නිළියක්, නර්තන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් විදියට ක්ෂේත්රයේ නමක් දිනා සිටින චමත්කා ගැන බොහෝ දෙනා කතාබහ කරන්නට පටන් ගත්තේ ඇය ඉරාජ්ගේ “ගිනියම් රෑ” ගීතයේ රූප රචනාව සඳහා ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කිරීමෙන් පසුවයි. පහුගියදා චමත්කාගේ විවාහය ලියාපදිංචි කෙරුණේ වෙනස්ම ආකාරයකටයි. ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි චමත්කාට කතා කළා.
මුලින්ම අපි කැමති ඔබේ ආදරවන්තයා ගැන දැනගන්න?
එයාගේ නම මිථිල මොහන්දිරම්. සීමන් කෙනෙක් විදියට තමයි ඔහු රැකියාව කරන්නේ.
චමත්කාට මිථිලව මුණ ගැහුණේ කොහොමද?
ඒ වසර ගණනාවකට කලින්. මගේ මිතුරකු හරහා තමයි අපි දෙන්නා දැන හඳුනා ගත්තේ. කාලයක් ඇසුරු කරද්දී අපි දෙන්නා හොඳම යාළුවෝ බවට පත්වුණා. ඔය විදියට ඉද්දී මිථිල එයාගේ අදහස මට කිව්වා. ඒ 2016 වසරේදී මමත් ඒ යෝජනාවට කැමැති වුණා. ඒ ආදරය තමයි විවාහය දක්වා දුරදිග ගියේ.
විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවය වෙනස්ම විදිහේ එකක් වුණා කියලයි ආරංචි?
(හිනැහී) ඒක සප්රයිස් එන්ගේජ්මන්ට් එකක්.
ඒ කිව්වේ?
පහුගිය කාලේ මිථිලයි මමයි අපේ එන්ගේජ්මන්ට් එක ගැන සැලසුම් කරමිනුයි හිටියේ. ඔය අතරේ මට ඕපඪඤතඥ ඉඩධඹ එකකට ආරාධනා ලැබුණා. මගේ ඡායාරූප ශිල්පියා ඇඳුම් නිර්මාණ ශිල්පියා, වේෂ නිරූපණ ශිල්පියා මාව සූදානම් කරලා එතැනට අරගෙන ගියා. එතැන මිථිලත් හිටියා. ඒ අය ඕපඪඤතඥ ඉඩධඹ එකක් කියලා මට කියලා තියෙන්නේ බොරුවට. හැමෝම එකතු වෙලා සප්රයිස් එන්ගේජ්මන්ට් එකකුයි එතැන සූදානම් කරලා තිබුණේ. පවුලේ අයයි හිතවතුනුයි විතරක් හිටපු චාම් උත්සවයක් විදියට සංවිධානය වුණත් ඒක අංගසම්පූර්ණ උත්සවයක් බවට පත්වුණා.
එතකොට කවදද විවාහ උත්සවය ගන්නේ?
මේ වසරේදීම ඒකත් සිදුවෙනවා. හැබැයි එය විදෙස් රටක සිදු කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.
නිළියන්, ගායිකාවන්, නිරූපිකාවන් විවාහයශ්රීත් සමග කලාවෙන් සමුගන්නවා. චමත්කාත් එහෙම තීරණයකද ඉන්නේ?
මගේ කලා කටයුතුවලට මිථිලගෙන් කිසිම බලපෑමක් නැහැ. ඒ හින්දා මින් ඉදිරියටත් මම දිගටම කලාවේ රැඳිලා ඉන්නවා.
විවාහයෙන් පස්සෙත් “ගිනියම් රෑ” වැනි ආන්දෝලනාත්මක නිර්මාණයකට යළි ආරාධනා ලැබුණොත්?
නිරුවත හෝ ලිංගිකත්වය කලාත්මක විදියට මතු කරවිය හැකි නම් සහ එය හොඳ නිර්මාණයක් නම් ඒ ගැන මම සීමා පනවා ගන්නේ නැහැ. මගේ ආදරවන්තයට මගේ කලා ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ හින්දා ඉදිරියටත් ඕනෑම නිර්මාණයකට දායක වන්න මට පුළුවන්. ඒත් විවාහයත් එක්ක මා විසින් මටම යම් යම් සීමා පනවා ගන්න ඉඩ තියෙනවා.
ආරියවංශ කුලතිලක
ඡායා : මිහිර බණ්ඩාර