lan englan tam

C Chatඑක

“මමත් මහපාරෙන් ආව චිත්‍ර ශිල්පියෙක්” - ප්‍රගීත් රත්නායක (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ උනේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායකයි.

කලාවට පිවිසීමේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රාදේශීය චිත්‍ර ශිල්පියෙකු වන වන සිය පියා (විලී රත්නායක) ගෙන් චිත්‍ර කලාව පිළිබඳව සුහුඹුල් ආභාෂය ලබන ඔහුට සිය වැඩිමහල් සොහොයුරු ප්‍රවීණ දෘශ්‍ය කලා ශිල්පී සුජිත් රත්නායකගෙන් ලැබුන ආභාෂයද ඉහළයි.

විශ්ව විද්‍යාලය තුළින් හා විධිමත් හැදෑරීම් තුළින් මෙන්ම ක්ෂේත්‍රයට පිවිසීම හරහා ලැබූ අත්දැකීම් තුළින් සිය කුසලතා වර්ධනය කොටගත් ප්‍රගීත් රත්නායක,

අද වන විට මෙරට දෘශ්‍ය කලාකරුවෙකු ලෙස ප්‍රකට නමක් දිනා ගැනීමට සමත්ව තිබෙන සම්මානනීය කලා කරුවෙකු ලෙස හැදින්විය හැකියි.

 

ඉතින්, මෙවර කතා බහ සමග එක් වෙමින් ප්‍රගීත් රත්නායක සිය කලා දිවියේ සන්ධිස්ථානයන් පිළිබඳව මෙන්ම චිත්‍ර කලාව පිළිබඳව ඉතා වැදගත් කරුණු රැසක් සාකච්ඡා කළා.

චිත්‍ර කලාව පිළිබඳ මෙහිදී කතා බහට ලක් වූ මාතෘකා අතර,

ලංකාවේ චිත්‍ර කලාව අධ්‍යයනය පිළිබඳව පවතින ආයතනගත රාමුව මෙන්ම ඊට පිටතින් තිබෙන දැනුම් ක්ෂේත්‍රය,

කලාව පිළිබඳව රාජ්‍ය මැදිහත් වීම මෙන්ම පෞද්ගලික අංගයේ ක්‍රියාකාරීත්වය,

වර්තමානයේ ගෝලිය වෙලඳ පොළ තුළ චිත්‍ර කලාව කේන්ද්‍ර ගත වී ඇති ආකාරය.., වැනි මාතෘකා විශේෂයි.

එමෙන්ම මෙවර කතා බහ නරඹන ඔබට ලංකාවේ සහ ගෝලීය වශයෙන් චිත්‍ර කලාව හා බැදුණු එහි වාණිජ පැති කඩ පිළිබඳව මෙන්ම එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද නිරවුල් අදහසක් ලබා ගැනීමට හැකි වේවි.

චිත්‍ර කලාව පිළිබඳව අධ්‍යනය කරන සැමට මෙන්ම චිත්‍ර කලාව රස විදින්නට ප්‍රිය කරන සැමට වැදගත් වන අපූර්ව අදහස් පෙළක් මීට ඇතුළත්.

මෙම ප්‍රවීණ චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක සහභාගී වූ සම්පූර්ණ කතා බහ දැන් ඔබට mirror arts යූ ටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහළින්>>>

 

 

Back to top
Go to bottom