lan englan tam

පුවත්

මේ කෙටි කාලේ රවී සුව වෙනවා දකින්න ආසයි; ප්‍රීති රන්දෙණිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"රවී වගේම මමත් අද වියපත්. ජීවිතයේ තව ටික කාලයක් අපි දෙන්නටම තියෙනවා. ඒ කාලය තුළ රවීට හුඟාක් හොඳින් ඇවිදින්න ලැබිලා රවී සුවපත් වෙනවා දකින්න මම හරි ආසයි."

ගේය පද රචිකාවියක, කිවිඳියක ලෙස රසික සිත් අතර නිධන් වූ ඇය ප්‍රීති රන්දෙණියයි. ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණියගේ බිරිඳ වන්නීද ඇයයි.
පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් ඇය පසුගිය දිනක ඉහත කතාව පවසා තිබුණාය. ජීවත් වන කෙටි කාලයේ සිය සැමියා සුවපත් වීම තම ප්‍රාර්ථනය බව එම සාකච්ඡාවේදී ඇය පවසා තිබුණාය.
"ඒක මගේ පැතුමක්. මම හැමදාම උත්සාහ කළේ වචනයකින්වත් කාගෙවත් හිතක් නොරිදවා ඉන්න. අදත් එහෙමයි. මම ආසයි අද දරුවන් නව පරපුර තමන්ගේ දක්ෂතා ඔස්සේ වටිනාකම් රැකගෙන ලස්සන ගමනක් යනවා දකින්න. මරණය කොයි විදිහට මාව හොයාගෙන එයිද මම දන්නෙ නෑ. මම ප්‍රාර්ථනා කරන්නේ සුවදායක වෙහෙසකර නොවන මරණයක්. ඇත්තටම මම දැන් ජීවිතය තුළ පරිණත ගැහැනියක්. සතුට තමයි තවදුරටත් මගේ ප්‍රාර්ථනාව. දෛවය හෝ අපිට නොපෙනෙන බලවේගයන් තියෙනවා අපේ ජීවිතය පාලනය කරන, මෙහෙයවන. ඒ කවරකට හෝ මෙතෙක් මට දුන් ජීවිතයට මම ස්තූතියි කියලා කියනවා." යැයිද ප්‍රීති රන්දෙණිය වැඩිදුරටත් පවසා තිබුණාය.

සංජීවිකා සමරතුංග - සුමුදු හේවාපතිරණ (දේශය)

Back to top
Go to bottom

Popular News