'ඩාක් රූම්' උපතේ සිට මරණය දක්වා ජීවිතවල සිදු වන අරගලවල වෙනස්කම් පෙන්වන වේදිකා නාට්‍යයක්. මිනිසුන්ට දකින්න, අසන්න පමණක් නොව හිතන්නට පවා යමක් ඉතිරි කරන වේදිකා නාට්‍යයක්. ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වය අතරින් තුන්වෙනි පාර්ශ්වයක් ගැන කතා කරන 'ඩාක් රූම්' වේදිකා නාට්‍යයේ නිෂ්පාදක සහ අධ්යක්ෂ නාලක හපුආරච්චි සමග කළ සංවාදයකි මේ.
'ඩාක් රූම් ' මොන වගේ අත්දැකීමක්ද?
වේදිකා නාට්‍යයක්. එහෙත් වේදිකා නාට්‍යයකට එහා ගිය රටේ බුද්ධිමත් පරපුරට සිතන්නට යමක් ඉතිරිකරන නිර්මාණයක්. මම හිතන්නෙ මේ නාට්‍යයෙන් ස්ත්‍රි පුරුෂයන් අතර සිටින ස්ත්‍රි නොවන පුරුෂයිනුත් නොවන මැද මාවත ගැන කතාකරනවා. ඒ වගේම සමලිංගික ඇසුර, මිනිසුන්ගේ එදිනෙදා ජීවන අරගලය,මිනිසා එදිනෙදා විඳින දුක් ගැහැට ගැන කතා කරන නාට්‍යයක්. මේ සියලු දේ දිග හැරෙන්නේ අධ්‍යාපනයේ වටිනාකම පෙන්වමින්.
ඔබ පවසන ආකාරයට මෙම නාට්‍යය රසවිඳිය හැක්කේ බුද්ධිමත් පරපුරට පමණයි..
තරමක් හෝ බුද්ධි මට්ටමක් තිබිය යුතු අයකුට තමයි මෙම නාට්‍යය නරඹා අවබෝධ කරගත හැක්කේ. ඒ නිසාම තමයි විශ්වවිද්‍යාල සිසුන් අතර මෙම නාට්‍ය ජනප්‍රිය. මේ රටේ සමාජයීය වෙනසක් සිදු කරනවානම් සාමාන්‍ය ජනතාවට පෙර එය විශ්වවිද්‍යාල සිසුන් අතරට ගෙන යෑමෙන් කිසියම් වෙනසක් සිදුකළ හැකි යැයි මගේ විශ්වාසයක් තිබෙනවා. ඒ නිසයි අපි සබරගමු විශ්වවිද්‍යාලය, හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇතුළුව විශ්වවිද්‍යාල කිහිපයකම දර්ශන වාර හතක් පමණ රඟ දැක්වූයේ. නමුත් දැන් මට අවශ්‍යයි විශ්වවිද්‍යාලවල පමණක් නොවන අනෙකුත් බුද්ධිමත් මිනිසුන් අතර වගේම සාමාන්‍ය ජනතාව අතරත්, වැඩිහිටියන් අතරත් මේ නාට්‍ය සමාජගත කිරීමට.
නාට්‍යය පුරාම දකින්න ලැබෙන්නේ චරිත හතරයි..
නාට්‍යයේ රංගන ශිල්පීන් හතර දෙනයි සිටින්නෙ. මේ හතර දෙනා ඉපදීමේ සිට මරණය දක්වා ජීවිතවල මුහුණ දෙන විවිධ සිද්දීන් කිහපයක් නිරූපණය කරනවා. කාන්තා චරිතය රඟ දක්වන්නෙත් රංගන ශිල්පියෙක්. ඔහුගේ චරිතය පිරිමිත් නොවන ගැහැණුත් නොවන නපුංසක චරිතයක්. ඔහු හෝ ඇය සමාජයේ අයත් වන්නේ මොන කුලකයටද? ඔවුන්ගේ ඉරණම කුමානාකාරද? මේ නාට්‍යයෙන් කතා කෙරෙනවා. හැදුනුම්පතේ සිට අනෙකුත් සියලු අවශ්‍යතාවලදී ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන අසීරුතා ගැන මෙහි කතාකරනවා.
ඔබ' ඩාක් රූම්' නාට්‍යයෙහි නිෂ්පාදක සහ අධ්යක්ෂ..
ඔව්.ඒ වගේම මෙහි ප්‍රධාන රංගන ශිල්පියාත් මමයි. අපේ රටේ සාහිත්‍යයට තියෙන තැන අඩුයි. නාට්‍ය කරුවන් තනි තනි වශයෙන් වැඩ කරමින් තනි ගමනක් යනවා. මෙතෙක්කල් පැවැති සියලුම රජයවල් වගකිව යුතුයි කලාව පරිහානියට පත්කිරීම ගැන. ඒ නිසාවෙන් කලා කරුවන් ලෙසත් විශ්වවිද්‍යාල සිසුන්ට නාට්‍ය හා රංග කලාව උගන්වන ආචාර්යවරයකු ලෙසත් සමාජයට යම්කිසි පණිවුඩයක් දියයුතු නිසාවෙන් තමයි මම ඩාක් රූම් අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කෙළේ. ඒ සඳහා අතේ තියෙන හැම සතයක්ම වියදම් කළා.
මෙයට පෙරත් ඔබ නාට්‍යයක් කළා..
එය ලංකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ කතිකාවක් ගොඩනැගුණු නාට්‍යයක්. මූල්‍යමය සම්පත් නොමැතිකමින් එම නාට්‍යය අතරමග නැවතුණා. රඟපාන්න තියෙන ආසාවට කලවාන රත්නපුර ප්‍රදේශයේ සිට කොළඹට ආවා. මේ වන විට වසර දා හතරක් පුරා කලාව නව මාවතකට ගෙන උත්සාහ කරනවා.
නයනා වෑත්තෑව
සිළුමිණ