දැන් හැමෝම කතාවෙන්නේ දෙවෙනි ඉනිමේ රවී ගැන. පහුගිය දවස්වල රවී රට ගිහිල්ල හිටියෙ. ඒත් ලංකාවට අරගෙන ආවේ රවිගේ දේහය. ඇත්තටම රවී මැරුණාද? මැරුවාද?.
මේ ගැන ඇත්ත නැත්ත දන්නේ දෙවැනි ඉනිමේ අධ්යක්ෂ සාරංග මෙන්ඩිසුයි තිර පිටපත ලියන සමන් එදිරිමුණියි. කොහොම වුණත් රවීට මොකද වුණේ කියල දැනගන්න අපි බිමල්ට කතා කළා. හැබැයි බිමල් කිසිම සද්දයක් නෑ. ඒක හින්දා අපි සමන් එදිරිමුණිගෙන් ඒ ගැන ඇහුවා...
වැඩ කිහිපයක්ම ඔලුවේ තියෙනවා. පළමු වැඩේ විදියට වෙනස්ම තේමාවකින් අලුත් ටෙලිනාට්‍යයක් සැලසුම් කරලා තියෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින විකාශනය වේවි.
සිඳුගෙන් පසුව ඔබ ලියන දෙවැනි ඉනිම දැන් දුර ගියා වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
ඒකට මම මෙහෙම කියන්නම්කො. මඟුල් කෑම මේසයක අපි බත් කනවා. කැමැති තරමක් කන්න පුළුවන්. ඇති වුණාම නවත්තන්නත් පුළුවන්. නමුත් මේසෙ අස් කරන්නේ නෑ. මොකද තවත් අය කන්න ඉන්න නිසා.
දෙවැනි ඉනිම කොටස් දහස දක්වා අරගෙන යනවලු. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
කතාවේ රේටින් තියෙනවා නම්, ජනතාව ඉල්ලනවා නම්, කොටස් දහස නෙමෙයි... දස දහසක් දක්වා වුණත් ගෙනියන්න මම ලෑස්තියි. හැබැයි. ඊට කලින් මේක රහ නෑ කියලා මට දැනුණොත් මම නවත්වනවා. මේ ටෙලිනාට්‍යවල කාගෙවත් ඒකාධිකාරයක් නැහැ. ඒ නිසා කාටවත්ම මේක නවත්තන්න බෑ. කෙනෙක් ඉවත් වුණොත් තවත් කෙනෙක් එතනට අනුගත වෙනවා.
රවී මරා දැම්මේ ඇයි?
මම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නෑ. හේතුව උත්තර දෙන්න ගියාම රසිකයන් තම තමන්ට කැමැති උත්තරය හොයනවා. ඒක මගෙ උත්තරයට නොගැලපුණාම මට බණිනවා. ඒ නිසා මම මෙහෙම උත්තර දෙන්නම්.
- 1. මේ කතාවේ කොටස් තුන්සියය අවසන් වෙනකොට රවී කතාවෙන් ඉවත් විය යුතුව තිබුණා. ඒ නිසා අයින් කළා. එහෙම කැමැති අය එහෙම හිතා ගන්න.
- 2. මේ කතාව ඇදෙනවා, නීරසයි, බිමල් ජයකොඩි මහත්මයා මේකෙන් අයින් වුණා. එයාගෙ කැමැත්තෙන්ම අයින් වුණා කියලා හිතාගන්න පිරිසක් ආසයි. ඒ අය එහෙම හිතාගන්න.
- 3. තව පිරිසක් කියනවා මුදල් ගෙවනවා මදි කියලා අයින් වුණා කියලා. තව පිරිසක් කියනවා වැඩිපුර මුදලක් දීලා බිමල් ජයකොඩි මහත්තයා ඉස්සුවා කියලා. කැමැති අය එහෙම හිතාගන්න.
මේ උත්තරවලට අමතරව වෙනත් දෙයක් හිතෙනවා නම් එහෙම හිතාගෙන කතාව බලන්න. රවී මැරුණ කියල නම් ඒකාන්තයෙන්ම මට කියන්න පුළුවන්. ඒ වගේම රවීගේ මරණයත් දෙවැනි ඉනිමට විශාල ආලෝකයක් වුණා.
දෙවැනි ඉනිමේ කතා ශෛලිය ගැන ප්‍රේක්ෂකයන්ගේ විවේචන තියෙනවා නේද?
මම ජීවිතයේ බොහෝ දේ ඉගෙන ගත්තේ පාසලෙන්. ඒ නිසා සමාජය පාසලේදී නරකයි කියන කිසිම දෙයක් මට නරක නැහැ. නමුත් රූපවාහිනියේ පෙන්නන්න පුළුවන් තරමට සංස්කරණය කරමින් පෙන්නමින් ඉන්නවා. එතනදි සියල්ල නියාමනය කරලා තමයි ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න සලස්වන්නේ.
පැහැදිලිවම දෙවැනි ඉනිමේ කුණුහරුප නෑ. ඩබල් මීනින් නෑ. අනවශ්‍ය රූප රාමු නෑ. කතාව පුරාම තියෙන්නේ ආදරය විතරයි.
ඒ වුණාට පාසලේ ක්‍රීඩා ගුරුවරු මේ විදියට හැසිරෙන්නේ නැහැනෙ?
ඒක ඒ ඇක්ෂන් එක තුළ දැනෙන දෙයක්. මම නම් ඒකෙ වෙනසක් දකින්නේ නෑ.
ලයනල් සඳුන් කියන්නේ අතිශය කළු, ගුරු භූමිකාවට අගෞරව කරන චරිතයක්. මම ලයනල් සඳුන්ව එතනට දාලා තියෙන්නේ එවැනි ගුරුවරුන්ට අපහාස කරන්න.
ඒකනායක වැනි ගුරු දෙවිවරු ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා. එවැනි ගුරුවරුන්ට උපහාරයක් විදියටයි ඒකනායක ගුරු චරිතය මේකට සම්බන්ධ කළේ.
නාට්‍ය කොපමණ ජනප්‍රිය වුණත් සම්මාන උළෙලකදී ඔබව ඇගයීමට ලක්වුණේ නෑ?
මෙහෙමයි. ලංකාවෙ සම්මාන උළෙලවලට අනුව කොටස් සියයට වඩා වැඩියෙන් ටෙලිනාට්‍ය කරන අය පිටපත් රචකයන් නෙමෙයි. ඒක නිසා මම හොඳටම දන්නවා මට කවදාවත් සම්මානයක් ලැබෙන්නේ නෑ කියලා. ජනප්‍රියම ටෙලිනාට්‍යයට හිමි සම්මානය ලැබුණාම ඒකෙන් කොටසක් මටත් අයිතියි. නමුත් චැනල් පවතින්නේ කොටස් සියයට වැඩි ටෙලිනාට්‍ය නිසා. මොකද ඒ අය තමයි චැනල් එකට ආදායම් ගේන්නේ.
ඔබ සම්මාන උළෙල වර්ජනය කරනවා?
මගේ ටෙලිනාට්‍යයකට මුලින්ම සම්මානයක් ලැබුණේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී. ඒ සි» ටෙලිනාට්‍යයට. නමුත් මම නොදැන එතනට ගියා. ඉන් පස්සෙ ආවා සුමති සම්මාන උළෙල. එතනදී තමයි මට තේරුණේ SMS වලිනුයි තෝරන්නේ කිසිම නිගමනයක් නෑ කියලා. ලංකාවේ ජනගහනයට වඩා SMS තිබුණත් ඒක සත්‍ය වාර්තාවක්. මේක තනිකරම බොරුවක්. ඒකට විරෝධයක් විදියට දෙවැනි ඉනිමට ජනප්‍රියම ටෙලිනාට්‍යයට හිමි සම්මානය ලැබුණත් නැතත් මම මේ සම්මාන උළෙලට එන්නේ නෑ කියලා කිව්වා. ඒ වගේම දෙවැනි ඉනිමට සම්මාන ලැබුණා. මම ගියේ නෑ. නමුත් ස්ලිම් නීල්සන් සම්මාන උළෙල ගැන මගේ ලොකු කැමැත්තක් තියෙනවා.
මහේෂ් එදිරිසිංහ