lan englan tam

C Chatඑක

“මගේ කුසලතාවයන් ගොඩාක් තව හැංගිලා තියෙනවා” - යශෝධා විමලධර්ම (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රිදී තිරයේ, පුංචි තිරයේ අහිංසකාවිය ලෙස හැදින්වීමට ලක්වූ  ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම යි මෙවර ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ උනේ.

බන්දුල විතානගේගේ “හිරු දහස” වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය වේදිකාව, පුංචි තිරය, සිනමාව යන අංශ ත්‍රිත්වයේම සිය රංගන කුසලතාවය ප්‍රකට කරන්නට සමත් උනේ සම්මානනීය මෙන්ම රසික හදවත් තුළද ආදරණීය ලෙස සනිටුහන් වෙමින්.

‘ගුරු ගෙදර’, ‘මාරුතය’, ‘අග්නි දාහය’, ‘වෛෂ්ණාවි’, ‘සමනල සංධ්වනිය’..වැනි සිනමා නිර්මාණ මෙන්ම ටෙලි නිර්මාණ රැසක් හරහා ඇය ප්‍රකට කල රංගනයේ සුවිශේෂත්වය අදටත් ඇයට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ආදරයෙන්ම පැහැදිලි වනු ඇති.

පසුගිය කාලයේද ‘සිංහභාහු’ චිත්‍රපටය, ‘තණමල්විල කොල්ලෙක්’ (ටෙලි නාට්‍ය) වැනි නිර්මාණ හරහා ඇය ප්‍රේක්ෂකයන්ට සමීප උනා.

 

ඉතින්, මෙවර ‘mirror arts’ සාකච්ඡාව ඇගේ රංගන චාරිකාවේ අපූර්ව අත්දැකීම් ගැන කතා කරන්නට මෙන්ම ඇගේ දිවි ගමනේ සන්ධිස්ථානයන් ගැන කතා කරන්නට එක්වූ මොහොතක් බවට පත් උනා.

රවිලාල් විමලධර්ම, මල්ලිකා විමලධර්ම යන ඇගේ පියා සහ මව ගැන මතකය යළි අවධිවූ මෙවර කතා බහ ඇයට රංගනයේ ඉදිරියට යාමට මග පෙන්වූ කලා ලෝකයේ බොහෝ චරිත ගැන කතා කළා.

යශෝධා විමලධර්ම එක්වූ මේ රසවත් කතාබහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාළිකාව හරහා නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

සම්පූර්ණ වැඩසටහන නරඹන්න පිවිසෙන්න පහළින්>>>

 

 

Back to top
Go to bottom