පෙතිහයකඅරලියමලක්කොහොමදඑහෙමවෙන්නේ?
මේ චිත්‍රපටියේ තියෙන්නේ ආදර කතාවක් ඒ වගේම ඒ ආදර කතාව ඇතුලේ සමකාමී ආදර කතාවකුත් තියෙනවා.මේක කියන්න තියෙන හොදම ක්‍රමය මොකක්ද කියලා මම කල්පනා කළා. මම සමනල්ලු ගැන කුරුල්ලෝ ගැන හිත හිතා ඉන්න කොට තමයි මට හමුවුනේ අරලිය මල. ඕස්ට්‍ර්ලියාවේ සිඩ්නි නුවරදි මම පාර දිගේ ඇවිද ගෙන යද්දී මට හමුවුණා පෙති හයක අරලිය මලක්.මේක හොදටම බලපු නිසයි මම ඒක දැක්කේ. නැතත් අපි හිතන්නේ අරලිය මලට තියෙන්නේ පෙති පහයි කියලා. සමකාමී ආදරය පෙන්නන්න හොද රූපකයක් විදියට මම අරලිය මල පාවිච්චි කළා. ඒ වගේ එහි සුන්දරත්වය ස්වභාවිකත්වය මේ රූපකයට මැච් වුණා.
සමාජයේ අසම්මත යැයි සැලකෙන දෙයක් ඔබ සිනමාවට ගෙනාවා
ඒක චැලේන්ජ් එකක් වෙනවා කියලා මම ඒක අතහැරියේ නෑ. මම මීට පෙර නවකතා දෙකක් ලියලා තියෙනවා. නාට්‍ය 4 ක් ලියලා තියෙනවා. ඒ හැම එකටම අභියෝගයක් තියෙනවා. ඒවා අභියෝග වෙන තරමට හොදයි. මට තියෙනවා දේශපාලනික න්‍යාය පත්‍රයක්. ඒනය පත්‍රය තමයි ලංකාවේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට දායකත්වයක් ලබා දීම කියන කාරණය මම මගේ දායකත්වය දකින්නේ එහෙමයි. ඒ ක්‍රමය හොයද්දී තමයි මට මාධ්‍ය මුණගැහෙන්නේ. ඒ වගේම සමකාමී කියන මාතෘකාව තෝරගන්නේ මම නීතිඥයෙකු විදියට සමකාමීන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා කතා කරනවා. ඒ වගේම මේ විෂය ගැන එළිපිට කතාකරනවා අඩුයි.ඒ කතා කරපු සීමිත අවස්ථාවන් වලදී නිවැරදි දේශපාලන අර්ථකථනයක් හම්බවෙනවා අපි දකිනවා සමකාමී චරිත ගොඩක් හංගලා තියෙන්නේ සමහර චිත්‍රපටිවල සංක්‍රන්තික ලිංගික චරිත විහිළුවට ගන්නවා. එහෙම නැත්නම් බඹරු ඇවිත් වගේ චිත්රපටිවලදී අස්වාභාවික විකෘති හිංසාකාරී සබදතා කියන දෙයක් වගේ පෙන්වනවා.
මේක මේ කොට්ඨාශයට බරපතල හානියක්. ඒ හානිය පූර්ණය කරන ක්‍රමයක් තමයි මම හෙව්වේ. මේ ආදරය ගැන කතා කරන ගමන් සමහර කෘතිවල මම කතාකරන්නේ වාර්ගික අසමානතාවය වගේ දේවල්. මම මේක දකිනවා අසමානතාවක් හැටියට. සුළුතර කොටස් වලට තියෙන අසාධාරණයක්
ඒ අසමානතාවය ගැන කතාකරන්න යනකොට ඒක සමකාමීද නැත්නම් වාර්ගික අසමානතාවය ද ආගමික අසමානතාවයද අදාල නැහැ. අපි කතාකරන්නේ මනුෂ්‍යයන් විදියට ජීවත් වීමට තියෙන අයිතිය ගැන.
ලංකාවේ නීනි රාමුව තුළ සමකාමීත්වය වරදක් විදියටයි හඳුන්වා තිබෙන්නේ ඔබ වෘත්තීය සිනමාකරුවෙක් වගේම නීතිඥයෙක්. ඒ නිසාම ඔබ එක්තාරා ආකරයට මෙම නෛතික රාමුව ආරක්ෂා කිරීමට බැදි සිටින්නෙක්. මේ තුළ කෙහොමද නීතිඥවරයා සහ සිනමාකරුවා යන දෙදනාම නියෝජනය වෙන්නේ?
නීති වෘත්තිය නිසා මට ගොඩක් සිනමාකරුවන්ට නොලැබෙන අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මට සිවිල් ආරක්ෂාවත් ලැබිලා තියෙනවා. ඒ වගේම නීති දැනුම සහ ඒ පිළිබද තිබෙන අත්දැකීම් සහ පළපුරුද්ද ගොඩක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒවගේම තාර්කික දැනුම කියන එක කෘතිය තුළට යම් කිසි තර්කානුකූළ භාවයක් ලබාදෙනවා වගේම කෘතියක් කරපු නිර්මාණකරුවෙකුට ආරක්ෂාවක් ලබා දෙනවා.
දණ්ඩ නීති සංග්‍රහය තුළ සමකාමීත්වය වරදක් වෙනවා වගේම දිරි දීමක් හෝ උදව්වක් සම්බන්ධයෙන් නීතිය පාවිච්චි වෙනවා. මේ නිර්මාණයට සම්බන්ධවුණ අනිත් අයටත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දණ්ඩ නීති සංග්‍රහය යටතේ එතනදී නීතිඥයෙක් හැටියට මට ආරක්ෂාවක් නැහැ. ඒක මට විරුද්ධව අවශ්‍ය කාටහරි පාවිච්චි කරන්න පුළුවන්.
පළවෙනි කාරණය ගත්තොත් නීති තියෙනවා නමුත් සාධාරණ නැහැ. අවුරුදු 100 කට කලින් පනවපු දණ්ඩ නීති සංග්‍රහය අදට අදාළ නොවෙන්න පුළුවන්. ඒ නිසානේ අපි නීති සංශෝධනය කරන්නේ. රජකාලේ තිබිච්ච දෙතිස්වද දැන් නෑනේ. නීතිය කියන්නේ හැමදාම වෙනස් වෙන දෙයක්. ගොඩක් අය හිතන්නෙ නීතිය කියන්නේ නොවෙනස්වන දෙයක් කියලා. අපිට තියෙන්නේ වැඩවසම් නීති අපි තවමත් වැඩවසම් ක්‍රමයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලා නෑ. එතකොට නීතියෙන් යම් දෙයක් වැරැද්දක් වුණාට ඒකට යටත් වෙන්න මම සූදානම් නෑ.ඒ නීතිය ප්‍රශ්න කළ යුතුයි.ඒ හරහා තමයි නීතිය සංශෝධනය කළ හැකි වෙන්නේ. යම්කිසි සමානාත්මතාවයක් ලැබෙන ආකාරයට. එතකන් මම දකින්නේ මට තියෙන්නේ ශක්තියක් ඒ තත්වයට මූණ දෙන්න.
සිනමාව මගේ වෘත්තිය නෙවෙයි. මට යමක් කර ගන්න ඕන වුණේ මම එය අනිත් කිසිම මාධ්‍යකින් කර ගන්න බැරිවුණාම මෙතනට එනවා. මම අවුරුදු ගණනක් තිස්සේ නොයෙකුත් පුද්ගලයන්ට නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධානවලට යන්න බැරි දුරක් මට යන්න පුළුවන් වෙලා තියෙනවා. එක් අංශයකින් චිත්‍රපටියක් හරහා. මොනවා කරත් වැඩක් නැහැ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැත්නම්. ඒක කරන්න පුළුවන් චිත්‍රපටියක් වගේ මාධ්‍යයකට. නොයෙකුත් ක්රියාකාරිකයන්ට උපදේශකයන්ට නීති වෙනස් කරන්න කියලා බලපෑම් කරන්න පුළුවන් නමුත් සිනමාවටත් අපි යන්න ඕන.
අශෝක හඳගමගේ ‘අක්ෂරය’, විමුක්ති ජයසුන්දරගේ ‘සුලඟ එනු පිණිස’, සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිලෙන මාළු’, ප්‍රසන්න විතානගේ ‘උසවිය නිහඬයි’ චිත්‍රපටයන් වාරණයන්ට බාධවන්ට ලක්වුණා. නමුත් ඔබේ අරලිය මලට හැකිවෙනවා පහසුවෙන් සිනමාහළට එන්න.
පහසුවකටත් වඩා අහම්බයක් සහ විශාල දැවැන්ත ක්‍රියාමාර්ගයක් ගන්න සිද්ධවෙනවා. ගොඩක් අයට පහසුවෙන් වගේ පෙනුනට මේක පිටිපස්සේ අහම්බයක් සහ දැවැන්ත කාර්යභාරයක් තිබුණා. අහම්බය තමයි මේ චිත්‍රපටය කරලා අවුරුද්දක් ඇතුළත අපට හම්බවෙනවා කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ පෙන්නන්න එතකොට එය ජාත්‍යන්තර උළෙලක් නිසා වාරණ මණ්ඩලයට සිද්ධවෙනවා චිත්‍රපටය පෙන්වන එක අනුමත කරන්න.
ඒ වගේම ජනවාරි 8 ආණ්ඩුව වෙනස් වෙනවා. ඒ වෛනස්වීම හරහා අලුත් සංයුතියක් හැදෙනවා වාරණ මණඩලයේ එතනදී ශ්‍රේණිගත කිරීමක් පමණයි සිද්ධවෙන්නේ. එතනදී කෑලි කැපීමක් සිද්ධ වෙන්නේ නෑ. එය ප්‍රදර්ශනයට තිබෙන සම්බාධක ඉවත් වීමක් පමණයි. නමුත් මේ පිටිපස්සේ විශාල ආර්ථික කාර්යභාරයක් තියෙනවා.
ඒ නිසා අපිට අවශ්‍යවෙනවා කවුරුහරි බෙදාහරින්නෙක් එක්ක වැඩ කරන්න. ඒ නිසා අපි හැමෝම ගාවට ගියාම මේක රිජෙක් කරනවා. සුනිල් . ටී. මේක මුලදි ප්‍රතික්ෂේප කළා. මේ වගේ දෙයක් පෙන්නන්න බෑ කියලා. නමුත් අවුරුද්දක් තිස්සේ කළ කතාබහේදී තමයි සුනිල් ටී මේ වැඩේ භාර ගන්නේ. සුනිල් ටී. ස්තූතිවන්ත වෙනවා මේ අභියෝගය භාරගැනීම පිළිබඳව. මට හිතුනේ යූටියුබ් එකට දාලා සීඩී ටිකක් ගහලා නිකන් ඉන්න වෙයි කියලා. ඒ වගේම ලාභ ලබන්න නෙවෙයි මේක කලේ. ඒවගේම කවදාවත් මට හිතුනෙත් නෑ මේවගේ දෙයක් වෙයි කියලා.
ඔබ ජනවාරි 08 ආණ්ඩු වෙනස් වීමක් ගැන සදහන් කළා මේ වෙනස්වීම සාමාන්‍ය ආකාරයට සිද්ධවුණ දෙයක් නෙමෙයි. මේ වෙනස් වීමට ජීවිත පරිත්‍යගයෙන් විශාල ක්‍රියාකරීත්වයක්, ප්රජාතන්ත්රවාදී අරගලයක් කළා නමුත් ඔබ මේ ප්රජාතන්ත්රවාදී අරගලයට දායකත්වයක් දැක්වුයේ නැහැ කියන චෝදනාව එල්ල කළොත්.
මතවාදී වශයෙන් මම එතන හිටියා නමුත් මම සිවිල් කණ්ඩායම් සමඟ එකතුවුනේ නැහැ. ඒ මතවාදයේම කොටසක් තමයි මේ චිත්‍රපටය. එයින් අභියෝගයට ලක් කරන්නේ සම්ප්රධායිකයි කියන නිර්ණායකයන් පමණක් නොවෙයි. රාජ්‍ය තන්ත්රය මගින් පීඩාවට ලක්වෙන හැම දෙයක්ම මම අභියෝගයට ලක් කරනවා.
ඒ වගේම නිදහස් අදහස් ප්‍රකාශ කිරීම ගැන මම ස්ටේට්මන්ට් එකක් කරනවා. මම මේක කොහොමහරි කරනවා. විසා ඇතුළු පිරිස මේක කරනවා නම් තව අයට කරන්න පුළුවන් වෙන දේවල්. ඒ අයට කරන්න පුලුවන් ලංකාවේ සිදුවන දුෂණය සම්බන්ධයෙන් චිත්‍රපටි නැත්නම් නොයෙකුත් ආකාරයේ දේශපාලන පළිගැනීම් යුද අපරාධ ගැන චිත්‍රපටි,අතුරුදහන් වීම් ගැන චිත්‍රපට කරන්න පුළුවන්. මූලික ප්රශ්නය තමයි මෙතන පීඩාවක් තියෙනවා.ඒ රජ්‍ය හා දේශපාලන පලිගැනීම- මෙතැන තියෙනවා එය රාජ්‍ය යන්ත්රණයෙන් හා රාජ්‍ය නොවන යන්ත්රණයෙන් සිදුවෙන මර්දනය නිසා අපි හොද පූර්වාදර්ශයක් සපයනවා මේ තුළින් ප්රජාතන්ත්රවාදී අවකාශය ශක්තිමත් කිරීමට.
ඒ වගේම මම ‘’රජ සහ ඝාතකයා” පොත 2013 තමයි ලියන්නේ ඉංග්‍රීසි, සිංහල භාෂ දෙකෙන්ම සහ සංගීත තැටියක් එළි දක්වනවා 2014 මේක නිකුත් වෙන්නේ ජනාධිපතිවරයෙක් තමාගේ බලය තහවුරුකර ගන්න යොදන උපක්‍රම තියෙනවා. පැහැදිලිවම ඒ පොතින් රාජ්‍ය තන්ත්රය විවෙචනයක් කිරීමක් සිදු කරනවා. මම ඒ මතවාදයේ හිටපු නිසා තමයි ඒ දේවල් කරන්නේ. මම පුද්ගලයෙක් විදියට කරන්න ඕන දේ කළා. නමුත් මම සංවිධානගත වුනේ නෑ. මට කරන්න පුළුවන් වෙනස මම තනියම කළා. අනිත් අය එකතුවෙලා කළා. ඒක තමයි වෙනස.
ප්රජාතන්ත්රවාදය දි ගැනීමේ අරගලය ඔබ ආදරයෙන් ඇරඹුවා කියලා කියනවා. කොහොමද ඒ ආකල්පමය වෙනසකට යන්නේ?
මේක මං මුලින් කිව්ව වගේ පුළුල් ආදර කතාවක් ඒ වගේම භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බහුතරයක් විසින් සුළුතරය පාලනය කිරීම ගැන කතා කිරීමේ ගමනක ආරම්භයක්.
ඒ වගේම සමලිංගිකයන් වෙනුවෙන් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අනිවාර්යයෙන් වෙනස්විය යුතුයි. ලංකාවේ සුළුතර කොටස වීම අපරාධයක් වෙන්න විදිහක් නැහැනේ. දෙමළෙක් වීම අපරාධයක් නෙවෙයි. ආබාධිතයෙක් වීම අපරාධයක් නෙවෙයි. හැබැයි සමකාමීයෙක් වීම දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධයක්. මේ තත්ත්වය වෙනස් කල යුතුයි. සමානාත්මතාවය ආරක්ෂා කිරීමට ආයතනික රාමුව තිබිය යුතුයි. නීතිමය ප්‍රතිකර්ම තිබිය යුතුයි.
මේ චිත්‍රපටය බලපු කෙනෙක්ගෙන් මම බලාපොරොත්තු වෙනවා මේ තුලින් ආදරය ගැන වගේම ප්රජාතන්ත්රවාදය ගැනත් බලයි කියා. මේක ප්රගතිශීලි ප්රජාතන්ත්රවාදය ඇති කිරීමටත් නූතන ප්රජාතන්ත්රවාදය හරහා යන්න හදන පුංචි පියවරක් හැටියට මම දකිනවා. තවත් අය මේකට එකතු වෙන්න ඕන. ඒක කලාකරුවන් නීතිවිශාරදයන් මෙන්ම ජනමාධ්‍යවේදීන් මේ හැම දෙනාටම කරන්න පුළුවන්. අපි දන්නවා පිරිමින්ට තියෙන අයිතිවාසිකම් කාන්තාවන්ට තියෙනවද? ව්‍යවස්ථාවෙන් සහතික කරලා තිබුණාට හරි හමන් ගණන් කිරීමක් කළොත් අපිට බලන්න පුළුවන් කාන්තාවක් පිරිමියෙක් කරන වැඩක් කරලා ඒ ගාන හොයන්න පුළුවන්ද? අපි සමානාත්මතාවය වෙනුවෙනුයි මේ ගමන යන්නේ ඒකේ ධුරාවලි තියෙන්න බැහැ. මුලින්ම කාන්තා පිරිමි සමානාත්මතාවය හදමු. ඊට පස්සේ කුල සමානාත්මතාවය හදමු. ආබාධිත අයට සමානාත්මතාවය හදමු. අන්තිමට සාමකාම වෙනුවෙන් සමානාත්මතාවය හදමු කියා දෙයක් නැහැ. අපි කතා කරන්නේ හැමෝම වෙනුවෙන් මේ ගමන අපි හැමෝම එකට යායුතුයි.
සටහන -තුෂාරා විතාරණ
ඡායාරූප - රොෂාන් චතුරංග