වහෙන් ඔරෝ නැතිව කෙළින් එන්න කියලා කියමනක් තියෙනවා. අපි මේ කතාකරන්නෙ වහෙන් ඔරෝ නැතිව කෙළින්. මේ රටේ බහුතරයක් ටෙලිවිෂන් පේ්රක්ෂකයෝ සමානයි මේ රටේ ජන්ද දායකයො. මේ ජන්ද දායකයෝ පාර්ලිමේන්තු යවලා තියෙන බොහෝ අය අටපාස් නැති අය. මේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මේ රටේ මිනිස්සු සම්බන්ධව තීන්දු තීරණ ගන්න අය. අට පාස් වෙච්ච නැති අය රටක ජනතාව වෙනුවෙන් තීන්දු ගන්න කොට මේ මිනිස්සු යවපු බහුතරයක් මිනිස්සු ටෙලිවිෂන් එකෙන් බලන්නේ පේ‍්‍රම දඩයම සහ සිඳූ.
අපි මේ කතා කරන්නේ පේ‍්‍රම දඩයම ගැන නෙමේ.මොකද ඒක මේ ලෝකෙ ඇස් දෙක පේන, කන්දෙක ඇහෙන, අයන්න ආයන්න කියවන්න පුළුවන් ඔිනෙම කෙනෙකුට මේ කතාව තුළ සිදුවන සිදුවීම් මේ ලෝකෙදි සිදුනොවන සිදුවීම් බව තේරුම් ගන්න හැකියාවක් ඇති නිසා. නමුත් අපේ මේ ජන්ද දායකයෝ එහෙමත් නැතිනම් ටෙලිවිෂන් පේ්රක්ෂකයො නොවරදවාම නරඹන පේ‍්‍රම දඩයම ට තරගයක් දෙන්න සිඳු කියලා ටෙලි නාට්‍යක් එනවා. සිඳු වඩා ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ මෙහි පොඩි නම නිසා. මේ පොඩි නම යනු මෙරට සාමනේර භික්ෂුව නියෝජනය කරන්නෙක්. මේ පොඩි නම වඩින වැඩිල්ල ගැන බොහෝ අය කතාවෙනවා. මේ රටේ බහුතරයක් කාන්තාවෝ මේ පොඩි නම ඉන්න සිඳු බලන්නේ කඳුළු ඇස්වල පුරව ගෙන. මේ පොඩි නමට ජන්දෙ ඉල්ලන්න පුළුවන්කමක් තිබුනනම් ඒ පොඩි එකා ඊගාව මැතිවරණයකදි වැඩි ජන්ද අරගෙන පාර්ලිමේන්තුවට තේරෙනවා.
ජැක්සන් ඇන්තනී කියපු විදිහටනම් මේ කොලු පැටියා එයාලට කරන්න බැරි වෙච්ච වැඩේ අපූරුවට කරලා තියෙනව.ජැක්සන් ඒ කියන්නේ රංගනය ගැන නෙමේ. ජැක්සන් හදපු ටෙලි නාට්‍ය වලට වඩා මේ පොඩි නම ඉන්න ටෙලිය බලන පිරිස වැඩි නිසා අනිත් සියළුම චැනල්වල ටෙලිනාට්‍ය පේ්රක්ෂකයන් වෙතින් මග ඇරී යන්නට පටන් ගත් නිසා.
සිඳු ටෙලි නාට්‍ය මේ රටේ සුවහසක් පේ්රක්ෂකයින්ට නරඹන්න හැදුවත් මේ ටෙලි නාට්‍ය බලන ළමුන් ප්‍රමාණය වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි මේ ටෙලි නාට්‍යයේ භාෂාව තනිකරම ගමේ ඉන්න චන්ඩි කතාකරන, බේබද්දන් කතාකරන, විසේකාර කොල්ලන් කතාකරන භාෂාවන් ඇති ටෙලි නාට්‍යකි.පොඩි හාමුදුරුවන් ගමේ හැම තැනම රවුම් ගසනු පෙන්වනවා මිස අධ්‍යාපනය හදාරන්නේම නැත. අනිත් කොල්ලන් පිරිස ද, කෙල්ලන් පිරිසද එසේමය.
මේ ටෙලි නාට්‍යයේ හිටපු ගමන් මතුවන දිළුම් අයියා කෙනෙකි. හිටපු ගමන් මතුවන සෙල්ෆි ගහන අක්කා කෙනෙකි.හිටපු ගමන් පැමිණි ගමේ චන්ඩියෙකි.
ඉස්සර වට්ටෝරු තිබුනෙ සිනමාවේය. ඒ වට්ටෝරුවට පේ්රක්ෂකයෝ ගැලරියේ සිට අත්පුඩි තලමින්, විසිල් ගසමින්, හුරේ දමමින් විඳගන්නේය. දැන් මේ ටෙලි නාට්‍ය වලටද වට්ටෝරුව පැමිණ තිබේ. දැන් ටෙලි නාට්‍ය වලට 'නිධානයක්','යන්ත්‍ර මන්ත්‍ර', 'පේන කියන අය' ඔිනෑමය.ප්රාතිහාර්ය පාන 'භූතයන්' ද අවශ්‍යය. එමෙන්ම 'පේ‍්‍රම අන්දරයක්ද' ඉදහිටක එන යන කොල්ලන් කෙල්ලන් ද දුෂ්ටයන්ද අවශ්‍යය. දැන් අළුතෙන්ම එක්කාසු වී ඇත්තේ නයිය. ටෙලි නාට්‍යයට නයෙක් සිටිනවානම් ටෙලිවිෂන් චැනල් එම ටෙලි නාට්‍යයට අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලබාදෙන්නට උත්සුක වෙනවාය.මන්ද මේ වනවිට ලංකාවේ ටෙලිවිෂන් පේ්රක්ෂකයන් දැපනේ වැටී ඇත්තේ නාග රාජයින්ටය.
සිඳු ටෙලි නාට්‍යයේ මේ වනවිට නයෙක් නැති එක පමණක් අඩුවකට ඇත.නුදුරේදිම මංචනායක මහත්තයා නිධානය ගොඩගන්න සූදානම්වනවිට නිසැකවම නයෙක් කොහෙන් හෝ මතුවනු ඇත.
බොහෝ අය පවසන්නේ ඉන්දියානු, කොරියානු ටෙලි නාට්‍ය රැල්ලෙන් මේ රටේ පේ්රක්ෂකයන් මුදවාගන්නට පැමිනි ඉටු දෙවියා සිඳූ ටෙලි නාට්‍ය බවය. විදේශීය විපරීත වලට වඩා දේශීය විපරීත හොඳ ය යන අදහසය. පේ්රක්ෂකයෝ ඉන්දියානු සහ කොරියානු ටෙලි නාට්‍ය බලනුයේ නාලිකාවලින් වෙළඳ පොලෙන් මිළදී ගෙන විකාශ කරන බැවිනි. සිඳු මෙරට නිෂ්පාදන කෙරෙනුයේ නාලිකා ප්‍රධානීන්ගේ උවමනාවන් අනුවය.විදේශීය ටෙලි නාට්‍ය ගෙන්වා ප්‍රදර්ශණය කිරීම වෙළදාමෙහි අරමුණ පැහැදිලිව පෙනෙන්නට තිබේ. විශ්වාසනීයත්වයෙන් තොර ශිවන්යා තුළින් පේ්රක්ෂකයන් රැවටෙන ප්‍රමාණය සහ ඒවා තම ජීවිත තුළට උකහාගන්නා ප්‍රමාණය වෙනස්ය. එහෙත් සිඳූ සෘජුවම දේශීය පේ්රක්ෂකයා විශාල රැවටීමකට සහ ඇන්දවීමකට පොළඹවයි.
සිඳූ නිසා ඇන්දවෙන ජනතාව ටෙලි නාට්‍යක් කියා නරඹන්නේ කුමක්ද ? නිශ්චිත අරමුණක් නැතිව ජීවත්වන රස්තියාදු ගසන හොරකම් කරන මැරකම් කරන චරිත රැුසක් හා අනාගතයට අරමුණක් නැති දරුවන් පිළිබඳ වූ චරිත රැසක් පමණි. විනාඩි 18ක පමණ කාලයක් පුරා මේ චරිත විවිධ දෙබස් කියමින් එහාට යමින් මෙහාට යමින් ටෙලි විෂන් පේ්රක්ෂයන් මුලාවේ දමති.
පිටපත් රචකයෙක් සිටිය ද මෙහි තිර නාටකයක් නැති තරම්ය. මන්ද එහි කතාවක් නැති නිසාය. කතාවක් නැති නිසා හිටපු ගමන් එන යන චරිත අනන්තය.
මේ දිනවල වඩාත් පෙන්වන්නේ දිලුම් අයියා, ඉස්කෝලෙ මහත්තයා ,තෙරුණි යන පිරිසය. මෙහි හිටි අඩියේම ඉස්කෝල මහත්තාගේ ගෙදර පෙන්වයි.ඉස්කෝල මහතාට බිරිඳක් ද සපයා දී ඇත. මලී ගමට පැමිනෙන්නේ සිඳුගේ සහ දියණියගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමිනි. මලී හිටිවනම සිටියි. දරුවන් හොරකම්කළවුන් පොලිස් කූඩුවෙන් පැමිණ නිදැල්ලේ ගමේ සැරිසරණු පෙන්වයි. ලංකාවේ නීතිය අනුව ළමයෙක් පැහැරගෙන යෑමේ ක්‍රියාත්මක කරන නීති මේ ටෙලි නාට්‍යයේ අයට අදාළ නැත. ළමයි හොරකම් කරලා පොලිස් කූඩුවෙන් ගෙදර එන්න පුළුවන් බව මේවා තුළින් කියයි. මේ ටෙලි නාට්‍ය පෙන්වන ආයතන ළමයින් වෙනුවෙන් විවිධ ප්‍රසංග කරන නාලිකාය. මොවුන්ම දරුවන් පැහැර ගැනීමෙ සහ ඉන් පසු දෙන දඩුවම් අවම බව පෙන්වයි. අපි මේ පෙන්වා දෙන්නේ මේ වැඩකට නැති ටෙලි නාට්‍ය තුළින් සමාජ ගතවන අවම දේවල්ය. මේ තුළින් ළමා මනසට මෙන්ම සමාජය තුළ පැළදියම් විය හැකි අන්තරා බොහෝය.
ටෙලි නාට්‍ය පිටපතක් කුමන ටෙලි විෂන් නාලිකාවක පෙන්වුවත් ඒ පිටපත් කව්රු හෝ යටතේ අධීක්ෂණය වනවානම් කොතරම් හොඳදැයි සිතෙන්නේ මෙවැනි ටෙලි නාටක නිසා ඇතිවිය හැකි නපුර නිසාය.
සිඳු හි පොඩි නම ගමේ ළමයින්ට තර්ජනය කරයි.පොඩි ළමයෙකුගේ කටට නුහුරු පණ්ඩිතකම් පොවා තිබේ.ළමයා වැඩිහිටියකු කර තිබේ. ළමයින් හොරවැඩ කරන්නට පුරුදු ව ඇති බව පෙන්වයි. මේ දරුවන් අයාලේ යන දරුවන් ලෙස පෙන්වයි.අරමුණක් ක්‍රියාවක් නැති ගමේ සැරිසරන සෙල්ලම් කරන ළමයින් පමනි.මේ ළමයින්ගේ මාමලා බේබද්දන්ය. ඔවුන් දරුවනට "යකෝ" කියයි. "පලයං" කියයි. බැන වදියි. තර්ජනය කරයි.කෑ ගසයි.ටෙලි නාට්‍ය පේ්රක්ෂකයන් වූ පවුලේ අය එකට නරඹන විට පොඩි එවුන් මේවා ගෙදර සමාජය තුළත් පිටතදීත් අනුකරණය හෝ මේ වචන නැවත වහරන්නට පුරුදු වීම සිදුනොවනවායැයි කිව හැකිද?නන්දිපාල සහ රෙජී මහත්තයා ගේ විප්‍රකාර මේ කුඩා දරුවන්ගේ මොළගෙඩි තුළට කා නොවදිනවායැයි සිතිය හැකිද?
පොඩි හාමුදුරුවන් මේ වනවිට ජනප්‍රිය නළුවාය. බැරි බර වචන මුවින් තෙපළමින් කුඩා දරුවාගේ මුළු ආත්මයම විකිණීමට ලක්ව තිබීම ඉතාමත් ඛේදජනක තත්ත්වයක් වන අතර පසුගිය දිනක සේපාල් අමරසිංහ සහෘදයා මේ පිළිබඳව දිගින් දිගට ෆේස්බුක් තුළින් සංවාදයකට මාතෘකා කරගත්තද මේ සැබෑව පිළිගන්නට තරම් මේ රටේ පේ්රක්ෂකයන් ට උවමනාවක් ඇතිව තිබුනේ නැත. එය සැබෑවක්ම කරමින් පොඩිනමගේ ජායාරූප රැගත් කී ටෑග් කොටුව වෙළඳ පොලට ඇවිත් තිබුනේ එකක් රුපියල් දහයක් බැගිනි. සිවුරක් පොරවා ගත් මේ පොඩි දරුවා මේ ආකාරයෙන් වෙළඳ භාණ්ඩයක් ලෙස යොදා ගැනීම පිළිබඳව ඒ දරුවන්ගේ දෙමව්පියන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම උදෙසා නීති උපදෙස් ලබාගත යුතුය.
මේ වනවිට සිඳු කොටස් 98ක් දක්වා විකාශය කොට තිබේ.මේ 98 තුළ එක දිගට සිටින චරිත කිහපයකි. මෙගා ටෙලි නාට්‍ය වළදි සිදුවන්නේ රූගත කරන දිනට සිටින නළු නිළියන්ට දෙබස් ලිවීමය. ඉන් අනතුරුව රූගත කිරීම් කරයි. සිඳු ටෙලි නාට්‍යයේ හිටිවනම එන යන චරිත සහ ටෙලි නාට්‍ය පුරාම සිටි චරිත කිහිපයකි.
මේ දිනවල නන්දිපාලගේ පියා ගේ භූත ආත්මය පන්සල් ඇසුරින් පසු ඉවත්ව ගොස් තිබේ. එංගලන්තයේ රැුකියාව සඳහා සිඳුගේ පියා පිටත් කර හැර ඒ චරිතය මේ වනවිට ටෙලි නාට්‍යනේ මග ඇරී තිබේ. සිඳු ව සොයාගත් පොලිසි පරීක්ෂකවරයා ද මේ වනවිට සීන් එකෙන් පිටවී සිටී. තෙරුණි එංගලන්තයට යනතෙක් බලාසිටින හේෂාන් නැමැති තරුණයාද හිටි ගමන් අතුරු දහන් වෙයි.
ගමට යන තෙරුණි අධ්‍යාපනය කඩා කප්පල් කරගනිමින් ගමේ පාරවල් දිගේ ඇවිදිමින් සිටී.
දැන් මේ සියල්ල තුළ සිඳු ව ගමට ගෙන ඒමෙන් ගමට කසිප්පු මුදලාලි(ජෙහාන් අප්පුහාමි)කෙනෙකුන් හඳුන්වා දෙමින් මංචනායකට පිළිමලෙක් නිර්මාණය කර දී තිබේ. නුදුරේදිම නිධානය ගන්නට සැරසෙන අරගලය ට මේ සියල්ලෝම මැදිහත්වනු ඇත. පොඩි හාමුදුරුවන් සහ සිඳූ මෙන්ම ගමේ රස්තියාදු වන අනෙක් පොඩි ළමයින් ද මේ අරගලයට මැදිහත් වනු ඇත.සිඳූ සහ මලී ගේ මන්ත්‍ර බලයෙන් හා ශක්තියෙන් මේ නිධන් හොරු නීතියේ රැහැනට හසුවනු විය හැකිය.
දරුවන් බාවිතා කරමින් ගොඩ නගන ලද මෙවන් නිසරු කතා මේ රටේ පේ්රක්ෂකයන් අමන්දානන්දයට පත් කිරීම් වස් අදාල නාලිකා සහ ඒවා ටෙලි නාට්‍ය ලෙසින් ගෙන එනු ලබන මෙවැනි හරසුන් හෑලි මෙරට නාට්‍ය කලාවක් ලෙස ස්ථාපිත වුවහොත් අනාගතයේ ටෙලි නාට්‍ය කලාවක් ලෙස කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවනු පමණක් නොව. නාලිකා ප්‍රධානීන්ගේ රසඥතාව අනුව අවශ්‍යතාව මේ රටේ පේ්රක්ෂකයන්ට ටෙලි නාට්‍ය හදන්නට මෙරට නිර්මාණකරුවන් නොවන ටෙලිනාට්‍ය කරුවන් පිරිසක් බිහිවනු ඇත.
ප්‍රාග්ධන අධිකාරියේ උවමනා එපාකම් මත මේ රටේ කලාව හසුරවන බලවේගයන් ගොඩ නගනු ඇත. නිර්මාණකරුවන් කොඳුරහිත පිරිසක් බවට පත්වනු ඇත. මේ රටේ අනාගත පරම්පරාව ප්‍රාග්ධන හිමියන්ගේ සරුතලුන් බවට එහෙයියන් බවට පත්වනු ඇත.
එහෙයින් මේ ව්‍යසනකාරී වූ මෝහනයෙන් අනාගත පරපුර ද ටෙලි නාට්‍ය කලාවද සුරක්ෂිත කරගනු වස් මේ මොහොතේ සිට හෝ යම් වැඩ පිළිවෙලක් සකස් කිරීම ප්‍රතිපත්ති සම්පාදනය කරන නීති කෙටුම් පත් සකස් කරන අයගේ කාර්්යභාරයක්ය. රටේ සංවර්ධනය යනු එහි ජීවත්වන මිනිස් ප්‍රජාවගේ දැණුමේ රසවිඳීමේ නිර්මාණශීලීත්වයේ සංවර්ධනයයි.
මේ වනවිට අපගේ ටෙලිවිෂන් ග්රාහකයන්ගේ මානසිකත්වය හැසිරවීමේ බලය ටෙලිවිෂන් නාලිකා දෙකක් විසින් මෙහෙයවමින් තිබීම කොයිතරම් විනාශකාරී ද ඒ තුළින් සමාජයට ඇතිවන හානිය කොයිතරම්ද යන්න විමසා බැලීම කාලෝචිතයැයි අපි විශ්වාස කරන්නෙමු.
සාරා සමරසේකර