lan englan tam

පුවත්

ඇත්තටම දිනේශ් කොළඹගේ කෙනෙක් ඉන්නවද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
අසූව , අනූව දසකයන් දෙකෙන් එහෙක ඉපදිලා පොත් කියවන්න ඇබ්බැහි වුනු ළමෝ අතරින්, ඉස්කෝලෙ වයසෙදි සුළඟ වගේ ඇවිදින් මගහැරුනු උන් ඉන්නව නම් ඒ වැඩිදෙනෙක් වෙන්ඩ බෑ .

 මට කියවන්න හම්බවෙන සුළඟ වගේ ඇවිදින් පොතේ අයිතිකාරි වෙලා හිටියෙත් අක්කෙක්ම තමයි .

කාලෙ මගෙ ලඟම මිතුරා එක්ක ⁣සෙනෙහෙබර ඇසුරක උන්නු පාසල් වියේම අක්කෙක් මිතුරට ඒක දෙනව කියවන්න.ඔහු කියවලා මට දෙනවා.
මම කියෙව්වට පස්සෙ මගෙ මිතුරා පාසල් බස් එකකට නැගල අක්කට ආපහු පොත දීලා ලොකු හිනාවකුත් මූණෙ ඇඳගෙන එනවා මේ ලියන මොහොත වෙනකොටත් මට එදා වගේ මතක්වෙනවා.
ඊටපස්සෙ පොත හිඟවුනා,කාලෙකින් ආයෙ නව මුද්රණයක් ආවා.ඒක කලේ උපුල් ශාන්ත සන්නස්ගලගෙ සංහිඳ ප්රකාශන ආයතනයෙන්.
හැබැයි ඒකෙ පිටකවරෙ දැක්කහම සන්නටයි පිට කවරෙ හදපු කෙනාටයි දෙන්නටම ⁣අරුණි අක්කව මග හැරිලා කියලනම් තේරුනා.
සුළඟ වගේ ඇවිදින් වගේ කල්ට් රොමාන්තිකයක් නිර්මාණය කරලා ,ඒ කාලෙ කියවපු සහ අදටත් කියවන ⁣යෞවනයන්ගෙ ,තරුණයන්ගෙ හදවත් තුළ නොස්ටැල්ජියානු ප්රේමණීය හැඟීමක් නොසිදෙන විදිහට රෝපණය කරපු දිනේෂ් කොළඹගේ කියන්නෙ කව්ද ?
ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද ?
නැත්නම් ආරූඩ නමකින් පත්තරවලට ලියූ,කෙනෙක්ද ?
ඔහු ඒ නමින්ම හෝ වෙනත් නමකින් හිටියනම් ඔහුව දැකපු ,මුණගැහුනු අය ඉන්නවද ?
සමහරවිට ඔහුගෙ පැරණි පත්තර මිතුරො එක්ක තවම සබඳතාවයන් තියාගෙන ඉන්නව වෙන්නත් පුළුවන් ?
දැනට නම් ඔහු කිසිම තැනක නෑ ,පින්තූරයක්වත් නෑ .
ඔහු⁣ගෙ ලිවිල්ලට ආදරේ කරන පාඨකයො,සමහර පොත් ප්රකාශකයො වරින්වර ඔහුව හොයනවා වෙලාවකට පේනවා.
ඔහු සමහර විට ඇත්තටම,නිහඬවම ඉන්නව වෙන්නත් පුළුවන් ,හැබැයි ඒ නමෙන්ම නිහඬව ඉන්න පුළුවන් කමක් ලංකාව ඇතුළෙදි තියෙන්න නම් කොහොමටවත් විදිහක් නෑ..
නැත්නම් ෂෙහාන් කරුණාතිලකගෙ ප්රදීප් මැතිව් වගේ විදෙස් රටකට වෙලා තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නවද ?
දිනේෂ් කියන්නෙත් ප්රදීප් මැතිව් වගේම අබිරහසක්ද ?
ඒ අබිරහස ඒ විදිහටම තිබුනත් විසඳුනත් සුලඟ වගේ ඇවිදින් තවතවත් කල්ට් සුන්දරත්වයක් කරා ගමන් කරන එක නවත්තන්න නම් කාලයටවත් බැරිවේවි !
 
නිරෝෂ් ගුණසේකර
Back to top
Go to bottom

Popular News