lan englan tam

පුවත්

"මඩොල්දූව" ගුවන් විදුලි නාට්‍යය යළිත් SLBCයෙන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"මඩොල්දූව" ගුවන් විදුලි නාට්‍යයේ නව නිෂ්පාදනය පිළිබඳ මාධ්‍ය හමුවක් සැප්තැම්බර් අද (12) උදෑසන ගුවන්විදුලි සංස්ථා සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

මීට දශක පහකට පෙර "මඩොල්දූව" ගුවන්විදුලි නාට්‍යයේ ප්‍රථම නිෂ්පාදකවරයා වූ වත්මන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
තෙවැනි වරට කෙරෙන "මඩොල්දූව" ගුවන්විදුලි නාට්‍ය මාලාවේ මෙවර නිෂ්පාදනය සිදු කරනුයේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් මහත්මිය වේ.
ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචක කරුණාරත්න අමරසිංහ මහතා සහ ප්‍රථම නිෂ්පාදනයට හඬ රංගනයෙන් දායක වූ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් වන පරාක්‍රම පෙරේරා සහ රෝහණ සිරිවර්ධන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වීමට නියමිතව තිබිණි.

 

Back to top
Go to bottom

Popular News