියෙකු බව කියවේ.
රතුපස්වල පදිංචි 40 හැවිරිදි සුරංග නමැති සංගීත ශිල්පියෙකු මෙසේ ඝාතනයට ලක් වී ඇත.
මරා දැමුණු සංගීත කණ්ඩායමේ ගායකයා එම කණ්ඩායමේම ශිල්පියකුගේ බිරියක් සහ කණ්ඩායමේ ගායිකාවක් සමඟ අනියම් සබඳකමක් පවත්වාගෙන ගිය බව අනාවරණය කරගෙන ඇති අතර
ඒ සම්බන්ධයෙන් සංගීත කණ්ඩායමේම වාදන ශිල්පියකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමකදී හෙළිවී ඇත්තේ ඔහු සිය මිතුරකු සමඟ ඇති වූ බහින්බස් වීමකදී මිතුරා සුරංග නමැත්තාට යකඩ පොල්ලකින් පහර දීම හේතුවෙන් සුරංග නමැත්තා මරණයට පත්වී ඇති බවය.

හිරු නිව්ස් ඇසුරෙනි

Back to top
Go to bottom

Popular News