lan englan tam

C Chatඑක

“ෆාදර් - Father” චිත්‍රපටයේ තියෙන සෑම සිදුවීමක්ම මේ මහපොළොවේ සිද්ධ උන දේවල්..’’ - චමින්ද ජයසූරිය (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

“ෆාදර්” චිත්‍රපටයේ තිබෙන සෑම සිදුවීමක්ම මේ මහ පොළවේ සිදු වූ සත්‍ය කාරණා බව ද තමන් සිතා නිර්මාණය කළ දේවල් නොවන බවත් ‘ෆාදර් - Father’ අධ්‍යක්ෂක චමින්ද ජයසූරිය පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ මෙවර  'mirror arts' (behind the lense) වැඩසටහන සමග විශේෂ කතා බහකට එක්වෙමින්.

ඒ වගේම අද (08) දිනයේ ‘ෆාදර් - Father’ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වෙන්නට නියමිතයි, හෙට (09) සිට දිවයින පුරා සිනමා ශලා වලදී මේ චිත්‍රපටය නරඹන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වෙනවා.

ඉතින්,චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ අභිමුව තිබෙන මොහොතකයි චමින්ද ජයසූරිය චිත්‍රපටය ගැන කතා කරන්න එක් උනේ.

1970 – 1990 අතර සිදු වෙච්ච සත්‍ය සිදුවීම් මාලාවක් පාදක කර ගෙන නිර්මාණය වූ මේ චිත්‍රපටයේ නිර්මාණ කාර්යයේදී ඔහු ලබපු අත්දැකීම් කතාබහේදී අපත් සමග බෙදා හදා ගත්තා.

එමෙන්ම චිත්‍රපටය නිර්මාණය කරන්න එකතු උන හැමෝගෙම දායකත්වයෙන් අපූර්ව සිනමා කෘතියක් නිර්මාණය වූ ආකාරය ඔහු විස්තර කළා.

ඒ වගේම හෙට(09) සිට මේ සිනමා නිර්මාණය නරඹන්න එන්න කියලත් සෑම සියළු ප්‍රේක්ෂකයන්ටම කරුණික ඉල්ලීමකුත් සිදු කළා.

චමින්ද ජයසූරිය සහභාගි වූ මේ සම්පූර්ණ කතා බහ දැන් ඔබට  'mirror arts' යූ ටියුබ් නලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

Back to top
Go to bottom