ඔහු ක්ෂේත්‍ර ගණනාවක පෙරැළි කරන නිර්මාණශීලී අධ්යක්ෂවරයෙකි. විටෙක ගී පද රචකයෙකි. ඔහුගේ ගී පදවැල් බොහෝදෙනා අතර කතාබහට ලක්විය. තවත් විටෙක ගුවන් විදුලි හා රූපවාහිනී පූරකයෙකි. ඔහු ඉදිරිපත් කරන වැඩසටහන් ජනතාව ඉක්මනින් වැළඳගත්තේ එහි ඇති ආකර්ෂණීය බව නිසාවෙනි. ඔහු ප්‍රේක්ෂකයන්, රසිකයන්ගේ සිත් හොඳින් හඳුනන හොඳ ගැමියෙකි. රජරට වන්නියෙන් කොළොම්තොටට ආ මේ ගැමියා මනුස්සකම අතහැරියේ නැත. ඒ නිසාවෙන්ම ඔහු බොහෝදෙනාගේ මිතුරෙක් බවට පත්විය. ලෙන්ගතු සහෘදයෙක් විය.
මේ ලෙන්ගතු මිතුරා ගැමියා නිතරම ක්‍රියාශීලී වැඩකටයුතුවල නිරත වෙන්නේ ඒ මනුස්සකම හිත පුරා තවරා ගනිමිනි.
ක්ෂේත්රයේ ‘දුකා’ ලෙස කා අතරත් ජනප්‍රිය වී සිටින ඔහු නමින් වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළය. මේ රාළ සමග කලා ක්ෂේත්රයෙන් බාහිරව ඔහුගේ ආදරය, විවාහය ගැන අසන්නට මට සිතුණි. ඒ බව ඔහුට කියූවිටදී, කැමැත්තෙන් ඉදිරිපත් වුණේ මා කියූ ඒ මනුස්සකම ඔහු තුළ තවමත් තිබෙන නිසාවෙනි. ඉතිං එහෙනම් මේ මනුස්සකම පිරි දුකා, රාළ නමැති ගැමියාගේ ආදරය, විවාහය යන කාරණාවලදී ඔහු දැක්වූ ප්‍රතිචාර කෙසේ දැයි යන්න විමසා බලමු.
ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී ඔබට අද මොකද සිතෙන්නේ?
මම නම් ගොඩාක් සතුටු වෙනවා. කනගාටු දේවල් නැතුවා නොවෙයි. ඊට වඩා හැමවෙලේම වැඩත් එක්ක තමයි මම ජීවත්වුණේ. බහුතරයක් වැඩ සාර්ථක කරගෙන තිබෙනවා වගේම බොහොම දුක්වින්ඳා. පසුකාලීනව මම වෘත්තිකයෙක් විදිහට සාර්ථක වුණා. කලාකාරයෙක් ලෙසට මම තෘප්තිමත් වුණා. ආපසු හැරී බලනවිට සෑහෙන දුරට මට සතුටුවෙන්න පුළුවන්.
ඔය ජීවිතයේදී ආදරය, ප්‍රේමය ඔබ කොයි විදිහටද හඳුනාගෙන තිබෙන්නේ?
මූලිකවම පාසලේදී 9, 10 ශ්‍රේණිවලට එනවිට නව යොවුන් තරුණයෙක් විදිහට ආකර්ෂණය ලබාගන්න මාත් කැමැත්තක් දැක්වුවා. කෙල්ලන්ගෙන් ඒ ආකර්ෂණය ලබාගන්න මම විශේෂ දේවල් කළා. මගේ සාර්ථකත්වයේ දේවල් පාසලේදී කළේ කෙල්ලන්ට පේන්නයි. හැබැයි පාසලේදී අන්තිම කාලේදී තමයි ප්‍රේමයක් මම පටන්ගත්තේ.
ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය ගැන නේද?
ඔව්, හැබැයි අපේ පාසලේ ළමයෙක් නෙවෙයි. අල්ලපු පාසලක ළමයෙක්. මගේ යාළුවෝ ඔක්කොටම ගැහැනු ළමයි හිටියා. ඉතිං මගේ යාළුවා, යාළුවෙලා ඉන්න ගැහැනු ළමයාගේ යාළුවා මම යාළු කරගත්තා. අපි දෙන්නා අතර අවුරුදු 3-4 ක සුන්දර ප්‍රේමයක් තිබුණා. අපිට තරහ නොවී ඒ ප්‍රේම සම්බන්ධය නතර කරලා දාන්න පුළුවන් වුණා පාසලෙන් අයින්වී ටික කාලයකින්.
ඔබ විශ්ව විද්‍යාලයේදී බරපතළ ප්‍රේම ගැටලුවකට මුහුණපානවා නේද?
ඇත්තෙන්ම ඔව්. විශ්ව විද්‍යාලයේදී තරුණයෙක් විදිහට මා පටන් ගත්ත ප්‍රේමය නිසා, ඒ අයගේ ගෙවල් දොරවල්වලට පවා යන්න සිද්ධ වෙනවා. ඒක තදට ගිය ප්‍රේමයක්. නමුත් පසු කාලීනව එය ඉතා ඛේදනීය ලෙස අවසන් වුණා. සම්පූර්ණයෙන් එහි වරද මගේද දන්නේ නෑ. එහි වරද 50%ක් ලෙස මා භාරගන්නවා. ඒක ටිකක් ඛේදනීය ලක්ෂණවලින් ඉවරවූ ප්‍රේමයක් වුණා. ජීවිතේ බරපතළ කාලයක් ඒ වෙනුවෙන් කැප කරලා, ඒ වෙනුවෙන් හැදූ සිහින මාලිගා එහෙම් පිටින්ම චකබ්ලාස් වෙලා ගියා. එයා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් නම් නොවෙයි. ඒක බරපතළ ප්‍රේමයක්.
පාසල් කාලයේ ප්‍රේම කරනවිටදී තෑගි බෝග එහෙම හුවමාරු කරගන්නත් ඇති නේද?
මට මතකයි ඒ කාලේ චූටි හෑන්ෆෝන් එකක් මම දුන්නා. පස්සේ කාලයේ ඒක මට ආපහු දුන්නා. ප්‍රේමය ඉවරවූ නිසා තමයි ඒ දේ නැවත මට ලැබුණේ.
ඔබ රජරටින් කොළොම්පුරයට ආ විට කිරිල්ලියෝ හරියට අත වනන්න ඇති නේද?
ඔව්, අපොයි ඔව්. මගේ හොඳම කාලය ඒ. ජනප්‍රියත්වය ලැබෙමින් සිටින කාලයක්. කාන්තාවෝ බොහොම ආකර්ෂණය වුණා මා කෙරෙහි. එහෙම මට කැමැත්තෙන් හිටිය ගැහැනු ළමයි ගොඩාක් හිටියා. අමනාප වූ අයත් හිටියා. හැබැයි එහෙම ලොකු සම්බන්ධයක් ගෙනයන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. මොකද ගුවන්විදුලියේදී මට මනෝජා හමුවූ නිසා. අපි දෙන්නාගේ ඒ බැඳීම නිසා අනෙක් බැඳීම්වලට යන්න සිද්ධවුණේ නෑ.
ගුවන්විදුලියේදී ඔබට මනෝජා කොහොමද හමුවෙන්නේ?
මම වැඩකරන්න ආවාම, ඒ වනවිට තාක්ෂණය හුරුවෙලා තිබුණේ නෑ. එතකොට ජැක්සන් ඇන්තනි මහත්මයා අපි අලුතෙන් ආ අය විදිහට එක් එක්කෙනාට භාරදුන්නා, පුහුණු කරන්න කියා මේ අලුත් තාක්ෂණය. එතකොට හිටිය නිවේදිකාවන් අතරින් මාව පුහුණු කරන්න ලැබුණේ මනෝජාට. එතනදී මම නාට්‍ය වැඩවලට එළියට යන හින්දා, අපි දෙන්නා එළියේදී හමුවුණා. ඒ විදිහට දිගටම අපි එකට වැඩ කරනවිටදී නිතැතින්ම ප්‍රේමයක් ඇය ගැන මට ඇතිවුණා. අපි ආදරය කරන්න හදනවිටම, එය කරන්න බැරි විදිහට ප්‍රශ්න තිබුණා. ඒවා ඔක්කොම බේරගෙන ආදරේ කළා.
‘ආදරේ’ කියලා මුලින්ම ප්‍රකාශ කළේ ඔබද? එයාද?
මම තමයි මුලින් ප්‍රකාශ කළේ. එයා කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. බෑ කියලා නිකම් හිටියා. ගෙදරින් කැමැතිවෙන්න ඕනෑ කියන තැන එයා හිටියා. එයා ආරංචි කරලා බලලා, මම වගේ කෙනෙකුට කැමති නෑ කිව්වා. කොහොම හරි වළක්වන්න බැරි තරමට මගේ ආදරය වැඩිවුණා. පස්සේ අපි දෙන්නා ගෙදරට හොරා යාළුවුණා. ඊට පස්සේ තීරණය කළා, ඉතිරි වැඩ ටික කරගන්න.
ඔබට මනෝජාම විවාහ කරගන්න ඕනෑ කියලා සිතුණේ ඇයි?
එයා ආශ්‍රය කරන කොට මට තේරුණා මට මෙතෙක් හමුවූ අයට වඩා වෙනස්. ඔක්කොම 100%ක් ගැලපෙනවා නොවෙයි. මම වගේ කෙනෙක් ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන් ගැහැනු කෙනෙක් වගේ මට දැනුණා. බොහොම රළු කෙනෙක් මෙයා. ආදරණීය වගේම බොහොම තද කෙනෙක්. මම හිතනවා, ඒ වගේ කෙනෙක් හිටියොත් ජීවිතේ කඩා වැටෙන එකක් නෑ කියලා. ඒ නිසා තමයි එයා විවාහ කරගන්න මා අදහස් කළේ.
ඔය අතරේත් ඔබගේ ආදරය ඉල්ලාගෙන කීපදෙනෙක් ආවා කියලයි ආරංචි. ඇත්තද ඒ කතාව?
ඔව්. දුරකථන මගින් රසිකාවියෝ මට ආදරය කරන්න පටන් ගත්තා. ඒ අය ෆෑන්ස්ලා හැටියට ගෙවල්වලට ලියුම් එවන්න, මැසේජ් කරන්න පටන් ගත්තා. සමහර වෙලාවට ඒවා අර්බුද දක්වා ගියා. යම් යම් තැන්වලදී කාන්තාවන් සමඟ වැඩි සම්බන්ධකම්වලට යාම හින්දා මනෝජා මා එක්ක තරහවෙලා, රණ්ඩු වූ අවස්ථාද තිබෙනවා. නමුත් ඉතිං පස්සේ ඇය ඒවා වටහා ගන්නවා. ඒ රසිකාවියන්ගේ ආදරය, පෞද්ගලික ආදරයක් දක්වා මා ගෙනගියේ නෑ.
විවාහ ජීවිතය ගැන ඔබට දැන් මොකද හිතෙන්නේ?
විවාහ ජීවිතය ගැන කියනවා නම්, මම හොඳට තේරුම් අරන් කසාද බැන්දේ. දෙන්නා දෙන්නෙක් කියලා තේරුම් අරගත්තේ විවාහ වුණාට පස්සේ. කසාද බැන්දාට දෙන්නා එක්කෙනෙක් කියලානේ මඟුල් ගෙවල්වල කතා පවත්වන්නේ. මම ඊට වඩා වෙනස් විදිහකට විවාහ ජීවිතය දැකපු කෙනෙක්. විවාහ වෙන්නෙම දෙන්නෙක්.
එතකොට දෙන්නා දෙන්නෙක්. දෙන්නා එක්කෙනෙක් ලෙස සැලකුවොත් විවාහ ජීවිතය සාර්ථකව ගෙනියන්න බැහැ. ‘ෂෙයාර්’ කරන්න පුළුවන්නම් ඉතා හොඳයි.
ඇත්තටම ඔබේ හිත ළඟ ගැවසුණු සිහින කුමාරියන් තවමත් ඉන්නවාද?
නෑ. එක එක වෙලාවට එහෙම නැවතුණු තැන් තිබුණා. පාසල් කාලයේ එකක්, විශ්ව විද්‍යාලයේදී තව එකක්, ඊට පස්සේ විවාහයේදී තව එකක් ලෙස හිත නැවතුණු තැන් තිබුණා. දැන් එහෙම හිතන්න පුළුවන් මට්ටමක නොවෙයි මම ඉන්නේ. ඒ නිසා එවැනි හැඟීම් පිටකරන්න බැහැ. වීරවරියෝ ඉන්නවා. නමුත් ඒවා අනියම් පෙම්වතියන් දක්වා ගෙනියන්න තරම් හිත දැන් හැදෙන්නේ නෑ.
ඔබ ලියූ ගීතවලින් පෙනෙන්නේ, ඔබගේ සිතේ තිබූ ඒ හැඟීම් පිටකිරීමක් නේද?
ඔව්. ගීතවල තිබෙන්නේ මනෝජා ගැන හෝ හිටපු අය ගැන හෝ, හිතවතියන් ගැන වෙන්න පුළුවන්. ඒක මගේ වගේම අනෙක් අයගේ අත්දැකීම්ද ඇතුළත් වූ දෙයක්. ගොඩාක් අය හිතනවා, ඒ ගීතවලින් මම එහෙම කෙනෙක් කියලා. එහෙම නෑ. තමුන්ගේ පෞද්ගලිකත්වය අමු අමුවේ ගීතවලින් ලියා තබන්නේ නෑ.
අද සියලුදෙනා විවාහයත් එක්ක ලිංගිකත්වය නිසා යම් යම් ප්‍රශ්නවලට මැදිවෙලා ඉන්න බවක් පෙනෙනවා. ආදරය හා ලිංගිකත්වය ගැන ඔබගේ අදහස කොහොම එකක්ද?
Sex කියන එක මිනිසුන්ට බොහොම වැදගත් කොටසක්. අපි කොච්චර කිව්වත් විවාහයකට Sex නැතුව පවතින්නත් අමාරුයි. හැබැයි එහි පමණ දැනගත යුතුයි. එහෙම නැතුව ලිංගිකත්වයට නොවෙයි, හෘදයාංගම ආදරේක ඉන්නේ කියලා එක්කෙනෙක් සිතුවාම, අනෙක් කෙනා වෙන තැනකින් ඒ Sex සොයාගෙන යනවා. එහෙම පැත්තකුත් තිබෙනවා Sex හා Love ගැන. ඔය දෙකම මිශ්‍ර කරගත යුතුයි විවාහයකදී. හරියටම මිශ්‍රණය හදාගන්න පුළුවන් කෙනා තමයි විවාහ ජීවිතය හරියට ගත කරන්නේ.
ඔබ ‘‘ලිවිං ටුගෙදර්’’ සංකල්පය අනුමත කරනවාද?
ප්රශ්නය තිබෙන්නේ ‘‘ලිවිං ටුගෙදර්’’ සංකල්පය හරි සැහැල්ලුයි. සරලයි. ඒකෙ අග සිදුවන්නේ ගැහැනිය ‘බඩුවක්’ වීම පමණයි. ගැහැනු කෙනෙක්ට කියන්න පුළුවන් ඒ කාලේ මට එයා එක්ක ලිවිං ටුගෙදර් හිටියා කියලා ආඩම්බරයෙන්. කොල්ලෝ එහෙම කියන්නේ නෑ නේද, මම එයා අවුරුදු 8ක් තියාගෙන හිටියා කියලා. ‘ලිවං ටුගෙදර්’ අවසාන ප්‍රතිඵලය සාර්ථක නෑ. ඒක ඛේදවාචකයක්. සීමා මායිම් අඩුයි.
විවාහ වුණාම සමහරු කියනවා වෙන්වෙන්න දැන් බෑ කියලා. විවාහය වෙන්වෙන්න චාන්ස් එකක් දෙන්නේ නෑ. 1%යි දෙන්නේ. අනෙක් 99% හදන්නේ දෙන්නා එකට තියන්නයි. එහෙම නොවුණු කල පොඩි දෙයකටත් වෙන්වෙන්න පුළුවන් නේද? දැන් අපි විවාහ වෙලා තිබෙද්දී රණ්ඩු වුණ අවස්ථාවලදී විවාහ නොවී සිටියා නම් වෙන්වෙනවා. විවාහ වෙලා ඉන්න නිසා තමයි වෙන් නොවෙන්නේ. මම හිතනවා ඒ තහංචිය හොඳයි කියලා. ඒ බවුන්රිය තිබෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු තිරිසන් අය බවට පත්වෙයි. හැබැයි විඳවන්න ඕනෑ නෑ. ‘ලිවිං ටුගෙදර්’ චාන්ස් එකක් තිබෙනවා. අයින් වෙන්න හරි ලේසියි. බොහෝ වෙලාවට එතනදී ගැහැනිය තමයි අසරණ වෙන්නේ. ඇයට තවත් විවාහයක් කරගන්න බැරි තරමට අසරණ වෙනවා. ‘ලිවිං ටුගෙදර්’ හිටිය පිරිමියා තවත් විවාහයක් කරගන්නවා. ඒක වීරකමක් ලෙසයි සලකන්නේ.
ඔබ අද ජනප්‍රිය තලයේ සිටින කලාකරුවෙක්. ඔබගේ පැරැණි පෙම්වතියන් පසුකාලීනව ඔබට හමුවෙන්න ඇති නේද? එහිදී ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඔව්. පළමු ප්‍රේමය ඇතිකර ගත් කෙනා පසු කාලීනව මගේ හිතවතියක් වුණා. මගේ සහෝදරියන් එක්ක වැඩකළා. ඊට පස්සේ මුණ ගැසුණා. ඒක ලොකු දෙයක් බවට පත්වුණේ නෑ. හැබැයි දෙවැනි, තුන්වැනි පෙම්වතියන් මට මුණගැසුණේ නෑ. ලොකු කලබැගෑනියක් එක්ක වෙන්වුණු දෙවැනි පෙම්වතිය මා හිතන්නේ දැන් ලංකාවේ නෑ. එයා හමුවුණොත් කොහොම වෙයිද දන්නේ නෑ. හැබැයි ප්‍රේමනීය සිතුවිල්ලක් ඇතිවූ කෙනෙක් පොඩ්ඩක් හරි හමුවුණාම, ඒක තදින් හිතට වදිනවා. පාසල් කාලයේ අපි ට්‍රයි කළ කෙල්ලෝ හමුවුණාම දැන් කියනවා, මම ඒ දවස්වලට ඔයාට ට්‍රයි කළානේ කියලා. එතකොට එයා කියන්නේ ‘ආනේ ඇත්තද?’ ඉතිං අහන්න තිබුණනෙ, එහෙනම් යාළු වෙන්වානේ’ කියලා. නමුත් දැන් එහෙම ආදරයක පැටලිලා ආධ්‍යාත්මිකව විඳින්න පුළුවන් මට්ටමක නොවෙයි මා දැන් ඉන්නේ.
සමන්ත යහම්පත්
ලංකාදීප