lan englan tam

පුවත්

මිෂෙල් - එල්රෝයි පෙම් කතාව 'ආදිරන්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය, තරුණ රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා සිය මීළඟ චිත්‍රපටය 'ආදිරන්' සඳහා එහි ප්‍රධාන නළු එල් රෝයි අමලදාස් සමග පෙනී සිටින පළමු පෝස්ටරය නිකුත් කර තිබේ.

දෙමළ භාෂාවෙන් නිර්මාණය වන 'ආදිරන්' මිෂෙල්ගේ පළමු දෙමළ චිත්‍රපටය වේ. 'ආදිරන්' එක් පෝස්ටරයක් මීට දින කිහිපයකට පෙර නිකුත් කරනු ලැබ තිබිණි.
දිනේශ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන, ඇන්ටන් ඩිලාසෙල්ප් විසින් නිෂ්පාදන දායකත්වය දෙනු ලබන චිත්‍රපටයේ ඉන්දීය සිනමා කර්මාන්තයද සමග කටයුතු කරන ශ්‍රී ලාංකික නිර්මාණකරු ජෙනෝසන් රාජේස්වර් දෙබස් නිර්මාණයෙන් සහ සම-අධ්‍යක්ෂණයෙන් දායකත්වය දක්වයි.
මිෂෙල් මෙම පෝස්ටරයේ මලයාලම් නිළියක ලෙස පෙනෙන බවට මේ වන විට බොහෝ දෙනා ප්‍රතිචාර දක්වමින් තිබේ.

459087039 10233605442545671 4249010568018699929 n

Back to top
Go to bottom

Popular News