මෙවර ‘mirror arts’කතා බහ සමග එක් වූයේ ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්.
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස වාර්තා අතරට එක්වූ ඔහු මීටර් 100 ධාවන ඉසවුව තප්පර 10 කට අඩු කාලයකින් නිම කළ (9.96) ප්‍රථම සහ එකම ශ්‍රී ලංකිකයා මෙන්ම අකුණු ආසියානු ක්‍රිඩකයායි.
ඔහු ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණ අතර 2022 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනාගත් ලෝකඩ පදක්කම ඉහළින්ම සනිටුහන් වෙනවා.
ඉතින්, මේ වන ඉතාලියේ සිය පුහුණුවීම් කටයුතු වල නිරතව සිටින ඔහු ලංකාවට පැමිණ ලද විරාමයකදී ‘mirror arts’ සමග සම්මුඛ වෙමින් සිය ක්‍රීඩා දිවියේ මෙන්ම ජීවන ගමනේත් සන්ධිස්ථානයන්, අත්දැකිම් අපත් සමග බෙදා හදා ගත්තා.
පාසල් ක්‍රීඩකයෙකුගේ සිට අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු දක්වා ඔහු පැමිණි අභියෝගාත්මක ගමන් මග පිළිබඳව බොහෝ මතකයන් ඔහු කතාබහේදී අවධි කළා.
වෘත්තීය ක්‍රීඩකයෙකු සතු විය යුතු විනය සහ කැපවීම ගැන ඔහු පළ කළ අදහස් ක්‍රීඩාවෙන් පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයකින් ඉහළටම යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට බෙහෙවින් වැදගත් වේවි.
ක්‍රීඩාව සදහා පුහුණු කරුවෙකු කොතරම් වැදගත් වන්නේද? යන්න වග මෙන්ම රජයෙන් ක්‍රීඩාවට ලැබිය යුතු දායකත්වය ගැනත් ඔහු සිය අත්දැකීම් අසුරින් පැහැදිළි කළා.
එමෙන්ම යුපුන්ගේ ඉදිරි බලාපොරොත්තුත් ගැනත්, ක්‍රීඩාවේ ඉදිරි ගමන වෙනුවෙන් ඔහු දීමට බලාපොරොත්තු වන දායකත්වය ගැනත් යුපුන් අපත් සමග පැවසුවා.
ශ්‍රී ලාංකික ධාවන ශූර යුපුන් අබේකෝන් එක් වූ මේ සම්පුර්ණ කතා බහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.
කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.
වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>>


