චත්‍ර කුළුදුල් නිර්මාණයෙන්ම සිනමා ඉතිහාසයේ සලකුණක් තිබ්බා නේද ?
දෙරණ සිනමා සම්මාන උළෙලේ දී ආලෝකෝ උදපාදී ඇගයිමකට ලක් කරලා තිබුනා. ඒ ගැන සතුටුයි. ගොඩක් ම අපිට ඇවිත් තිබුනේ තාක්ෂනික අංශයේ සම්මාන ටික. මන් හිතනවා ඒක සාර්ථක සහ සාධාරණ ඇගයීමක් කියලා. Best film, best direction, most popular villain role, best cinematography, best editing, best original music score, best sound design, best art direction, best visual effects, best makeup, best costume, best lyrics, best singing යන සම්මාන සදහා මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ දී නාමයෝජනා වුනා. එයින් සම්මාන නවයක් ම ආලෝකෝ උදපාදී චිත්‍රපටය ජයග්‍රහණය කරා. කුලුදුල් නිර්මාණයක් වුනු චිත්‍රපටයකට එවැනි සම්මාන ප්‍රමාණයක් ලැබීම මන් හිතන්නේ විශේෂත්වයක්.
නමුත් හොදම අධ්‍යක්ෂණය සහ හොදම චිත්‍රපටය යන සම්මාන ආලෝකෝ උදපාදී තුලින් ගිලිහෙනවා. ඒ පිළිබද කලකිරීමක් නැද්ද ?
ඇත්තටම නැහැ. තමන්ගේ පලවෙනි චිත්‍රපටයෙන්ම හොදම අධ්‍යක්ෂණය සහ හොදම චිත්‍රපටයට නාම යෝජනා වීමම ලොකු සතුටක්. අපි කොහොමටවත් හිතුවේ නැහැ මෙච්චර දුර එයි කියලා. ඒක සැහෙන්න වටිනවා. අනික ඕනිම චිත්‍රපටයක් ගත්තාම ඒකට අදාළ ව තියෙනවානේ ප්‍රධාන අංශයන්. ඒ කාරණා ටික සියල්ල ම සම්පුර්ණ වෙන්න ඕනි නිර්මාණයක් ඉස්මතු වෙන්න නම්. මන් හිතන්නේ ජූරිය අරන් තිබුනේ ඉතා සාධාරණ තීරණයක්. 28 කියන්නේ මට දැනුනු විදියට නම් අංග සම්පුර්ණ නිර්මාණයක්. ඒ ඇගයීම ඒකට හම්බෙන්න ඕනි එකක්.
ආලෝකෝ උදපාදී ආරම්භයේ සිටම සිනමාවේ හැරවුම් ලක්ෂයක් කියලා බොහෝ දෙනා කිව්වා. දෘශ්‍ය ප්‍රයෝග භාවිතය විශේෂ හේතුවක් වුනා ද ?
මෙහෙමයි. 2013 අග තමයි ආලෝකෝ උදපාදී සංකල්පය එලියට එන්නේ. ඒකත් එක්ක පිටපත ලියවෙනවා. මාස අටක් විතර යනවා පෙර නිෂ්පාදන කටයුතු. 2014 මැයි පලවෙනි දා තමයි ශුට් එක පටන් ගන්නේ. ඒක දවස් හැට දෙකක් විතර යනවා. ඊට පස්සේ මාස දහඅටක් වගේ පසු නිෂ්පාදන කටයුතු වලින් අනතුරුව 2017 ජනවාරි තමයි චිත්‍රපටය එලියට එන්නේ. අපි 2015 මාර්තු 15 වෙනිදා ට්‍රේලර් එක නිකුත් කරනවා. ඒ සමගම හිතපු නැති විදියට බොහෝ ප්‍රතිචාර අපිට ලැබෙන්න ගත්තා. ඒ විශේෂ කර්තව්‍යය ඇතුලේ කරපු නිර්මාණය එක්ක එක්ක බොහෝ දෙනා කිව්වා ආලෝකෝ උදපාදී සිනමාවේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලත්.මන් හිතන්නේ දෘශ්‍ය ප්‍රයෝගත් විශේෂ හේතුවක් වුනා චිත්‍රපටයට.. අපි අධ්‍යාපනය හැදෑරුවේත් ඒ විශයෙන්. ඒ නිසා අපිට අවබෝධයක් තිබුනා චිත්‍රපටයකට දෘශ්‍ය ප්‍රයෝග භාවිතා කරන්නේ කොහොමද කියලා. ඒකත් එක්ක වෙනසක් කරන්නේ කොහොමද කොතැනට ද කරන්නේ කියන එක ගැන අවබෝධ කරගෙන අපි ඒ වෙනස කරා. අන්තිමට ආලෝකෝ උදපාදී වෙනුවෙන් best visual effects සදහා වූ සම්මානය දිනා ගන්නත් අපිට පුළුවන් වුනා.
ආලෝකෝ උදපාදී මෙයට පෙර ජාත්‍යන්තර තලයට අරගෙන ගියා. එහිදී ලැබුණු ඇගයීම මොන වගේ ද ?
49 වෙනි ගෝවා ජාත්‍යන්තර සම්මාන උළෙලට අපි තේරුනා. ඒක A ශ්‍රේණියේ සිනමා සම්මාන උළෙලක්. එහිදී තමයි ලෝකෙටම ආලෝකෝ උදපාදී පළමු ප්‍රදර්ශනය තිබ්බේ. නමවෙනි බෙංගලාරු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී ඉන් අනතුරුව චීනයේ තිබුණු විසි වෙනි Shanghai සම්මාන උළෙලේ දී විශේෂ තේරීමකට ලක් වුනා. ඒ වගේම මෑතකදී International UK Asian film festival හිදීත් අපිට විශේෂ තෝරා ගැනීමකට ලක් වුනා. චිත්‍රපටය තුලදී හැමෝම එකම කණ්ඩායම් හැගීමකින් වැඩ කරා. අපි නිර්මාණය පිළිබද නිදහසේ හිතලා අපේ නිර්මාණ දායකත්වය දුන්නා. අනිත් අය මොනවා කියයි ද නොහිතා අවංකව කරපු නිර්මානයක් මේක. මේ හැම දෙයක්ම පිටිපස්සේ තාත්තා හෙවණැල්ලක් වගේ හිටියා. මග පෙන්නුවා. ඒ වගේම තුසිත විජේසේන මහතා විශේෂයෙන් මතක් කරන්න ඕනි. ලොකු පිරිවැයක් දරලා අවධානමක් අරගෙන ආධුනිකයින් පිරිසකට දැවැන්ත නිර්මාණයක් කරන්න නිෂ්පාදකවරයෙකු ඉඩ හසර සලසනවා කියන්නේ විශාල දෙයක්. මන් හිතන්නේ අපි ලබපු හැම ඇගයීමක්ම සම්මනයක්ම පිටිපස්සේම තිබුන සාර්ථකත්වය ඒක.
නව පරපුරේ සිනමාකරුවෙකු වුනු සුළග ගිනි අරන්හි අධ්‍යක්ෂක විමුක්ති ජයසුන්දර තමන්ගේ චිත්‍රපටය සම්මාන උළෙලන් ඉවත් කරගන්නවා. ඒ පිළිබද ඔබගේ අදහස මොකක්ද ?
මට හරි කනගාටුයි ඒ මොහොතේ එහෙම දෙයක් වෙච්ච එක ගැන. අපි අපේක්ෂා කරනවා ඒ වගේ සිනමාකරුවෙකු මිට වඩා වගකීමකින් මේ දිහා බලයි කියන එක. මේක පොඩි පිරිසක් ඉන්න ක්ෂේත්රයක්. අපි හැමෝම එකට එකතු වෙලා කරන්න ඕනි ගේම් එකක් මේ. කලාත්මක චිත්‍රපට වලට නිසි ඇගයීමක් ලැබෙන්නේ නැහැ කිව්වට අන්තිමට හොදම නිර්මාණය වෙන්නෙත් 28. මට කියන්නේ තියෙන්නේ අනිවාර්යෙන් හොද නිර්මාණ වලට ඇගයීමක් ලැබෙනවා. ඒක හොදට අදුරගන්න පුළුවන් ජුරි සභාවක් එතන හිටියා.
වත්මන් සිනමාවට අනුව නවක සිනමාකරුවන්ට සහ සිනමාවට අනාගතයක් තියෙනවා ද ?
පැහැදිලිවම ඔව්, නමුත් මේක ලේසි ගමනක් නෙවෙයි. නිෂ්පාදකවරයෙක් හොයාගෙන කොහොම හරි ගේමක් ගහගෙන චිත්‍රපටයක් කරන්න පුළුවන්. නමුත් රිලීස් කරන එක තමයි ප්‍රශ්නේ. චිත්‍රපට බෙදා හරින්නන් කලාත්මක චිත්‍රපට වලට ඉඩක් දෙන්න මැලි වෙනවා. ඒක තමයි ගැටලුව. මිට අවුරුදු තුනකට කලින් Cinema tomorrow යටතේ නිර්මාණකරුවෝ විදියට අපි බලපු චිත්‍රපට තාම මිනිසුන්ට බලන්න ඇවිත් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. වාණිජ චිත්‍රපට දෙක තුනකට පස්සේ තමයි කලාත්මක චිත්‍රපටයක් වුනත් එන්නේ. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි. මේක අවුරුදු ගානක් තිස්සේ කතා කරන දෙයක්. සිනමාවේ නවකයින් තමයි සිනමාවේ අනාගතය. එයාලට එයාගේ ප්‍රකාශන ඉදිරිපත් කරන්න අවකාශයක් නැති නම් සිනමාවට අනාගතයක් නැහැ.
ආලෝකෝ උදපාදී ඉවරයි. ඊලග පිම්ම මොකක්ද ?
ඊලග චිත්‍රපටය සමාජ කතිකාවතක් ඇතිකරන චිත්‍රපටයක් වෙයි කියලා හිතනවා. එය වෙනස් ආකෘතිය පාවිච්චි කරන්න උත්සාහ කරපු චිත්‍රපටයක්. එහි රූගත කිරීම් අවසන් වෙලා මාසයක් විතර. මේ වෙද්දී පසු නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. තව ටික කාලයක් යයි එලි දක්වන්න.
- අරුණි කළුපහන.