lan englan tam

පුවත්

වැඩියෙන් කතා කරන නාට්‍යයේ මගහැරුණු අධ්‍යක්ෂක

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
'Take Care නාට්ය සම්බන්දයෙන් යන කතාබහේදී එහි පිටපත්රචක සහ අධ්යක්ෂ Anushka Rasanjana De Silva සහෝදරයා ගැන කතාබහට ලක්වෙනවා අඩුද කියලා මට හිතෙනවා. මට මේක දැනෙන්නේ මමත් රචනය සහ අධ්යක්ෂණය කියන කොටසේ ඉන්න නිසා වෙන්න පුළුවන්. ඉතිං අනෙක් ශිල්පීන් ගැන හොඳ කතාබහක් තියෙන නිසාම ඒ අයට සුබපතමින්ම අනුෂ්කත් මේ සාකච්ඡාව ඇතුලෙම කියවාගන්නවානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ....

මේ නාට්යයේ ඉතා ප්රශස්ත රංගනයන් සහ දෙබස් සියල්ලේම නිර්මාතෲ අනුෂ්ක. දිනක්ෂි වැනි ශිල්පිණියකගේ රංගනයේ මේ පරාසය අපිට හම්බවෙලා තිබුණේ නැති එකක්. ඒ පරාසය ඇගෙන් එළියට ගැනීම ගැන මම අනුෂ්කට ස්තූති කරන්නම ඕනෙ. ඊළඟට රෙබෙකා සහ සාරංග ඇතුළු අනෙක් ශිල්පීන්ගේ ඉදිරිපත්කිරීම්. — with Anushka Rasanjana De Silva.

තවමත් අවිවාහකයෙක් වන අනුෂ්ක මේ Early Middle Age හැසිරීම අල්ලගත්ත තැන සහ ඒවා පිටපතකට සංශිප්ත කරගෙන නාට්යානුසාරයෙන් ඉදිරිපත්කරන විදිය තමයි මටනම් ඉතාම විශිෂ්ඨ දේ මෙතැන.
ඒ නිසාම එහි අනික් ශිල්පීන්ගේ දක්ෂතා අගයකරන අතරම තම පළමු පියවරම ඉතා බරට තැබූ දක්ෂ තරුණ පිටපත් රචකයා සහ අධ්යක්ෂවරයා ගැනත් ඔබේ සංවාදයට ඇතුලත් වෙන්න ඕනෙ කියලා මම හිතනවා....
මම හරි ආසයි අනුෂ්කගේ ඊළඟ වැඩේ දිහා බලාගෙන ඉන්න...
මේ අපූරු වැඩේ වෙනුවෙන් සමස්ත කණ්ඩායමටම සුබපැතුම්....
 
'කූඹියෝ' ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නගේ Facebook සටහනකි
Back to top
Go to bottom

Popular News