lan englan tam

පුවත්

ටෙලිනිස NVQ 5 පාඨමාලාවකට යෝජනාවක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ටෙලිනාට්‍ය නිර්මාණය පිළිබඳව 'ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ පළමු පඨමාලාව එම සංසදය සඳහා ඉදි කිරීමට යෝජිත ගොඩනැගිල්ලෙහි පැවැත්වීමටත් පාඨමාලාව NVQ 5 දක්වා ගෙන යමින් ඒ සඳහා අධාපනික අගය එකතු කිරීමටත් අගෝස්තු ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ අගෝස්තු විධායක සභාවට යෝජනා වී තිබේ.

එම විධායක සභා රැස්වීම පසුගිය 07 වැනිදා පිළියන්දල වින්රිච් හෝටලයේදී පැවැත්වුණ අතර රූපවාහිනී කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු වැදගත් තීරණ රැසක් එහිදී ගෙන තිබිණි.
ඒ අනුව සංසදයේ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමත් ඒ මගින් ප්‍රවීණ හා නවක නිර්මාණ ශිල්පීන්ගේ වෘත්තීය අවශ්‍යතා රැසකට අවශ්‍ය සහාය ලබා දීමටත් අපේක්ෂා කරයි. විධායක සභාවේ ඒකමතික අනුමැතිය ඒ සඳහා හිමි වී තිබේ.
සංසදයේ අරමුදල් කමිටුවේ ප්‍රථම ව්‍යාපෘතිය වන "නෙයිනගේ සූදුව" වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ප්‍රගතිය, ඒ කෙරෙන් ලද ආදායම සභාගත කිරීම, සංසදයේ සාමාජිකයින් ප්‍රවර්ධනය කිරීම, ටෙලිනාට්‍ය කර්මාන්තයට අවශ්‍ය ‍රූගත කිරීමේ ඉසව්වල මිල ගණන් අඩු කර ගැනීමට කටයුතු කිරීම, නිර්මාණ ශිල්පීන්ට ඇති ගැටලු වෙනුවෙන් ඍජුව කටයුතු කිරීමට සංසදය මැදිහත්වීම වැනි යෝජනා එහිදී සාකච්ඡාවට ගෙන තිබිණි.
සභාපති - චන්දන ලියන ගුණවර්ධන, ලේකම් - සෙනේෂ් දිසානායක බණ්ඩාර, භාණ්ඩාගාරික -මාර්ක් ඇන්ටනී ප්‍රනාන්දු, පෙර සභාපති - ඩග්ලස් සිරිවර්ධන, උප සභාපතිවරුන් වන පරාක්‍රම නිරිඇල්ල හා සුරේෂ් අබේසේකර, උප ලේකම්වරුන් චන්දන සමරසේකර හා අරුණ ජයවර්ධන, සංවිධායක රාජා රණසිංහ, සංස්කරක චන්ද්‍රසිරි බෝගමුව, ප්‍රචාරක නිලධාරි කිත්සිරි හේවාගමගේ, විධායක සභිකයින් වන රවීන්ද්‍ර ගුරුගේ, වසත් චන්ද්‍රසිරි, සුනිල් කොස්තා, චන්දුල හදුගොඩ, ප්‍රසන්න ඉත්තෑපාන, දිලූපා ද අල්විස් යනාදීහු මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

Back to top
Go to bottom

Popular News