මෙවර “mirror arts”කතා බහ සමඟ එක් උනේ ඔබ හොඳින්ම දන්නා ජනප්‍රිය චරිතයක්.
ඇය නමින් ගයාත්‍රි ඩයස්.
ටෙලි නාට්‍ය සහ සිනමාව තුළින් රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඇය සමත් වූ ඇය අද වන විට සාර්ථක ව්‍යවසායිකාවක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඒවගේම ඇය දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්.
ඉතින්, මෙවර ‘mirror arts’ කතා බහ සම්පූර්ණයෙන්ම වෙන් උනේ ගයාත්‍රි ගේ ජීවිතයේ සන්ධිස්ථානයන් ගැන කතා කරන්න.
මේ කතාබහ තුළින් ඇය සිය ජීවිතයේ සොදුරුතම මෙන්ම අසීරුතම කල පරිච්ඡේදයන් ගැනත් ඇගේ හඬ අවදි කළා.
ඇගේ ජීවන අත්දැකීම් ඇසුවහම එහි ආරම්භය රෝස මල් යහනාවක් මත ගොඩ නැගුණක් නොවන බව නම් පැහැදිලියි.
ඇය නම් කිවුවේ, අද වන විට විවිධ බාධක, අභියෝග පසු කරමින් ඇය සිය ජීවන ගමනේ යම් සාර්ථක කඩඉමකට පැමිණ සිටිනවා නම් ඒ තමාගේ වාසනාව නිසානම් නොව සිය අප්‍රතිහත උත්සාහය නිසාම බවයි.
ඒ වගේම ඇගේ අදහස් හරිම ප්‍රායෝගික හා යථාර්තවාදී බව අපට හැගුණා. එහෙම වෙන්නේ ඇය විවිධ න්‍යායන්, සංකල්ප තුළින් ජීවිතය සොයා යනවාට වඩා තම ජීවිතයට ශක්තිමත්ව මුහුණ දීම තුළින්ම ලබා ගත් ජීවිතාවබෝධය නිසා බවයි අපගේ හැගීම.
ජීවිතය අලුතෙන් පටන් ගන්න හදන, ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තුවක් සොයන ඕනෑම කෙනෙකුට නැවැත ජීවිතය දෙස ධනාත්මකව බලන්න මේ කතා බහ නිසැකවම උදවුවක් වේවි.
ඉතින්, ඔබට ආරාධනා කරනවා ගයාත්‍රි ඩයස් සහභාගී වූ මේ රසවත් කතා බහ නරඹන්නට එක්වන ලෙස.
මෙහි සම්පූර්ණ කතා බහ දැන් ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඔබට නරඹන්න පුළුවන්.
කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.
වීඩියෝව නරඹන්න පහතින්.



