මෙවර තවත් “mirror arts”කතා බහක් සමඟ එක් උනේ මෙරට කණ්ඩායම් සංගීතයේ ප්‍රවීණ චරිතයක් වගේම දක්ෂ රිදම් ගිටාර් වාදකයෙක්.
ඔහු නමින් රන්ශ්‍රී ජයවර්ධන. වර්තමානයේ ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “ඕරා” සංගීත කණ්ඩායමේ නායකයා වන්නේ ද ඔහුයි.
දීර්ඝ කාලයක් තිස්සේ මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් ඇති ඔහු වසර 10 කට අධික ප්‍රමාණයක් ලංකාවේ ප්‍රමුඛ සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන රිදම් ගිටාර් වාදකයා ලෙස ද කටයුතු කළා.
ඉතින් ,මෙවර “mirror arts” කතා බහට එක් වෙමින් ඔහු සිය සංගීත දිවියේ අත්දැකීම් බෙදා හදා ගත්තේ ඉතා රසවත් කතා බහකට මුල පුරමින්.
සංගිත දිවිය හරහා ලැබූ අත්දැකීම් සිය ජීවිතයට පන්නරයක් කර ගත් ඔහු එක්වූ මේ කතා බහ, සංගීත දිවියේ ඉදිරියට යන්නට පෙරුම් පුරණ නවකයන්ට පමණක් නොව,
අභියෝග ජයගනිමින් ජීවිතයයට ශක්තිමත්ව මුහුණ දුන් ප්‍රවිණ වාදන ශිල්පියෙකුගේ දිවි ගමනේ අපූර්ව සන්ධිස්ථානයන් දැනගැනීමට ප්‍රිය කරන ඕනෑම කෙනෙක්ට ඉතා වැදගත් කතා බහක් වනු ඇති.
දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රවීණ සංගීත ශිල්පී රන්ශ්‍රී ජයවර්ධන එක්වූ සම්පූර්ණ සාකච්ඡාව නැරඹීමට පුළුවන්.
මෙවර කතාබහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.
වීඩියෝව නරඹන්න පහතින්.














