lan englan tam

පුවත්

ගැලුනම ලේසිම නෑ ඇලුනම!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අප අතරින් වෙන්වූ සේනක බටගොඩ විසින් කරන ලද නිර්මාණයක් මෙසේ සිහිපත් කරන්නේ ජීවිතයේ යථාර්ථය සිහිපත් කිරීමත් ඒ තුළ අව්‍යාජ වීමත් සිය නිර්මාණ තුළින් සැමා විටම පැවසීම හේතුවෙනි. ගමික සුරංගීත් විසින් සිහිපත් කරනු ලැබ තිබිණි.

උඩු තොල ගාවට ලුණු දිය පිරුණා
දැනෙන්නෙ නැති තරමට
දුවනව අඳුරේ තෙරපී තරඟේ
අත පත ගාගෙන
නෑ කිසිවක් හඳුනන්නේ
නෑ කිසිවක් වැටහෙන්නේ
මා නොදැනිම හිත ඉල්ලන දෙය

සැනසුම....
හොයනව යන යන තැන.
සැනසුම....
දැනෙනව ඇති තැන.
දෝරෙ ගලා යන සෙනෙහසමයි
සැනසුම.

අපි ගැන
දන්නවානම් අපි හැම
නුඹ ගැන
දැනේවි පරතෙරටම

මට විස්වාසයි ඒ තැන තියෙනව
සැනසුම
වරදින තැන් හඳුනාගෙන
ජීවත් වෙන අය ලබනවා විඳිනවා
සැනසුම

බැලුවම
ඇලෙනව හැම තැන
ගැලවුම
ලේසිම නෑ ඇලුනම...

- සේනක බටගොඩ

Back to top
Go to bottom

Popular News