හීන හොයන සමනල්ලූ වගේම ඒ ලෙවල් චිත්‍රපටය ඔබ වෙත ගෙන ආපු රොහාන් පෙරේරාගෙ අලූත්ම වැඩේ ‘ගෝල්’. ගෝල් හැදුනෙ කොහොමද කියලා රොහාන් කිව්වෙ මෙහෙමයි.
‘‘ගෝල්.. කියන්නේ ඔබේ අලූත්ම නිර්මාණය කොහොමද? ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර?
මම හිතන්නෙ මම කරපු නිර්මාණ අතරෙ තවත් සාර්ථක නිර්මාණයක්. ඇඟ ඇතුළෙ තියෙන විසේ පිට කර ගන්න බැරුව ඉන්න දරුවන්ගේ ඒ කියන්නෙ ළමා කාලය අහිමි වෙච්ච දරුවන්ට කරපු නිර්මාණයක් නිසා ඒක ඒ දරුවෝ හොඳට විඳින බව පේනවා.
නිර්මාණය සාර්ථක කරගන්න උරදීපු මේ දරුවෝ සොයා ගත්තෙ කොහොමද?
කොළඹ අවට මධ්‍යම පංතියේ පතුලෙම ඉන්න අවම පහසුකම් යටතේ හැදෙන වැඩෙන මාලිගාවත්ත” වනාතමුල්ල” තිඹිරිගස්යාය” මරදාන වගේ වතු ආශි‍්‍රතව ජීවත් වෙන පාපන්දු කී‍්‍රඩාව උප සංස්කෘතිය වෙච්ච පවුල්වලින් තමයි මේ ළමයි අපි තෝරා ගත්තෙ. ඒ සඳහා ළමුන් 5000 ක් ඉන්ටර්ටිව් කරලයි මේ 70 දෙනා තෝරා ගත්තෙ.
මේ ළමයින් ගේ ජීවිත ඇතුළෙ විශාල දුක්බර කතා පුවත් තියෙනවා කියලා අපිට ආරංචියි.
පැහැදිලිවම. මේ හැම ළමයෙකුගේම ජීවිත කතාව දුක්බරයි. මොකද ඒ සංස්කෘතිය වෙනමම එකක්. රටේ ආර්ථික දේශපාලනය ආර්ථික මට්ටම් හා සමාජ මට්ටම් නිසා පීඩාවට පත් වෙලා ඒ ප්‍රශ්නවලින් හෙම්බත් වුණ පවුල්වල දරුවෝ තමයි මේක ඇතුළෙ ඉන්නෙ. බහුතරයක් එදිනෙදා කුලී වැඩ කරන්නෙ රුපියල් එක්දහස් පන්සීයක් විතර තමයි හවස් වෙද්දි අතට ලැබන්නෙ. මේ දරුවන්ගේ දෙමවුපියොත් ප්‍රශ්නවලින් උපරිම ලෙස හෙම්බත් වෙලා නිසා ඒ පීඩනය දරුවන් වෙත එන්නෙ නිරායාසයෙන්.
රොහාන් ඇයි මේ දරුවන් ඉලක්ක කරගෙනම චිත්‍රපට කරන්නෙ?
මම එහෙම දරුවන් ඉලක්කයක් තියාගෙන නෙමෙයි මේ නිර්මාණය කළේ. ඒක වැරදි වැටහීමක්. මම ඒ ලෙවල් චිත්‍රපටය කළේ යෞවන වයසෙ අයට. ඒක දරුවන් වෙනුවෙන් කරපු නිර්මාණයක් කියලා මම හිතන්නෙ නෑ. අනික හීන හොයන සමනල්ලූ චිත්‍රපටය කළේ අම්මල වෙනුවෙන්. පාසලේ දර්ශන තිබුණට අම්මලා තාත්තලා ළමයි වෙනුවෙන් පෙනී සිටින්න ඕන කියන අදහසින් ඒක කළේ. ගෝල් විතරයි මම දරුවන් වෙනුවෙන් කළේ. ඒ නිසා මගේ එකම ළමා චිත්‍රපටය ගෝල්. ඒත් ඔය චෝදනා නිසා මගේ ඊළඟ නිර්මාණය අනිවාර්යයෙන්ම පංති කාමරයෙන් එළියට යාවි.
මේ කතා කරපු ඔබේ සියලූ නිර්මාණවල අපිට දකින්න ලැබෙන්නෙ එකම නළු නිළි පිරිසක්. මේ තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?
ඒකට ප්‍රධානම හේතුව ඔය ඉන්න හැම කෙනෙක්ම ලංකාවේ සිනමාව සම්බන්ධව අපි ගෞරවයෙන් කතා කරන දැවැන්ත පිරිසක්. මම සම්බන්ධ කර ගත්ත ඔය පිරිස ඇරෙන්න වෙන කවුද ඉන්නෙ කියන එක ඇත්තටම මටත් ප්‍රශ්නයක්. මෙහෙම හිතමුකො නාගරික මධ්‍යම පංතියේ අම්මා හෝ ආන්ටි විදියට යොදා ගන්න චාන්දනී සෙනවිරත්න ඇරෙන්න වෙන කවුද ඉන්නෙ. ඊළඟ චිත්‍රපටවලදී ඒකත් ඇත්තටම වෙනස් වේවි. අපේ ගොඩක් නළු නිළියෝ විවිධ හේතු කියමින් රිදී තිරයෙ දැවැන්තකම ආරක්ෂා කරගන්නෙ නෑ. ඒ ගොල්ලො නිතර නිතර පෙනෙන වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටිනවා. මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙනවා. ඒ ගොල්ලන්ට මේ සම්බන්ධයෙන් උත්තරයක් ඇති ඒත් ඒක මට අදාළ නැහැ.
ඔබේ නිර්මාණවලට මෙගා නළු නිළියෝ සම්බන්ධ කර නොගන්න බවද ඔය කියන්නෙ?
නෑ. ඒ අයව ගන්නෙ නෑ කියන එක නෙමෙයි මම කියන්නෙ. ඒ අයව මගේ ඔලූවට එන්නෙ නැහැ. හැම රටකම රිදී තිරය කියන්නෙ ඒ තරු. ඒ ගොල්ලො අපිට අල්ලන්න බෑ. ඒ අය අපිට දුරින් ඉන්නෙ. එහෙම අය ඉතා සීමිතයි. මහ පොළවේ ඉන්නෙ පේ්රක්ෂකයෝ. ඒ තරු පොළොවට නො ආ යුතුයි. තරුවක තියෙන දැවැන්ත ප්‍රතිරූපය අඩු කර ගන්නෙ ඒ අයමයි.
සිනමා අධ්යක්ෂවරයෙක් විදියට කටයුතු කරන ඔබට ටෙලිනාට්‍යයක් හෝ වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට අදහසක් නැද්ද?
මම එහෙම කරන එකක් නෑ කවදාවත්. ඒත් මට ඒකට පුරෝකථන දෙන්න බෑ. දැනට මගෙන් විශාල ලෙස ඉල්ලීම් කළාට වෙනත් නිර්මාණ සඳහා මම ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඉදිරියටත් චිත්‍රපටයක් දෙකක් ඇරෙන්න මගෙන් වෙන නිර්මාණ බිහි වෙන එකක් නෑ.
ගෝල් චිත්‍රපටයේ ළමයින් මෙහෙයවීම ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ?
වෙහෙසකර ව්‍යායාමයක්. දරුවො කියන්නෙ වෙනස්ම කොට්ඨාසයක්. අපි ඒ අයව තේරුම් අරන් වැඩ නොකළොත් ගැටලූ මතු වෙනවා. අපි ළමයි පස් දෙනෙකුට වීදුරුවලින් වතුර බොන්න දුන්නොත් එයින් එක් කෙනෙක් වීදුරුව කඩනවාම තමයි. ඒක තේරුම් අරන් හිටියොත් අපිට ඒ වීදුරුව කැඞීම පිළිබඳ ගැටලූ මතු වෙන්නෙ නෑ. මම ඩයලොග් එකකුත් දාලා තියෙනවා ඇයි මෙයාලා මේ එපා කියන දේම කරන්නෙ කියලා. මම එයාලට තදින් හිටපු වෙලාවල් තියෙනවා. ඒත් මම මේ දරුවන්ට ආදරෙයි. ඒක ඒ දරුවොත් දන්නවා. ඒ අය වෙනුවෙන්මනෙ මම මේක කළෙත්. දරුවන්ගේ දායකත්වය මෙතැනදි අඩු තක්සේරුවකට ලක් කරන්න බෑ.
ධම්මික හේවාවසම්
දිවයින