අපි අදාළ චරිතවලට අනුගත වුණේ ස්වභාවිකවම. එක දර්ශනයක් තිබෙනවා දසුන් සහ මම සමකාමී ආදරවන්තයන් විදිහට සිප වැළඳ ගන්නා. ඒ දර්ශනය අපි සාර්ථකව නිරූපණය කළා.
මෙවර පැවැති සරසවිය සම්මාන උළෙලේ 2016 වසරේ නැගී එන නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුයේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමියි. සරසවිය සම්මාන උළෙලකින් රංගන දිවියේ ප්‍රථමවරට ලද සරසවිය සම්මානය ගැන ජෙහාන් පවසන්නේ මෙවැන්නකි.
සරසවිය සම්මාන උළෙලේ 2016- නැඟී එන නළුවා ලෙස සම්මානනීය වුයේ ඔබයි?
සරසවිය සිනමා සම්මාන උළෙලකින් මා ලද ප්‍රථම සම්මානය මෙයයි. එය මගේ සිනමා දිවියේ විශේෂ අවස්ථාවක් වුණා.
ඔබ සම්මානයට පාත්‍ර වුණේ 'සයපෙති කුසුම' (ජ්පචදඨඪනචදඪ) චිත්‍රපටයෙන්?
ඔව්. එහි නලීන් කියන චරිතය වෙනුවෙන්. මේ චරිතයට සම්මාන උළෙල තුනකදීම සම්මාන හිමි වීම මට සතුටක්.
ඒ ගැනත් කතා කරමු?
සරසවිය උළෙලේ නැගී එන නළුවාට අමතරව සාක් සම්මාන උළෙලලේ දී හොඳම නළුවා ලෙසත් සිග්නීස් සම්මාන උළෙලේ දී හොඳම සහාය නළුවා ලෙසත් මට සම්මාන හිමි වුණා. සම්මාන උළෙල තුනක දී එකම චරිතයට විනිශ්චයන් තුනක් තුන් ආකාරයට හිමි වුණා. චිත්‍රපට කිහිපයකටම පෙර දායක වී තිබුණත් ප්‍රධාන චරිතයක් රඟ පෑ පළමු චිත්‍රපටයෙන් සම්මානනීයවීම ලොකු සතුටක් වුණා මට.
කලාකරුවෙක් විදිහට සරසවිය සම්මානයක් ලැබීමට හීනයක් තිබුණද?
සරසවිය පත්තරේ අපි කුඩා කාලෙ ඉඳන්ම කියවපු එකම සිනමා පත්තරේ. ඒ කාලෙ සරසවිය සම්මාන උළෙල නරඹන්න අපි රූපවාහිනිය ඉදිරියට වෙලා බලා හිටි කාලයක් තිබුණා. ඒ වගේම අපි ආදරය කරපු පුංචි අපේ හිත්වල වීරයන් වුණු නළුනිළියන් රැසක් හිටියා. ඉතින් එවන් විටිනාකම් රැසක් අපේ හිත්වලට ගෙන ආ සරසවිය සම්මාන උළෙක දී අපි ආදරය කළ නළු නිළියන් අතරම හිඳ කලාකරුවෙක් විදිහට සම්මානයක් හිමි වීම එක් අතෙකට හීනයක් සැබෑවීමක් තමයි.
සම්මායක් බලාපොරොත්තුවෙන් ද සම්මාන උළෙලට ආවේ?
කිසිම විටෙකත් සම්මානයක් හිමිවෙයි කියන බලාපොරොත්තුවෙන් මම සම්මාන උළෙලට සහභාගි වුණේ නැහැ. මොකද අනෙක් සම්මාන උළෙලවල දී සම්මානයක් හිමිව තිබෙන බවට අපිව දැනුම්වත් කරනවා. සරසවිය සම්මාන උළෙලේ දී එහෙම දැනුම් දීමක් සිදුවෙන්නේ නැහැ. මම එනවිටත් සම්මාන උළෙල පටන්ගෙන තිබුණේ. ඇතුළට ආවා විතරයි. මගේ නමත් නිර්දේශ වී තිබුණා. හිතා ගන්න බැරි විදිහට සයපෙති කුසුම චිත්‍රපටයේ නලීන් චරිතයට 2016 වසරේ හොඳම නැඟී එන නළුවා සම්මානය හිමි වුණා.
'නලීන්' චරිතය කවුරුත් කතා කළ චරිතයක්?
මේ චරිතය රඟපාන්න අධ්‍යක්ෂකවරයා මගේ අතට ස්ක්‍රිප්ට් එක දුන්නට පස්සේ මම ඒ චරිතය ගැන හොඳන් අධ්‍යයනය කළා. නලීන් කියන චරිතය සමකාමී ආදරයටත් කැමැති ගැහැනුන්ටත් කැමැති ආදරය කරන චරිතයක්. ඒ චරිතය ගොඩනගාගෙන එයට අනුගත වෙනවා කියන එකත් අභියෝගාත්මකයි.
ඒ අභියෝගය ඔබ ජයගත්තා?
ලැබෙන සම්මානත් එක්ක ඒ විශ්වාසය තිබෙනවා. මේ චරිතය ගොඩදාගන්න අධ්‍යක්ෂක විශාකේස චන්ද්‍රසේකරම් වගේම දසුනුත් ලොකු සහයෝගයක් මට ලබා දුන්නා. මම මේ චරිතය රඟපාන්න භාර ගත්තට පස්සේ දවස් 19ක් එක දිගට ගෙදර ගියෙ නැහැ. මුළු චිත්‍රපටයේම ෂූටින් නිම වෙනතුරුම ලොකේෂන් එකේ රැදී හිටයා. මොකද ගෙදර ගියානම් මගේ ස්වභාවය වෙනස් වෙනවා. නිතරම ඒ අදාළ චරිතවලට අවශ්‍ය ස්වරූපය ගන්නට වැඩමුළු කළා. මේ චරිත ගැන කතාබහ කළා.
සම්මානයක් ලැබුණාම අලුත් නිර්මාණවලට එය රුකුලක්?
වෙන රටවල නම් එහෙම තමයි. ඒත් මෙහෙ එහෙම නැහැ. ලැබෙන නිර්මාණත් නොලැබී යනවා. අපි සම්මානයක් ගත්තම හුඟක් අධ්‍යක්ෂකවරු බය වෙනවා.සම්මානයෙන් පස්සේ අපිට නිර්මාණවලට කතා කරන්නේ නැහැ. අලුතින් ක්ෂේත්රයට එන අධ්‍යක්ෂකවරු විතරයි කතා කරන්නේ. අපි අපිට කතාකරයි කියලා බලා ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරු ඔවුන්ගේ නිර්මාණවලට කතා කරන්නෙම නැහැ. ඒකට හේතුව තවම දන්නේ නැහැ. සිනමාවේ විතරක් නෙමෙයි ටෙලි නාට්‍යවලට පවා එහෙමයි.
ඔබේ බිරිඳ මොකද කිව්වේ?
මම ඇයව දැනුම්වත් කළා. මේ ස්ක්‍රිප්ට් එක මුලින්ම කියෙව්වෙත් ගයා. ඇය තමයි මට මේ චරිතය රඟපාන්න ශක්තියක් වුණේ. ඒ කැපවීමේ ප්‍රතිඵල අද මම භුක්ති විඳීනවා.
ඔබගේත් දසුන්ගේත් චරිත නිරූපණය සමහරුනට ගැටළුවක් වුණා?
ඔව්. අපි අදාළ චරිතවලට අනුගත වුණේ ස්වභාවිකවම. එක දර්ශනයක් තිබෙනවා දසුන් සහ මම සමකාමී ආදරවන්තයන් විදිහට සිප වැළඳ ගන්නා. ඒ දර්ශනය අපි සාර්ථකව නිරූපණය කළා. එය අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. රංගනය විතරයි එතැන දී වැදගත් වුණේ. ඒත් එය එළියෙ හිටපු අයට ප්‍රශ්නයක් වුණා. සමහරුන් දෝෂාරෝපණය කළා. නලීන් කියන චරිතය මගේ මනස මහත් වෙහෙසට පත් කරපු චරිතයක්. මොකද ඒ වගේ චරිතයකට හැඩ ගැසෙනවා කියන්නේ මනෝමය වශයෙන් වඩාත් වෙසවී හදාගත යුතු චරිතයක්. මගේ ජීවතේ වෙනම එකක්. මෙය වෙනස්ම සමාජයක චරිතයක්. මොකද ඒ චරිතයට අනූව මම දසුන්ව ගැහැනියක විදිහට දකින් ඕන. එය රංගනයේ දී මානසිකව මට වද දීපු කාරණයක් වුණා.
යළිත් ඔබට මෙවැනි කතා තේමා රැගත් චිත්‍රපටවලට කතා කළේ නැත්ද?
කිහිපයකටම ආරාධනා කළා. නමුත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. මොකද මේ චිත්‍රපටය නිර්මාණය කළ විශාකේස කියන අධ්යක්ෂවරයාගේ අරමුණු සහ පසුව මට රගපාන්න කතාකරපු අය අතර විශාල වෙනසක් මට දැනුණා. විශාකේෂට තිබුණේ මේ තේමාවේදී අවංක ප්රයත්නයක්. ඒ අරමුණූ ගැන ඔහු පැහැදිලිව චිත්‍රපටය ඔස්සේ කතා කළා. මට එනිසා ඔහු විශ්වාස කරන්න පුළුවන්. නමුත් එවැනි චිත්‍රපටවලට පසුව කතා කරපු අයට ඒ චිත්‍රපට ගැන අදහසක් නැහැ. යම් රහක් වැටී තිබෙනවා. ඒ ජීවිත ගැන අවබෝධයක් නැහැ. එවැනි නිර්මාණ අපිට විශ්වාස කරන්න බැහැ.
ඔබට නිවෙසින් ලැබෙන සහයෝගය ගැනත් කතා කරමු?
මගේ බිරිය වගේම දියණියන් දෙදෙනාත් මගේ වෘත්තිය පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. මම කරන දේවල් වගේම මම මොකටද මහන්සිවෙන්නේ කියන කාරණය ඔවුන්පැහැදිලිව දන්නවා. අපේ ජීවිතයේ විශාල ගැටුම් නැහැ. ඉතාම සරලව සාමකාමී ජීවිත අපි ගතකරනවා.
හොඳම නළුවා වෙන සිහිනයක් නැත්ද?
මගේ වෘත්තීයේ කැපෑසිටි එක ගැන මට අවබෝධයක් තිබෙනවා. ඉස්සරනම් ඒවගේ පිස්සු තිබුණා. නමුත් එයට වඩා කාර්යයක් මං කරන කාර්යය මඟින් සමාජයට ඉටු කරන්නේ කොහොමද කියන එක ගැනයි මම අද සැලකිලිමත් වෙන්නේ.
මේ දිනවල ඔබේ කලා කටයුතු මොන වගේද?
වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. ඒ ගේම ටෙලි නාට්‍ය හා චිත්‍රපට පිටපත් කිහිපයක්ම ලැබී තිබෙනවා. ඉදිරියේ දී නවතම වේදිකා නාට්‍යයක් වගේම මගේම චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ සිහිනයක මම ඉන්නවා.
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
ජායාරූප- නිශ්ශංක විජේරත්න
සරසවිය