ඔහු තරුණ චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. ඔහුගේ පළමු දීර්ඝ චිත්‍රපටය වන ‘ඉක්කා’ පසුගියදා පැවති දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම සිනමා නිර්මාණයට හිමි සම්මානයෙන් ද පිදුම් ලබන්නේය. ඊට ප්‍රථම කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට, මියුසික් වීඩියෝ ආදී නිර්මාණ ගණනාවක් ද ඔහු විසින් නිර්මාණය කර තිබුණි. මේ ‘ඉක්කා’ චිත්‍රපටයේ අධ්යක්ෂ කෞෂල්‍ය මාධව පතිරණ සමග කරන ලද සංවාදයක සටහනකි.
සිනමාවට එන්න කලින් ඔබ වඩා සමීප වුණේ සංගීතයටයි. සිනමාව දක්වා විකාශනය වන ඒ කලා ජීවිතයට ආරම්භයක් වැටෙන්නේ කොහොමද?
මම පුංචි කාලයේ ඉඳලා ගායනයට යොමුවෙලා හිටියා. ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගලේවෙල පාසලේදීත් විවිධ ප්‍රසංගවල දී මම ගායනා කළා. එතැනින් තමයි කලාව කියන දේට මම මුලින්ම යොමු වුණේ. මට මතකයි පොඩි කාලේ අපේ අම්මා මට මෙලෝඩිකාවක් අරන් දුන්නා. පස්සේ මම ගිටාර් එකත් වාදනය කරන්න පුරුදු වෙනවා. පාසල් කාලයේ ගායනා තරගවලින් මම ජයග්‍රහණත් ලබා ගන්නවා. පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනගත්ත කාලයේදී ඒ හැකියාවන් නිසි ඔප දැමීමකට ලක්වුණා කියලා මට හිතෙනවා. ජන ගායනා, නාට්‍ය වගේ දේට ඒ කාලයේ සම්බන්ධවෙලා ඒවා ගැන අධ්‍යයනයකට අවස්ථාව ලැබෙනවා. අපි ගමේදීත් විවිධ නාට්‍ය රඟදැක්වූවා. ඒ වගේම කලා නිර්මාණ රසවිඳින්න නිතරම අවස්ථාවක් හොයා ගත්තා. හැබැයි මම කලාව එක්ක සම්බන්ධ වෙනවාට පවුලේ අයගේ එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. පස්සේ කාලයේ මම රැකියාවක් සඳහා විදේශ ගතවෙනවා. නැවත ලංකාවට ඇවිත් මම මට අවශ්‍ය විධියට ස්ටුඩියෝ එකක් හදාගෙන මියුසික් කරන්න පටන් ගන්නවා. ඒ වගේම මම ලංකාවට එද්දී කැමරා කීපයකුත් ගෙනාවා. හැබැයි ඒවා හසුරවන්නවත් මම දැනගෙන හිටියේ නෑ. ලංකාවේ මියුසික් කියන දේත් පහත් තත්ත්වයකට පත්වෙන විධියේ නිර්මාණ බිහිවෙනවා දකිද්දී මට එක්තරා විධියකට ලංකාවේ මියුසික් ගැන යම් කලකිරීමකුත් ඇති වෙනවා. අවසානයේ මම නැවත ලංකාවෙන් යන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේ තමයි මට ධනුෂ්ක ගුණතිලක මහත්මයා මුණගැහෙන්නේ. සිනමාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ වෙනවා කියලා මම දැනගන්නේ ඔහුගෙ නුයි. ඒ අනුව මම ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ එදා ආරම්භ වූ සිනමා පාඨමාලාවට සම්බන්ධ වෙනවා. ඒ පාඨමාලාව අවසානයේ යම් යම් කෙටි චිත්‍රපට, මියුසික් වීඩියෝ වැනි දේ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දීර්ඝ චිත්‍රපටයක් කිරීමටත් මම උත්සාහ ගන්නවා. මියුසික්වල ඉඳලා සිනමාවට ප්‍රවිෂ්ට වුණේ එහෙමයි.
ඔබ, ඔබේම පුංචි ස්ටුඩියෝ එකක් ඇතුලේ දැවැන්ත සිනමාවක් ගැන හීන දකින කෙනෙක්.
ඔව්, මම ඒ පරිසරය ස්ටුඩියෝ එක ඇතුලේ හදාගෙන තිබුණා. මම නිතරම ලෝකයේ විවිධ රටවල දැවැන්ත සිනමා නිර්මාණ ඒ පුංචි ස්ටුඩියෝ එක ඇතුලේ නැරඹුවා. එහෙම පරිසරයක් ඇතුලේ ජීවත්වෙමින් සිනමාව ගැන හීන දැක්කා. පසුගිය කාලයේ ඇකඩමි අවෝඞ්ස් ලබාගත් සිනමා නිර්මාණ වැනි දේ නරඹද්දී අපි කොතැනද ඉන්නේ කියන දේ අපි සංසන්දනය කරනවා. අපි හීන දැකිය යුතුයි. කවදා හෝ අලු ත් දේ ඉගෙනගෙන මමත් එවැනි නිර්මාණ කරන්න කැමැත්තෙන් ඉන්නවා. ිභදඉදාහ ජ්බ ිඑදච හදමල මබකැි හදම ිඑදච, ඔබව නවත්වන්න පුළුවන් ඔබට විතරයි. මාව නවත්වන්න කාටවත් බෑ. මම කවදාහරි නැවතුණොත් විතරයි මම නවතින්නේ. ‘ඉක්කා’ කරන්නේ මම හැලහැප්පීම් රාශියක් මැදයි. ඒක චිත්‍රපටය බැලූ කෙනෙක්ට තේරෙනවා.
ඒත් ඔබ මුලින් උත්සාහය ගත්තේ ‘ඉක්කා’ චිත්‍රපටය කරන්න නෙමෙයි නේද?
ඔව්. ‘ඉක්කා’ට කලින් මම කරන්න යන්නේ ඊට වඩා ටිකක් දැවැන්ත වැඩක්. ඒක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවක්. ඒක ලියාගෙන යද්දී එහි ප්‍රබලතාව මට තේරුණා. එය දැවැන්ත වැඩක්. ඒ කියන්නේ තාක්ෂණික වශයෙන් විශාල දේවල් ටිකක් ඒකේ තිබුණා. ස්විමිං පූල් එකකට බෝට්ටුවක් දාගෙන, කී කරන, මුහුදක් නිර්මාණය කරන ලොකු තාක්ෂණික කාරණා කීපයක් ඒකේ තිබුණා. අපි මුහුදු ගිහිල්ලා ඒකේ පොඩි කොටසක් රූගත කිරීම් කළා. ඒක නිෂ්පාදකවරුන්ට පෙන්වද්දී ඒ අය ඒකට කැමති වුණේ නැහැ. මොකද ඒ කාලය වන විට ලංකාවේ ප්‍රමුඛතාව තිබුණේ ඉතිහාස කථා, රජ කථා, ළමා කථා වගේ දේවල්වලටයි. ඒ නිසා අවසානයේ පාඩු ලබන්න වෙයි කියලා නිෂ්පාදකයින් කැමති වුණේ නෑ. පස්සේ මම විවිධ ක්‍රමවලට ඒ චිත්‍රපටය කරන්න උත්සාහ කළා. ඒ කාලයේ මට දමිළ ජාතික පිරිසක් හමුවෙනවා. අපි සල්ලි හොයන්න උත්සාහ කරනවා. ඒත් ඒවාත් සාර්ථක වුණේ නැහැ. අවසානයේ දී සිදුවෙන්නේ සියලු ම දේවල් අත්හැරීමටයි. ඒ නමුත් චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකවරු සොයා යාමේ සිට සිදුවූ දේවල් මට පුදුමාකාර විධියට දැනුණා. ඒ නිසායි මම කීවේ අත්හැරීම්, බිඳවැටීම්, හැරයාම්, කැපකිරීම් ගොඩාක් දේ ඒ තුළ තිබුණා කියලා. නිෂ්පාදකවරු සොයා යමින් මම මගේ ජීවිතයේ කැප කළ කාලය, අත්හැරිය දේවල් මට සිනමාත්මක ලෙස දැනුණා. අපේ රටේ අලුත් වැඩක් කරන්න අමාරුයි. අලුතෙන් හිතන පරම්පරාවකට තැනක් දෙන්නේ නෑ, ඒ තැන ගන්න ඕනෑ. කරන්න උත්සාහ කළ චිත්‍රපටය වෙනුවට අවසානයේ ‘ඉක්කා’ කියන චිත්‍රපටය බිහිවෙන්නේ එහෙමයි. ඒක කරන්න වුණේ නැත්තේත් එක් අතකට මගේ වාසනාවකට කියලා දැන් හිතනවා. මොකද ‘ඉක්කා’ කරන්න ගිහින් මම ගොඩාක් දේ ඉගෙන ගත්තා. බිඳ වැටීම්, කඩා වැටීම්, හැරයාම් ගොඩාක් දේ එක්ක ‘ඉක්කා’ චිත්‍රපටය කරන්නත් මට අවුරුදු දෙකහමාරක් ගතවෙනවා.
කෙටි චිත්‍රපට නිර්මාණය කර තිබුණත් ක්ෂේත්රයට ටිකක් නවක තරුණයෙක්ට දීර්ඝ චිත්‍රපටයකට අතගැසීම පහසු නැහැ නේද?
පැහැදිලි ලෙසම අපිට ඉහළින් ඉන්න බොහෝ අය අලු ත් අයට හරියාකාරව දැනුමක් දෙන්න කැමති නැහැ. හැබැයි එම්.ඩී. මහින්දපාල, සුදත් මහදිවුල්වැව, ධනුෂ්ක ගුණතිලක යන මහත්වරු අපට දැනෙන්න ඉගැන්වුවා. ඒ අය අපට දැනුණා. අලුත් කෙනෙක් යම්කිසි ශිෂ්‍යත්වයක් සඳහා ඉල්ලු ම් කරන අවස්ථාවක එයට අත්සනක්වත් දාලා නොදෙන මට්ටමේ අධ්යක්ෂවරු ලංකාවේ ඉන්නවා. හැබැයි මිනිස්සුන්ට දැනෙන විධියේ නිර්මාණයක් කළොත් එයට ඇගැයීම කොහෙන් හෝ ලැබෙනවා. මම චිත්‍රපටය ලියද්දී අසංග වනිගසූරිය නිතරම මාව දිරිමත් කළා. ඒක ලියාගෙන යද්දී මිනිස්සුන්ට ඒක දැනෙන බව ඒ අය මට කියලා මාව දිරිමත් කළා. ‘ඉක්කා’ අත්හදාබැලීමක් ලෙස කළ වැඩක්. මට කලියෙන් අවශ්‍ය වුණේ තාක්ෂණික වැඩ ගොඩක් තියන වෙනත් දැවැන්ත නිර්මාණයක් කිරීම වුණත් වසර ගණනක් කළ උත්සාහයන් නිසා ඒක කරන්න අපට අවශ්‍ය මුදල්, සම්පත් නෑ කියන දේ මම අවබෝධ කර ගත්තා. ඒ නිසා 5ඩී කැමරාවෙන් ‘ඉක්කා’ කියන චිත්‍රපටය කරන්න පටන් ගත්තා. 2016.01.01 තමයි චිත්‍රපටය කරන්න පටන් ගන්නේ. වැඩ ඉවර වෙන්නේ 2018දීයි. චිත්‍රපටය අතරතුර යම් යම් තැන්වල හැලහැප්පීම් ඇති වෙනවා. ඒ අවස්ථාවේ මට ධනාත්මක චින්තනය පිළිබඳ කියවෙන වැඩසටහන් මාලාවක් සංස්කරණය කිරීමට සිදුවෙනවා. මම ස්ටුඩියෝ එකේ ඒවා සංස්කරණය කරද්දී නිතරම ඒවාට සවන්දෙන්න සිදුවුණා. නවත්වන්න එපා, හීන දකින්න වැනි දේ මට නිතරම ඇහුණා. මම ගිහින් සම්මානයක් ගන්නවා මම දහස් වාරයක් හීන දැකලා ඇති. සිනමාව කරන්නේ සම්මාන ගන්න බලාගෙන නොවුණත් මම ඒකට කැමති වුණා. එහෙම හීනයක් මට තිබුණා. මම චිත්‍රපටයක් කළා. ඒක යම් ඇගැයීමකට ලක්වුණා. ප්‍රේක්ෂකයින් එයට විවිධ ප්‍රතිචාර, යෝජනා ඉදිරිපත් කළා. මම එයට කැමතියි.
ලංකාවේ සිනමාවේ ජ්‍යෙෂ්ඨයන් බහුතරය අලුත් පරම්පරාව ඉහළට එනවාට අකමැතියි කියා මතයක් තිබෙනවා වගේම අලුත් පරම්පරාවේම අය අතරත් අධිකාරියක් ගොඩනගා ගන්න උත්සාහ කරන පිරිසක් නැහැ කියා ඔබ සිතනවාද?
අලුත් අයගේත් පැහැදිලිවම ඒවා තියනවා. මොකද මේ වැඬේදීත් ගොඩාක් අය මට අතහැරුණා. ඒ වගේම එයට යම් වටිනාකමක් ලැබෙද්දී ගොඩක් අය එකතු වුණා. ඒ නිසා අලු ත් පරම්පරාවේ අයගේත් එවැනි දේ තියනවා. මගේත් වැරදි ඇති. ඒ නමුත් මම චිත්‍රපටයක් කළ කාලය තුළ මම වරද්දාගත් තැන් ටික අලු තෙන් චිත්‍රපටයක් කරන කෙනෙක් එක්ක කතා කරලා බෙදාගන්න මම කැමතියි. ඒ වැරදුණු තැන් ටික ගැන කතා කරන්න මම ඉතාම සතුටුයි. මට ඒ චිත්‍රපටය ඇතුළේ වැරදුණු සහ බැරිවුණු කොටස තවත් කෙනෙක් නිවැරදි කරගැනීමයි විය යුත්තේ. මේ දූපත ඇතුලේ අපට වැරදී තිබෙන්නේ එකමුතුකමක් නැති නිසයි. මම සිනමා පාඨමාලාව හදාරද්දී එහි චිත්‍රපට අධ්‍යක්ෂණය හැදෑරූ දසදෙනෙක්, සංස්කරණය හැදෑරූ දසදෙනෙක් ඇතුළු හතළිස් දෙනෙක් හිටියා. පාඨමාලාව අවසන් වෙද්දී අධ්යක්ෂවරු දහදෙනා අනෙක් අයවත් සම්බන්ධ කරගෙන චිත්‍රපට දහයක් නිර්මාණය කරමු කියා මගේ යෝජනාවක් තිබුණා. මම ඒ දහය වෙනුවෙන් මගේ කැමරා දෙනවා කීවා. ඊට ටික දිනකට පස්සේ මගේ කැමරාවක්, ලැප්ටොප් එකක් නැති වෙනවා. ඒක කරන්නේත් අපි එක්කම හිටිය අයෙක්. එතැනින් පස්සේ මට එපා වෙනවා. එවැනි දේවල් එක්ක බලද්දී මේ අලු ත් පරම්පරාවේ අය අතරත් එවැනි දේ තියනවා.
දීර්ඝ චිත්‍රපටයක් නිර්මාණය කරන්න ලොකු මුදලක්, සම්පත් අවශ්‍යයි කියලා සිනමාවට පිවිසෙන නවකයන්ට බයක් තියනවා. ‘ඉක්කා’ නිර්මාණය වෙන්නේ ඉතා අඩු පහසුකම් එක්කයි.
‘ඉක්කා’ නැරඹූ කෙනෙක්ට චිත්‍රපට කරන්න බය නැති වෙනවා. චිත්‍රපටයක් කීවාම සමහර අය ඒකට අවශ්‍ය කැමරා, ලයිට්, අනෙක් අවශ්‍ය දේවල් එක්ක විශාල වැඩක් ලෙස හිතනවා. උපකරණ ගැන බිය විය යුතු නැහැ. ඒවා එක් කොටසක් විතරයි. ඒ ටික මේ චිත්‍රපටයේ නැහැ. මොබයිල් ෆෝන් කැමරාවෙන් වුණත් කතාව හොඳ නම් චිත්‍රපටයක් කරන්න පුළුවන්. හොඳ කතාවක් සහ එය ලිවීමයි මූලිකම දේ. මුදල් වියදම් නොවී හොඳ කතාව ලිවීම තමන්ට කළ හැකියි. ඒක උපරිම හොඳින් කළ යුතුයි කියලා මම හිතනවා. කන්සෙප්ට් හොරකම් කරන අයත් ඉන්නවා. එහෙම අය නෙමෙයි, දෙයක් කතා කරලා ගොඩනගා ගන්න පුළුවන් විශ්වාසවන්ත ස්ක්‍රිප්ට් ඩොක්ටර්ස්ලා වැනි අය එක්ක කතා කරලා ඒ කතාව ගොඩනගන්න පුළුවන්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ කලණ ගුණසේකර එවැනි කෙනෙක් වුණා. ඔහුත් මේ කතාව ලියවෙද්දී සාකච්ඡා කරමින් ඒක ගොඩනගන්න උදව් කළා. එහෙම ස්ක්‍රිප්ට් එක හදාගත්තාට පස්සේ සල්ලි ලැබෙනවා නම් රෙඞ් කැමරාවකින් වුණත් රූගත කරන්න පුළුවන්. සල්ලි නැත්නම් 5ෘ හෝ වෙනත් කැමරාවකින් රූගත කරන්න පුළුවන්. ඒ වගේම හොඳ යාළුවෝ ටිකක් හොයා ගන්න ඕනෑ. ඒ අය සිනමාව ගැන දන්නේ නැත්නම් ඒ අයට උගන්වන්න හරි පුළුවන්. හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා නම් ඒ අය එක්ක ගමනක් යන්න පුළුවන්. කතාවට සහ ඒක ඉදිරිපත් කරන ආකාරයට ප්‍රේක්ෂකයන් කැමති නම් රූගත කළ කැමරාව මොකක්ද කියන දේ ඒ අයට වැදගත් වෙන්නේ නෑ.
පසු නිෂ්පාදනයේ දී ‘ඉක්කා’ අරන් ඔබ ඉන්දියාවට යනවා. චිත්‍රපටයකට ලංකාවේදීම සවුන්ඞ් කරන්න පුළුවන් හොද තාක්ෂණයක් නැද්ද?
හැම වෙලාවේම සවුන්ඞ් ගැන ලොකු විශ්වාසයක් මට තියනවා. Dolby ටැග් ලයින් එක තමයි ‘Hear the Whole Pictures’ මුළු ලෝකේම Dolby Atmos 5.1 වගේ ඒවා යද්දී අපේ රටේ සිනමා හෝල්වලත් ලොකු ප්‍රශ්න තියනවා. මම ඉන්දියාවට යන්නේ ලංකාව ඇතුළේ එවැනි ස්ටුඩියෝ එකක් මට හමුවෙලා නෑ. ඒ වගේම ඉන්දියාවේ ගිහින් Dolby Atmos ස්ටුඩියෝ එකක ෆිල්ම් එක බලන්න සහ ඒකේ වැඩ ටික කරන්නත් මට ලොකු ආශාවක් තිබුණා.
සිනමා නිර්මාණයක් කරන්න නම් විධිමත් අධ්‍යාපනයක් ලැබීම අවශ්‍යයි කියා ඔබ සිතනවාද?
සිනමාවේ යම් යම් රීති ටිකක් තියනවා. කැමරා හෝ එඩිටිං හෝ කථා කීමේ ශෛලිය ඇතුලේ රීති ටිකක් තියනවා. ඒවා චිත්‍රපට නරඹලාම ස්වයං අධ්‍යයනයකින් ග්‍රහණය කරගන්න පුළුවන් නම් හොඳයි. මම හිතන්නේ එහෙම හසු නොවන පිරිස වැඩියි කියලයි. ඒ නිසා ඊට විධිමත් අධ්‍යාපනයක් තිබිය යුතුයි. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් හෝ වෙනත් වෘත්තිකයෙක් බිහිකරනවාට වඩා කලාකරුවෙක් බිහිකිරීම අපහසුයි කියලා කියනවා. කලාකරුවන් ඉන්නේ අතළොස්සයි. එවැනි කෙනෙක් බිහි කරන්න අධ්‍යාපනයක් වගේම ස්වයං අධ්‍යයනයකුත් ඒ කියන්නේ අපේ වචනයෙන් කියනවා නම් ඒ ගැන උණක් තිබිය යුතුයි කියලා මම හිතනවා. චිත්‍රපට නිතරම බැලිය යුතුයි, ඒවා ගැන කතා කළ යුතුයි. මම දන්නා තරමින් ලංකාවේ එවැනි විධිමත් සිනමා අධ්‍යාපනයක් ලබා දුන් ආයතනයක් වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ තිබූ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියයි. එතැනින් එහාට සිනමාව ගැන හැදෑරිය හැකි තැනක් තියනවා ද කියන දේ මට දැනෙන්නේ නැහැ. එවැනි දෙයක් ආයේ තියේවිද කියන දේ ගැනත් මට විශ්වාසයක් නැහැ. ඒ පාඨමාලාව උසස් ජාතික ඩිප්ලෝමාවක් දක්වා ධනුෂ්ක ගුණතිලක මහත්මයා ගෙනාවා. මම හිතන්නේ ඒක දැන් නැහැ. මම සිනමාව ගැන හැදෑරූ තැන කියලා අද මට එතැනට යන්නත් බැහැ, එතැන සිටි, අපට ඉගැන්වූ, අපට ළඟ අයත් අද එතැන නැහැ.
ඉඳුනිල් උස්ගොඩ ආරච්චි
රාවය