lan englan tam

පුවත්

වැඩට යන්නට පෙර....

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මව්වරුන් තමන් නියැලෙන රැකියාවට යෑම කොයිතරම් අසීරු කාරණයක්ද යන්න මෑතකදී විවිධ නිර්මාණ කෙරෙන් බෙහෙවින් දකින්නට ලැබෙන්නේ බොහෝ විට රැකියාවේ නියැලෙන මව්වරුන් සාපේක්ෂව වැඩි වෙමින් තිබීම හේතුවෙන් විය හැකිය.

මෙය තරාතිරමකින් තොරව සෑම මවක් සම්බන්ධයෙන්ම අසීරු අත්දැකීමක් බව පෙන්වන ඡායාරූප පෙළක් පසුගියදා කොලිවුඩයේ සුපිරි තරු නිළිය ලෙස විරුදාවලි ලත් නයන්තාරා විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.
ඒ සිය නිවුන් පුතුන් වන උයිර් සහ උලාග් සමග සිය රැකියාවේ කටයුතු සඳහා පිටත් වීමට පෙර ගෙවූ පැය කිහිපයක ඡායාරූප කිහිපයක් සමගිනි.
නයන්තාරාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි මෙය පළ කරනු ලැබ තිබුණේ 'වැඩට යාමට පෙර අවසන් කිහිපය පුතුන් සමග....' යනුවෙනි.

Back to top
Go to bottom

Popular News