ඔබේ "Children of white" නිර්මාණය වෙනුවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලැබුණානේ ඒ ගැන සතුටුයිද?
ඇත්තටම සතුටුයි.
නිර්මාණයක් වෙනුවෙන් ලැබුණු ප්‍රථම ජයග්‍රහණය මේකද?
ඔව්. නිර්මාණ කිහිපයක් කරලා තිබුණට මේක තමයි ලැබුණු ප්‍රථම ජාත්‍යන්තර සහ ජාතික ඇගැයීම. මගේ කෙටි චිත්‍රපටය සිංගප්පූරුවේ දකුණු ආසියානු සිනමා උළෙලේ හොඳම කෙටි සිනමාපටය වුණා. ඒකෙ ප්‍රථම ස්ථාන දෙකක් ලැබුණා. එකක් ඉන්දියාවේ විනෝදිත චිත්‍රපටයට. අනෙක මගේ නිර්මාණය. යාපනයේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලෙත් හොඳම කෙටි චිත්‍රපටය වුණේ මගේ නිර්මාණය. අවුරුදු 24ක් වෙද්දී තමයි මම මේ වගේ සම්මාන ලබාගන්න තරම් වාසනාවන්ත වුණේ. ඒ ගැන හුඟක් සතුටුයි.
මෙහි කතා පසුබිම මොනවගේද?
ඉපදෙන්න ඉන්න දරුවකුගේ අනාගතය පිළිබඳ දුක්වෙන ගැහැනු කෙනකුගේ කතාවක් මේක.
මෙහි රංගනයෙන් සම්බන්ධ වෙන ශිල්පීන් ගැනත් මතක් කරමු
යශෝදා, රසඳුනි, සංජීව සෙනෙවිරත්න, ක්‍රිෂන්ත ගුණතිලක සහ අත දරුවෙක් ඉන්නවා. එයා ජසුවා කොලමන්.
ඔබේ චිත්‍රපටය අනෙක් චිත්‍රපට අතරින් ඉහළට එසවෙන්න විශේෂ කාරණා තියෙන්න ඇති?
ඇත්තටම මේකේ ලංකාවේ තිබුණු ගැටලුවක් පිළිබඳ තමයි වැඩිපුරම කතා කළේ. ලංකාවේ පසුගිය අවුරුදු 30 තුළ 11,000කට වැඩි ප්‍රමාණයක් බිලිඳු දරුවන්ව පිටරටට විකුණලා තියෙනවා. ඉතිං මේ වගේ ප්‍රශ්න ගොඩක් සමාජයේ තියෙන නිසා මම හිතනවා මේ ජයග්‍රහණ ලැබෙන්න ඇති කියලා.
ඔබ මීට කලින් නිර්මාණ කරලා තියෙනවාද?
ඔව්. කලින් කෙටි චිත්‍රපට හතරක් කරලා තියෙනවා. මම මුලින්ම කෙටි චිත්‍රපටයක් කළේ සාමාන්‍ය පෙළින් පසුව. ඊට පස්සේ කෙටි චිත්‍රපට කිහිපයක් කරලා තමයි මේ අවුරුද්දේ මුල Children of white චිත්‍රපටය නිර්මාණය කළේ.
නිර්මාණයට යොමු වුණ මුල මතක් කරමුද?
මම පුංචි කාලේ ඉඳලම සිනමාකරණයට කැමැතියි. පාසලේදීත් විවිධ කෙටි චිත්‍රපට කරලා තියෙනවා. ඊට පස්සේ මම උසස් පෙළින් පසුව ඉඬර ඥදබඥපබචඪදඥපඵ ආයතනයට සම්බන්ධ වුණා. ඒකෙ දෘෂ්ටි ප්‍රයෝග ශිල්පියෙක් විදියට තමයි මම රැකියාව කරන්න ආරම්භ කළේ. ඒ ඔස්සේ මට ප්‍රසන්න ජයකොඩි, නිලාන් කුරේ සහ උදය ධර්මවර්ධන වගේ වෘත්තීය ප්‍රවීණයන් කිහිපදෙනෙක් හඳුනාගන්න ලැබුණා. එයාලව ඇසුරු කරලා තමයි මේ ක්ෂේත්රයට යොමු වුණේ.
දුලන්ක හැදෑරීමක් ඇතිවද ක්ෂේත්රයට එකතු වෙලා තියෙන්නේ?
මම කොහෙන්වත් ඉගෙනගෙන නැහැ. තනියම පොත්පත් කියවලා ප්‍රවීණයන් සමඟ අදහස් බෙදාගෙන තමයි මේ දේ කරන්නෙ.
ඔබ වෘත්තීය සිනමා අධ්‍යක්ෂවරයෙක්ම නෙවෙයි නේද?
මම වෙළෙඳ දැන්වීම් අධ්යක්ෂවරයෙක් විදියටත් දෘෂ්ටි ප්‍රයෝග ශිල්පියෙක් ලෙසත් කටයුතු කරන ගමන් තමයි මේ ක්ෂේත්රයේ නියැළෙන්නෙ.
කෙටි සිනමා නිර්මාණ කරලා ඊළඟට අඩිය තියන්න හදන්නේ වෘත්තාන්ත නිර්මාණයකට ද?
අනිවාර්යයෙන්ම ඔව්. මගේ ප්‍රථම චිත්‍රපටය කරන්න මේ දවස්වල සූදානම් වෙනවා.
ඒ චිත්‍රපටය කවදාද ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න අදහස් කරන්නෙ?
මම අදහස් කරන් ඉන්නෙ 2020 හෝ 2021දී ඒ නිර්මාණය කරලා අවසන් කරන්න.
ඔබ සිනමාකරණයේදී අනුගමනය කරන විශේෂ නිර්මාණකරුවෙක් ඉන්නවාද?
මම විමුක්ති ජයසුන්දර සහ ප්‍රසන්න ජයකොඩිගෙ නිර්මාණවලට පෞද්ගලිකව ඉතාම කැමැතියි. ඊට අමතරව ලෝක සිනමාවේ අපිචැත්පොන්ග් වීරසේතකුල් සහ ගැස්පර් නෝ, වෙස් ඇන්ඩසන් වගේ නිර්මාණ ශිල්පීන්ට කැමැතියි.
ඔවුන්ගේ නිර්මාණ ඔබේ නිර්මාණ කරන්න රුකුලක් වුණාද?
ඔව්. ඔවුන්ගේ නිර්මාණවලින් මම ගොඩක් උදේයාගිමත් වුණා මගේ නිර්මාණ කරන්න.
ඉදිරියේදී කරන්න සැලසුම් කරගත් අනෙක් වැඩ කටයුතු මොනවාද?
මගේ පළමු වැනි දීර්ඝ චිත්‍රපටයට කලින් තවත් එක් කෙටි චිත්‍රපටයක් කරන්න ඉන්නවා.
ඒකෙ තිර පිටපත මේ වෙනකොට ලියලා අවසන්. මෙහි නිෂ්පාදන කටයුතු කරන්න තියෙනවා. තවම ශිල්පීන් තෝරගෙන නැහැ. ඔළුවේ කිහිපදෙනෙක් ඉන්නවා. කතා කරලා බලන්න ඕනෙ.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
මව්බිම