lan englan tam

පුවත්

ඡන්දෙ කාලේ සමාජ මාධ්‍යයෙන් අපහාස කළොත් අමාරුවේ!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනාධිපතිවරණ සමයේදී සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශන හා විවිධ මාධ්‍ය හුවමාරු කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් පුද්ගලයින්ට අපහාස වන පළ කිරීම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් වන ලෙස එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කරයි.
ව්‍යාජ ගිණුම් ඔස්සේ පළ කරන පළ කිරීම් හුවමාරු කිරීම මගින්ද පුද්ගලයින් මැතිවරණ නීතිය යටතේ වරදකට හසු විය හැකි බවද ඔහු සඳහන් කරයි.

එවැනි සිද්ධි සම්බන්ධයෙන් ලැබෙන සියලු පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද චරුක දමුණුපොල මහතා පැවසුවේ ය.

Back to top
Go to bottom

Popular News