lan englan tam

පුවත්

පියුමිට Certificate of Complication

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පියුමි ශ්‍රීනායක රංගන ශිල්පිනිය සංකූලතා සඳහා සහතිකපත්‍ර (Certificate of Complication - Certificate in Herbal Whitening Products Manufacturing) පාඨමාලාවක් අවසන් කර තිබෙන බවට ඊයේ (14) ඡායාරූප පළ කරනු ලැබ තිබිණි.

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල අවධානයට ලක් වූ සහ ඇතැමුන්ගේ විවේචනයට ලක් වූ පියුමි බ්ලීචින් නැති ක්‍රීම් සෑදීම ගැන පිළිබඳව පළ කළ වීඩියෝවක් හේතුවෙන් බෙහෙවින් කතාබහට ලක් වූවාය.
කෙසේනමුත්, ඇය එම වීඩියෝව නිකුත් කර ඇත්තේ සිය පාඨමාලාව අතරදී බව ඒ අනුව වටහාගත හැකිය.
වගකීමකින් තොරව සාදන ක්‍රීම් අලෙවියට කටයුතු කිරීමෙන් පියුමි තරුණියන් රැවටීමට කටයුතු කරන බව එහිදී බොහෝ දෙනෙකු චෝදනා කර තිබූ අතර ක්‍රීම් සෑදීමේදී වන රසායන සංයුතියේ තත්ත්වයන් ඇය සිය වීඩියෝවෙන් පෙන්වා තිබිණි.
කෙසේනමුත්, රංගන ශිල්පිනියක හැටියට කටයුතු කරන ඇය මෙම පාඨමාලාව කළේ ඇයි යන්න පිළිබඳව සැකෙවින් පහදා නොමැත.

Back to top
Go to bottom

Popular News