හේ අරුමැසි සිහින ස්වර වර්ණ ගෙත්තම් කරන්නෙකි. මිනිසුන්ගේ දහදිය කඳුළ සුසුම හොඳීන් හඳුනන හෙතෙම සිය නිර්මාණ සඳහා පාදක කර ගන්නේ සිය ජීවිත මීමන්සාවෙන් උපයා සපයා ගන්නා දෑමය. මෙවර සන්සිල්ක් සිනමා සම්මාන උලළේදී මෙරට හිණිපෙත්තටම නැගි සිනමා සංගීතඥයින් පරයා හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා වන සම්මාණය පමණක් නොව හොඳම ගායකයාට හිමි සම්මානද ඔහු තම භුක්තියට නතු කරගත්තේය. ඒ සමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කළ ‘මෝටර් බයිසිකල්’ සිනමාපටය සඳහාය. හේ වෙනකකු නොව අපේ කාලයේ අරගලකාරී සංගීතඥයා ය. නමින් ඔහු අජිත් කුමාරසිරිය. අපි ඔහුට ඉඩ දුනිමු,
මෙවර සන්සිල්ක් සිනමා සම්මාන උලළේදී හොඳම චිත්‍රපට පසුබිම් සංගීත අෂ්යක්ෂණය හා හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා යන අංශ දෙකෙන්ම ඔබ සම්මානයට පාත්‍ර වනවා. මේ ඇගයීම කොහොමද ඔබට දැනෙන්නේ.
ඒකේ ආයි වචන දෙකක් නෑ, සම්මාන හිමි වීම ගැන සන්තෝෂයි. නමුත් එච්චර ප්රගතිශීලී ජූරියක් ඉඳීයි කියලා මං හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ.
2016 වසරෙ තිරගත වූ චිත්‍රපට සමඟ සසඳා බලද්දි ‘මෝටර් බයිසිකල්’ සිනමා පටයේ පසුබිම් සංගීතය ඉතාම ප්‍රසස්ත මට්ටමක පැවතුණා වගේම ඒ ගැන පුරවැසි මාධ්‍යජාලවල හා ඉන් පිටත විචාර, සංවාද ඇති වුණා, සිනමා ශාලාවලට නොගිය තරුණ පරම්පරාවක් මේ චිත්‍රපටය වැලඳ ගත්තා. ඒ නිසා නොදී ඉන්න බැරිකමට දීපු සම්මාන නෙමෙයිද මේ?
ජූරියකට එහෙම නොදී ඉන්න බැරිකමක් නැහැ. ඉතිහාසය පුරා මෙතෙක් පැවති ජූරි කටයුතු කරල තියෙන්නෙ ඒ ආකාරයට. ජූරිවලට ඕනම සෙල්ලමක් දාන්න පුළුවන් කමක් තිබුණා. මේ ජූරිය තුළ අත්දැකීම් තිබුණු අය හිටියා. ඒ නිසා ඔබේ කියන දේ මෙහි එක අර්ධයක් විතරයි. ඒනිසා තීරණ ගැනීමේදී ජූරියට කොන්දක් තිබුණු එක ගැන මට ඇගයීමක් තියෙනවා. ඒක තනිකරම සමාජ මාධ්‍යවලට විතරක් බාර දෙන්න මම කැමති නැහැ. ඇත්තම කිව්වොත් සමාජ මාධ්‍ය ජාල ඇතුළෙ ජූරිය තරම් ප්රගතිශීලී බවක් තිබුණෙ නැහැ. වෙළෙඳදැන්වීම් කරන විචාරකයො විසින් ඒ අවකාශය අයිති කරගෙනයි තිබුණේ.
ඔව්, ඔබ කියන දේට එක පැත්තකින් මම එකඟයි. මේක ලොකු තරඟයක්, එක පැත්තකින් නදීක ගුරුගේ. අනෙක් පසින් චිත්‍රාල් සෝමපාල. මේ පැත්තෙ ඔබ. ඒ නිසා අවංකව මේ තීරණය ගැනීම සම්බන්ධයෙන් ජූරියට හිස නමා ආචාර කළ යුතුයි. හොඳයි, නව අත්හදා බැලීම් කරමින් සංගීත නිර්මාණකරණයෙහි නියැළෙන්නෙක් විදියට ඔබ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා විදියට සිදු කළ අභ්‍යාසය මොන වගේ එකක්ද?
‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටියේ අත්දැකීම (Experience) තුළ අවධි කිහිපයක් තියෙනවා. එතනදි මං එක්ස්පීරීයන්ස් කළ එක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්නෙ ජෝන් කේජ් (John Cage). මං ඔහුව ඉතා හොඳීන් අධ්‍යනය කළා. නමුත් මම මොන විදියකින්වත් ඔහුව කොපි කළේ නැහැ. එයාගේ සංගීතය තුළ විවිධාකාරයේ මියුසික් දකින්න පුළුවන්. එයාගෙ නිශ්ශබ්දතාවය පිළිබඳව තියෙන කියැවීම මට ‘මෝටර් බයිසිකල්’ සිනමා පටයේදි ලොකු බලපෑමක් කළා. සිනමා සංගීතය තුළ පාවිච්චි කරන ටී.ඩී.එස් න්‍යාය (T.D.S Theory) කඩල දාන්න මම ලොකු සැලසුමක් හදල තිබුණා. ඒ සඳහා විවිධ අත්හදාබැලීම්වලට මම ගියා. ඒ නිසා මේ තුළ සම්භාව්‍ය සංගීතය (Classical music), ස්පාඤ්ඤ සංගීතය (spanis music)...වගේ සම්ප්‍රදායන් බොහෝමයකට යන්න මට හැකියාව ලැබුණා.
ඒක එළියට පේන්නේ නැහැ. නමුත් ඒක සිනමා විචාරකයින් අතින් එළියට එන්න ඕන කාරණාවක්. කේජියන් ආභාසය, ඇතුළු ලෝකයේ අනෙකුත් සංගීත සම්ප්‍රදායන් මම මේ සඳහා යොදා ගත්තා. විශේෂයෙන්ම ඉතාලියානු හාමනිවල (Italian Harmony) ආභාසය. ඒ වගේ ම මම සමහර තැන්වල ගිටාරයේ කම්බ් අවුට් කරමින් අපේ කනට නුහුරු සබ්ද නාද රටාවන් එළියට ගන්න උත්සාහ කළා. සිනමාපටය නරඹමින් ඒ අතර තුර පියානෝව සහ ගිටාරය වයමින් මමත් චින්තකත් විවිධ වර්ණ හැඩතල මේ තුළට ගෙනාවා. සජීවී ව ජෑම්ස් එකක් වාදනය වෙන්න ඇරල ඒක සමහර තැන්වලට යොදාගත්ත. විශේෂයෙන්ම මුහුදු වෙරළ ආශ්රිත දර්ශනයෙදි. ඒ වගේම සමනලී තිරණාත්මකව “මම ඔයාගෙන් අයින් වෙනවා” කියන තැනදි නිශ්ශබ්දතාවය දැඩිලෙස යොදා ගත්තා. ඇත්තටම මේක විවිධ අත්හදා බැලීම් කරමින්, සංගීත සංයෝජනය කරපු චිත්‍රපටයක්.
මේ කරපු අභ්‍යාසයේ ප්‍රතිපලය අද ඔබ විඳීනවා. නමුත් ඔබ දැන් සඳහන් කළ කාරණා ලංකාවෙ සිනමා විචාරයට හසුවෙන්නෙ නැහැ නේද. චිත්‍රපටය බලල කතාව, කැමරා කෝණ, ආලෝකය, පසුතල, රංගනය,... ආදී දේවල් ගැන උනන්දු වන විචාරකයා එහි පසුබිම් සංගීතය එහි උචිත අනුචිත බව කියවන්නෙ නැහැ නේද. ලංකාවේ සිනමා විචාර කලාව සම්බන්ධව ඔබ මොකද හිතෙන්නෙ?
පරණ චින්තකයෙක් වුණු ප්ලෙකනොව් (plekhanov) ඔහුගේ කලාව සහ සමාජ ජීවිතය (Art & Social Life) කියන පොතෙහි සඳහන් කළා “ critic must be a thinking person but every thinking person can't be a critic” “ විචාරකයා හිතන මිනිහෙක් වෙන්න ඕන. හැබැයි හැම හිතන මිනිහෙක්ටම විචාරකයෙන් වෙන්න බැහැ” කියල. නමුත් බල්ලොයි, නරියොයි, පූසොයි, A to Z මිනිස්සු සංගීතය මේ වෙනකොට බයිට් එකට අරගෙන තියෙනවා. චිත්‍රපට පවා එහෙමයි. ඒ අය සකල කලා වල්ලභල වගේ සංගීතය ගැනත් කතා කරනව. වෙන වෙන දේවල් ගැනත් කතා කරනව. හැබැයි මේ අයට සිනමා සංගීතය ගැන නිශ්චිත හැදෑරීමක් නැති බව ඒ අය ලියන කියන දේවල්වලින්ම පේනවා. සිනමා සංගීතය ගැන දන්නව නම් මේවා මෙහෙම වෙන්නෙ නැහැ.
මං දැක්ක එක විචාරකයෙක් කියනවා 80ව දශකයේ අජිත් කුමාරසිරිගෙ සංගීතය නෙමෙයි මෙතෙන්ට ඕන, ජෝන් කේජ්ගේ (John Cage) මියුසික් තමයි මේකට ඕන කියලා. අහල බැලුවම එයා ජෝන් කේජ් ගැන දන්නෙත් නැහැ. 80ව දශකය ගැන දන්නෙත් නැහැ. අඩුම තරමෙ ජෝන් කේජ් චිත්‍රපටි මියුසික් කළෙ නැහැ කියලවත් එයා දන්නෙ නෑ. හැබැයි මාර පොරවල්. මේක වෙලා තියෙන්නේ නිවැරදි විචාරයක් කරන්න අධ්‍යනය කරන්න දන්නෙ නැති කම. මේ වගේ අයව මම දකින්නෙ හැමදේම දන්නව වගෙ, එක එකාගෙ නම් පාවිච්චි කරල ජනප්‍රිය වෙන්න ට්‍රයි කරන පුද්ගලයින් හැටියටයි. බටහිර පිලොසොපර්ස්ලගෙ සහ රයිටස්ලගෙ නම් ටිකක් කට ගාගෙන, කාගෙන් හරි එහෙන් මෙහෙන් මොනව හරි අහගෙන පොඩි බබා ටයිප් එකේ වැඩක් මේ අය කරන්නේ. ඒ හැරෙන්න මහන්සිවෙලා ස්ටඩී එකකින් ලියන අය නෙමෙයි මේ අය.
මෙය නිර්මාණකරුවගෙ පැත්තෙන් ඛේදවාචකයක් වෙනව වගේම ප්‍රේක්ෂක ජනතාවගේ පැත්තෙන් බැලුවත් ඛේදවාචකයක්. මේ අයගෙ නැරඹුම වගේම විචාරය අන්ත දිළිඳුයි. මේ විදියට පෙනී ඉන්න මේ අයට අත්තටු ලැබෙන්නේ කොහොමද? කවුද මේ අයව නඩත්තු කරන්නේ?
කලා විචාරය ඇතුළෙත් කල්ලිවාදයක් රජ කළා. මේ ජූරියේ තීරණයත් එක්ක මේ ලැබෙන ඉඩ මීට වඩා පුළුල් වෙනව නම්, විචාරය හා නිර්මාණය කියන දෙපැත්තම ගැන ඕපන් කතා කරන්න මම කැමතියි. ඇත්තටම මම ආසයි එහෙම කතා කරන්න.
මේ ජූරිය වුණත් පරණ භාවිතයන් ටිකක් උඩ දාළ පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. හරියට අරන් තියල පස්සෙ ගන්න වගේ. මොකද දැනටමත් ප්රතිවිරෝධතා මතුවෙමින් එන නිසා තාවකාලිකව එහෙම තියාගෙන ඉන්න ඒ අය උත්සාහ කරනව ඇති. මේ ජූරිය ගැන ගත්ත වගේම තීන්දුවක්, මේ ඊනියා විචාරකයෝ ගැනත් මේ රටේ ප්‍රේක්ෂකයෝ පාඨකයෝ ගන්න ඕන. ඇත්තටම මේ පරණ විචාරකයො ටික අයින් කරන්න කාලය ඇවිල්ලා.
සිනමාව මේ තත්ත්වයට ඇදල දැම්මේ මේ ඊනියා සිනමා විචාරකයො ටික. පත්තර පිටුවලට මොනව හරි ලියල එදාවේල හොයා ගන්න ඊනියා මාධ්‍යවේදී විචාරකයෝ ටිකක් මේ ඉන්නේ. මේ ඊනියා දාර්ශනික විචාරකයො එක්ක විෂයක් ගැන කතා කරන්න ගියාම මේ අය කවුද කියල පැහැදිලි වෙනවා. මේ අය එළවල ප්‍රාමාණික දැනුමක් තියෙන මිනිස්සු ටිකක් මේ තැන්වලට එන්න ඕන. ඒකට අසූව දශකයේ ඉඳල ආපු පත්තරකාරයො ටික අයින් කරල දාන්න ඕන.
මොකද ඉදිරියෙ එන අලුත් සිනමා ප්රවණතා එක්ක මුහු වෙන්න ඔවුන්ට හැකියාවක් නැහැ. එහෙම අලුත් එකෙක් තමන් යටතෙ ඉන්නව නම් ඔවුන්ට මතුවෙන්න ඉඩ නොදී පැත්තකින් තියන්න මේ අය කරන්න පුළුවන් හැම දේම කරනවා. ඒත් ඔවුන් මතක තියා ගන්න ඕන ඒක හරියට රබර් බෝලයක් වතුර යට තියාගෙන ඉන්න උත්සාහ කරනව වගේ වැඩක් කියල. අඩුම තරමින් ඔවුන්ට ඉඩ දී තමන්ගෙ නොදැනුම අවබෝධ කරගෙන හරි ස්ටඩී එකකටවත් යන්න ඕන. එහෙම නැති අයට ඉදිරියේදි පැවැත්මක් නැති වේවි.
එකම සිනමා ශාලාවක චිත්‍රපට දෙක තුන කාලය වෙන් කරලා පෙන්නනවා. මේ නිසා නිදහසේ සිනමාව රසවිඳපු ප්‍රේක්ෂකයට සිනමා ශාලාව යෝජනා කරන කාලය අනුව චිත්‍රපට බලන්න සිද්ද වෙලා. වාණිජමය සිනමාවක් හදන්න කියල හිතාගෙන කරන මේ වැඩේ හරිද?
මගේ පෞද්ගලික අදහස නම් ඔය කර්මාන්තමය සිනමා සුවය කියන එක ඇතුළෙ ඔය අපි කතා කරන මනුස්ස කමේ සුවය නම් ගන්න වෙන්නෙ නැහැ. උදාහරණයකට සංගීතය කර්මාන්තයක් නොවන තරමටයි ඒක මනුස්සයෙක්ට ආර්ට් එකක් බවට පත්වන්නේ. විශේෂයෙන්ම මේ වගේ පසුගාමී රටක දියුණු ව්‍යවසායකයින් සොයාගන්න අමාරුයි. කලාකාරයො කියන අයටත් එවැනි මානසිකත්වයක් නැති කොට නිෂ්පාදකයට එහෙම එකක් ඇතිවෙයි කියල හිතන්න බැහැ. ඇතැම් විට කලාකාරයින්ට වඩා කලාව ගැන අවබෝධයක් තියෙන හොඳ නිෂ්පාදකයො ඉන්න පුලුවන්.
මේ වෙද්දි මිනිස්සු සිනමා ශාලාවෙම නොවුණත් පෞද්ගලිකව හෝම් තියටර් හදාගෙන හෝ වෙනත් ස්ථානවල සිනමා රස විඳීනවා. ඒ නිසා මිනිස්සු මොන විදියකින් හරි චිත්‍රපටි බලයි. ඒක නිසා ආර්ට් ඇතුළෙ කර්මාන්ත පුර හදන එක ගැන මගේ විශ්වාසයක් නැහැ. බොලිවුඩ් සිනමාව ගත්තොත් කර්මාන්තමය සිනමාව අතින් මාර ඉස්සරහනෙ තියෙන්නේ. ඒත් දැන් බලන්න පුළුවන් ෆිල්ම් තියෙන්නෙ අතළොස්සයි. මම හිතන්නේ කර්මාන්ත සුවයයි මනුස්සකමයි අතරෙ විශාල පරතරයක් තියෙනවා. ඒත් සෑහෙන කාලයක් යාවි ආර්ට් ෆීල්ඩ් එකට ඒ විදියෙ දියුණු කර්මාන්තමය ස්වරූපයකට පත් වෙන්න. මේ මොනදේ කරන්නත් කලින් ආර්ට් දියුණු වෙන්න ඕන. ආර්ට් දියුණු වෙලා නැති තැනක කර්මාන්තයක් බිහි කරගත්තම ආර්ට් දියුණු වෙන්නෙත් නැහැ. කර්මාන්තය දියුණු වෙන්නෙත් නැහැ.
සංවාද සටහන :රසික කොටුදුරගේ