සිය වයසට වඩා පැසුණු, ලිංගිකත්වය හුවා දක්වන චරිත රඟ දැක්වීමට යොවුන් හොලිවුඩ් තාරකාවන්ට බල කිරීම අසාධාරණ බව “ගේම් ඔෆ් ත්රෝන්ස්” ඇමරිකානු ටෙලි මාලාවේ ආර්යා ගේ චරිතයට පණ පොවන යොවුන් රංගන ශිල්පිනි මෙසී විලියම්ස් පවසයි.
තමන්ට එසේ කිරීමට නොලැබීම පිළිබඳ සතුටට පත් වන බව මෙසී ප්රකාශ කර ඇත.
සන්ඩේ ටයිම්ස් ස්ටයිල් සඟරාව වෙත අදහස් දක්වමින් ඇය මෙසේ පවසා තිබේ.
“ ඇසට රසඳුනක් වෙන චරිතයක් Game Of Thrones හි රඟ පෑමට නොලැබීම මගේ වාසනාවක්. තවමත් යොවුන් වියේ පසුවන නිළියකට එයට හුරු වීමට තරමක් අසීරුයි. නමුත් ඒ වගේ චරිත කරන්නට යොමු කිරීමේ ප්රවණතාවය වැඩියි. ඒ මොකද කියල දන්නවනේ, ‘තරුණ කාමුක ස්ත්රියකට’ හොලිවුඩයේ ඉල්ලුම වැඩියි,”
මෙසී, Game Of Thrones හි ආර්යා ස්ටාර්ක්ගේ චරිතය රඟ දැක්වීම ආරම්භ කරන විට ඇයට වයස අවුරුදු 12 ක් විය. දැන් ඇගේ වයස අවුරුදු 20 කි. නමුත් ඒ අවදියේදී තමන් මිට වඩා නිර්භීත වූ බව මෙසී පවසයි.
“ අවුරුදු 12 දී මම බය නැහැ, ඒ වගේම කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මම එයින් සතුටු වුණා. ඒත් ටෙලි මාලා එකින් එක ඉදිරියට යන විට පීඩනය තරමක් වැඩි වුණා. හැමෝගේම හිතේ විශ්වාසයක් තිබෙනවා. වැඩිවියට පැමිණීමත් සමගයි එය ඇති වන්නේ. මට ඒ සියල්ලම හිසරදයක් වුණා. මගේ විශ්වාසය නැතිව ගියා. ඉතින් නැවතත් එය ක්රමයෙන් ලබා ගැනීමට මම උත්සහ කරනවා,”
“පළමු අවුරුදු දෙක ඉතාම අවුල්සහගතයි. මම ආපස්සට හැරිලා බලනකොට මට හිතෙන්නේ මම සතුටින් හිටියේ නැහැ කියලා. මොකද මට එතරම් යහළුවෝ හිටියේ නැහැ. මම පාසල් ගියේ නැහැ. ගොඩක් වැඩ කළා. ඒක හරි පුදුම කාලයක්. මට මතක විදියට Game Of Thrones ටෙලි මාලා 2 හෝ 3 දී තමයි එහෙම වුණේ. Game Of Thrones වැඩ කරපු හැමෝම මා ගාවට ඇවිත් කියන්න පටන් ගත්තා ‘ඔයාගේ ජිවිතේ වෙනස් වෙන්නයි යන්නේ’ කියලා. ඒත් මට ඒක එතරම් ලොකු දෙයක් වුණේ නැහැ. ‘මට වෙනස් වෙන්න ඕන නැහැ. මේ විදියටයි මම ජිවිතේ විඳින්නේ’ ඒ දවස් වල මගේ මතය වුණේ ඒකයි.