කල්පනා මාලතී ඇම්බ්‍රෝස් නූතන පරපුරේ ප්‍රකට කිවිඳියකි, ලේඛිකාවකි, සමාජ ක්‍රියාකාරිනියකි. මිරර්ආර්ට්ස් ඇගේ නවතම කවි පොත් දෙක නොපවතිනු වස් පේ්රමයව පවතිමි සහ පියා නොහැඹූ පියාපත් කෘති ජනගත වීම අළලා කරන ලද කරන ලද සාකච්ජාවයි මේ.
කල්පනා ඔබව අලුතෙන් කියවන කෙනෙකුට ඔබව හඳුන්වා දෙන්නේ කොහොමද?
කවි ආශ්රයෙන් ගත්තොත් එහෙම මම මුල්ම කවිපොත කරන්නෙ 2011දි.මේ නිහඩ වෙරළට එන්න කියලා.2016දි මගේ දෙවැනි කවිපොත එනවා ඒ ඔබ ගැඹුරු නින්දක .මේ කවිපොත් දෙකෙන් තමයි මාව පාඨකයා අතරට ගියේ.ඊට අමතරව මීට අවුරුදු 25ක් තිස්සෙ විවිධ මාධ්‍යවල, දිවයින කවි පිටුවේ පටන් මේ වනතුරු විවිධ මාධ්‍යවල මගේ කවි පළවෙලා තියෙනවා.ඒ විදිහට තමයි මාව දන්නේ. ඒ ඇරුනහම සමාජ ක්‍රියාකාරී වැඩ කටයුතුවලදීත් මාව දන්න පිරිසක් ඉන්නවා.
ඔබ විවිධ ක්ෂෙත්රතුළ ක්‍රියාකාරීව සිටිනවා. ඔබව ලියන්න පොළඹවන්නේ කුමන කාරනාද?
මම හිතන්නේ අපි ලියද්දි අපි කව්ද කියන එක මූලිකවම බලපානවා. අපිට අවශ්‍යය මොනවද@ අපිට අපේ ජීවිතයෙන් කරන්න අවශ්‍ය මොනවද කියන එක. ඒක බේරගත්තහම අපිට ලියන දේවල් අහුවෙනවා කියලා මම හිතනවා.ඒ කියන්නේ පේ‍්‍රමය ගැන වැඩිපුර උනන්දුවෙන කෙනෙක්නම් එයා පේ‍්‍රමය ගැන වැඩිපුර ලියයි. මම ගත්තහම සමාජ දේශපාලන කාරනා ගැනත්, පෞද්ගලික කාරනා ගැනත්, ඒ කියන්නේ පේ‍්‍රමය වැනි කාරනා ගැනත් මම උනන්දුයි.ඒ වගේ කාරනා තුළ මගේ භාවයන් යම්කිසි තැනකදී මාව කම්පනය වෙන හැම තැනකදීම මම බොහෝවිට ලියලා තියෙනවා.ඒ වගේම කම්පනය වැඩි නිසා නොලියා ඉඳලත් තියෙනවා.
කම්පනය වීම තුළ එයා මුදා නොහැරීමම පීඩනයක්. එය හොඳ දෙයක්ද ?
දන්නේ නැහැ ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා.උදාහරණයක් හැටියට ගත්තහම Eliezer Wiesel කියන ජර්මන් ලේඛකයා ඔහු Auschwitzකඳවුරේ දීර්ඝ කාලයක් ඉඳලා තියෙනවා. අවසන් මොහොතේ රුසියානු මිත්‍ර හමුදා පැමිණ කඳවුර ගලවා ගැනීමේ අන්තිම තත්ත්පරේදී තමයි ඔහු ජීවිතය බේරගෙන තිබෙන්නේ. මම හිතන්නේ එතැන් සිට දශක දෙකකට වඩා වැඩි කාලයක් ඔහු නොලියා ඉන්නවා. ඔහුට ලියන්න බැරි වෙනවා.ඒ කියන්නේ ඔහුගේ කම්පනයේ තරම. ඒ කියන්නේ අපිට ඔහුව ප්‍රශ්න කරන්න බැහැ ඔයා ඒක ලිව්වෙ නැති එක හොඳඳ නරකද කියලා. ඊට පස්සෙ ඔහු ඒ freez වීමෙන් නිදහස් උනහම ලියන්න පටන් ගන්නවා.පළවෙනි පොත තමයි Night(රාත්‍රිය) ඊට පසු ඔහු දිගටම ලියනවා.
මට එහෙම අවස්ථා තියෙනවා.83 කලු ජූලිය එකක්.මම හිතන්නේ මම අද වෙනකම් ඒක ගැන කවි ලියලා නැහැ.ඒ වෙනකොට මට අවුරුදු හතක් වගේ වයසක්.මම එකම එක අවස්තාවක ඒ ගැන කතාකරලා තියෙනවා.තවම මට නිර්මාණකරන කාර්ය සඳහා යොදවගන්න හැකියාවක් ලැබිලා නැහැ.ඊලගට යුද්ධය'ඒ කියන්නේ 2009 දි අවසන් වූ යුද්ධයෙ.. ....මම 2009ට කළින් මම සරණාගතයින් සම්බන්ධව යුධ කලාපයේ කටයුතු කරමින් සිටියා.එහෙන් මෙහෙන් දේවල් ලියලා තියෙනවා ඇරෙන්න මගේ සෘජු අත්දැකීම් මම ලියලා නැහැ.ඒකත් මට ලියන්න අමාරු වෙච්ච දෙයක්.කවදාහරි මම ලියයි.මම දන්නේ නහැ මම කවදද ඒවා ලියන්නෙ කියලා.මාව වැඩිපුරම කම්පනට පත්වූ දේවල් සහ පෞද්ගලික දේවල් ඒ අතර තියෙනවා. සමහරවිට මම ලියයි. සමහරවිට නොලියා ඉන්නත් පුළුවන්. සමහරවිට වෙනත් ආකාරයකින් එළියට එන්නත් පුළුවන් .ඒ මුදාහැරීම වෙන්න ඔිනේ ස්වභාවිකවම කියලයි මම හිතන්නෙ.
ඔබේ අලුත් කෘතීන් ගැන අපිට කියන්න?
අලුත් පොත් ඇත්තටම නොපවතිනු වස් පේ්රමයව පවතිමි පොත සම්පූර්ණයෙන්ම පේ‍්‍රමය පිළිබඳව ලියැවෙච්ච කවි එකතුවක් තියෙන්නෙ .ඒකෙ තේරුම මම පසුගිය අවුරුදු දෙක විතර ඇතුළත 2016 සිට 2018 දක්වා ලියැවිච්ච කවි.ඒකෙ තේරුම ඒ අතරතුර මම වෙනත් මාතෘකා ගැන කවි නොලිව්වා කියන එක නෙමේ.මේ පොතට යම්කිසි සාම්‍යක් එකතු කරන්න ඒ තේමාවක් යටතේ ගන්න ඔ්නේ කියලා මට හිතුනා. ප්‍රසිද්ධ වට්ටෝරුවක් හදන්නෙ නැතිව පේ‍්‍රමය වගේ කවි තමයි ඒ කෘතියට ඇතුළත් කරන්න හිතුවෙ
ඒ වගේම කෙටිකවි පොත පියා නොහැඹූ පියාපත් පොත.ඒකේ අන්තර්ගත වෙලා තියෙන්නෙ පසුගිය අවුරුදු දහයක් තිස්සේ ලියැව්චිච කෙටි කවි.ඒකේ මූලික තේමා තුනකින් සමන්විතයි බැඳුණු, රිදුනු සහ මිදුණු කියලා. ඒකෙන් අදහස් කරන්නෙ අපි බැඳීම්වල බැඳෙනවා. ඊට පස්සෙ අපි රිදවගන්නවා .ඒ රිදවීම තුළින් අපි මිදීමේ මාර්ගයත් සොයාගන්නවා.ඉතින් ඔය තුනට කඩලා තමයි ඒ පොත තියෙන්නෙ .
එය යම්කිසි ආගමික සන්ධර්භයක් තුළ සිට ලියැවුන එකක් ද ?
නැහැ. ඇත්තටම ඒක පාඨකයා තීරණය කරන්න ඔිිනෙ කාරණයක් ඒක මොන ගනයටද, දාර්ශණික කාරණයකටද ඇතුළත් වෙන්නෙ කියලා.නමුත් මම උත්සාහ කරනවා යම්කිසි ආකාරයකට ආගමික හෝ ලෞකික හෝ මේ එකඳු කාරණයකටවත් වැටෙන්නෙ නැතුව ජීවිතේ දිහා යම්කිසි වෙනස් විදිහකට, වඩා පරිනත විදිහකට සම්බන්ධකම් දිහා, ජීවිතේ සිද්දි දිහා අපිට බලන්න පුළවන්නම්, අපිට මේ තුන කැඩෙන විදිහ තමයි ජීවිතේ ගලායාම කියලා මම ඇත්තටම හිතනවා.ඒක එකලස් කරගන්න ගත්ත උත්සාහය තමයි පියා නොලැබූ පියාපත් කියලා කියන්නෙ.
ඔබගේ විෂය මාතෘකාව පේ‍්‍රමය?
මම හිතන්නෙ පේ‍්‍රමය නැතුව මොකක්වත් කරන්න බැහැ. අපිට ගහට කොළට ආදරය කරන්නෙ නැතුව, එකිනෙකාට ආදරය කරන්නෙ නැතුව කාටවත් මොකුත් කරන්න බැහැ.දේශපාලනයවත්,මිත්‍ර සම්බන්ධකම්වත්, පවුල් ජීවිතයවත්, එදිනෙදා ජීවිතයේ ගනු දෙනුවත් පේ‍්‍රමයෙන් තොරව පවතින්න බැහැ කියලා මම හිතන්නෙ. ඒක අපි මේ වෙනාකොට වරනගාගෙන තියෙන පටුකම්, අඩුලුහුඩු කම් සහිතව මිසක් මේක පේ‍්‍රමය, මේක පේ‍්‍රමයෙන් තොර දෙයක් කියලා අපිට කිසිම දෙයක් වෙන්කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ.පේ‍්‍රමයෙන් තොර සියල්ල නිශ්ඵලයි කියනවනේ .ඒ වගේ මම හිතන්නෙ තව දේකට ආදරේ කරන්නෙ නැතුව ආදරෙයෙන් තොරව කිසිම දෙයක් කරන්න බැහැ.
වර්තමානයේ බොහෝ පිරිස් සමාජ ජාලාතුළිින් නිර්මාණ කරුවන් බවට පත්වෙලා තියෙනවා.ඔබ මේ පිළිබඳව දකින්නෙ කොහොමද?
මම ඒක ඉතාම ධනාත්මකව දකිනවා.විශේෂයෙන්ම කියන්න ඔිනෙ අදහසක් තියෙනවා... සාහිත්‍ය බේරගන්න ඔිනේ වගේ දෙයක් තියෙනවා. කලාව බේරගන්න ඔිනේ විවිධ අයගෙන් කියලා. මම ඒකට එකග නැහැ.සියල්ල අපි නිර්මාණය කරගන්නේ අපේ නිර්ණායකයන් අනුව.මිනිස්සු ලියනවනම් හොඳයි.මිනිස්සු මිනී මරන්නේ නැතුව, මංකොල්ල කන්නෙ නැතුව, අපරාධ කරන්නෙ නැතුව මිනිස්ස කවි ලියනවනම් නවකතා ලියනවනම් යම්කිසි දේවල් කරනවනම් ඒක හොඳ වැඩක් සහ සාධණීය කාරණයක් කියලා මම හිතන්නෙ.
කෙනෙකුට හිතෙනවනම් ඒකෙන් හානියක් වෙනවා කියලා මම හිතන්නෙ හානියක් වෙන්නෙ නැහැ. පාඨකයා තෝරාගන්නවා මොකද්ද මම තෝරගන්නේ සහ ඉතිහාස ගත කරන්නෙ කියලා.කාලය විසින් ඒක තීරණය කරනවා.පවතින දෙයක් පවතිනවා. එහෙම නැතිනම් අමතක වෙලා යනවා.ඒක මම හිතන්නෙ සදාකාලිකව පැවතිච්ච දෙයක්. ලෝකයේ විවිධ කාලවලදි විවිධ නිර්මාණ බිහිවෙන්න ඇති. නමුත් ඉතුරුවුනේ යම්කිසි ප්‍රමාණයක් . දැන් අපිට තියෙන විවිධ මාධ්‍ය හේතුවෙන් අපිට ලියන්න කියන්න අවස්ථාව වැඩිවෙලා තිබෙනවා .මම හිතවා ඒක මනුස්සයින්ට තමන්ගෙ හැගීම් ප්‍රකාශ කරන්න තිබීම හොඳයි කියලා.
අපි එහෙම බැරි යුගයේ ඉඳලා පුළුවන් යුගය දක්වා ආව මිනිස්සු.ඉතින් ඒක හොඳ තත්ත්වයක් කියලා මම හිතනවා.ඉතිරිවෙන දේ ඉතිරිවෙයි. නැතිවෙන දේ නැතිවෙයි.ඒ කියන්නෙ intangible දෙයක්. ඒ කියන්නේ අතට අහුවෙන්නැති දෙයක්. මනුෂ්‍යත්වය ඉක්මවාගිය දෙයක් බේරගන්න එිනේ වගේ දෙයකට යන්න ඔිිනෙ කියලා මම හිතන්නෙ නැහැ.සාහිත්‍ය ගත්තත්, කලාව ගත්තත් බේරගන්න ඔිනෙ නැහැ.මේක ප්‍රවාහයක්. මේක ගලාගෙන යනවා අපි කැමතිවුනත් අකමැතිවුනත්. විවිධ දේ එනවා. අපිට නවත්තන්න බැහැ.
වර්තමානයේ කවි කෙටිකතා නවකතා ආදී දේ මිනිස්සු රසවිඳිනවද?
ඉතා සුළුපිරිසක් වෙන්න පුළවන්. රසවිඳිනවා කියලා මම හිතනවා.රසවින්දනයක් නැතුව නෙමේ මම හිතන්නෙ පසුගිය දශක දෙකක් තුනකදී වගේ බරපතල වෙනස්කම් සිද්ධවුනා ගෝලීය වශයෙන් සහ දූපතක් විදිහට ලංකාව ඇතුළෙවුනත්.එතැනදී අපි ආර්ථික වශයෙන් ,සමාජයීය වශයෙන්, දේශපාලනික වශයෙන් ලොකූ වෙනස්කම්වලට, පරිවර්ථනයන්ට භාජනයවුනා.විශේෂයෙන් ආර්ථික වශයෙන් . න්‍යායාත්මකව කිවවොත් සාහිත්‍ය රසවිඳින්න කලාව රසිවිඳින්න පුළුවන් උපරිව්‍යුහයක් තුළ කියන එක.එහෙම කියන්නෙ ඔබට ධනය තියෙනවනම්, බලය තියෙනවනම් ඔබට විවේකය තියෙනවා සාහිත්‍ය හෝ කලාව රසවිඳින්න. සාමාන්‍ය මිනිස්සුන්ට ඒක නැතුව ගිය එකක් තමයි මේ තුළ තියෙන්නෙ. එහෙම නැතුව මිනිස්සු ආස නැතුව වත්, කවි කියවන්න හෝ සාහිත්‍ය රසවිඳින්න අකමැතිව නෙමෙයි.අනිත් අතට රූපවාහිනිය, ෆෝන් එක සහ කොම්පියුටර් එකත් එක්ක ඇතිවෙච්ච වෙනස්කම්. මේ තුනම යම්කිසි ආකාරයකට බලපාලා තියෙනවා.හැබැයි ඒ සියල්ල තිබියදීත් කවිපොත් විකිණෙනවා. කෙටිකතාපොත් විකිණෙනවා.නවකතාපොත් විකිණෙනවා. මිනිස්සු කියවනවා.
පිරිමින්ට සාපේක්ෂව ලේඛණ ක්ෂෙත්රය තුළ කාන්තාවන්ගෙ දායකත්වය පිළිබඳ ඔබ සෑහීමකට පත්වෙනවද?
මම හිතනවා අතීතයට වඩා ඔිනෑම කෙනෙකුට ඉඩක් විවර වෙලා තියෙනවා කියලා නිර්මානකරණයේ යෙදෙන්න. පහසුකම් තියෙනවා මූලිකවශයෙන්.ඔබ අසන ප්‍රශ්නයට පිළිතුර ඔවු. කාන්තාවන්ට තියෙන ඉඩ වැඩියි. දැන් උදාහරණයක් විදිහට අතීතයේ ගජමන් නෝනාගේ කාලේ පිරිවෙනකට ගිහින් ඉගෙන ගන්න බැහැ. ඒ නිසා ඇය වෙස්වලාගෙන් ගිහින් තමයි ඉගෙන ගත්තෙ.නිර්මාණය කරනවා තියා අකුරු ඉගෙන ගන්නවත් බැරි කාලයක්.ඒ වගේ දැඩි සීමාකම් සහිත තිබුන සමාජයක අද වෙනකොට අධ්‍යාපනය, නිර්මානකරණයට අදාළ ගොඩක් පසුබිම් සැකැස්වෙලා තිබෙනවා. හැබැයි ඒ සියල්ල තිබියදී සියළු මාතෘකාවන් පිරිමින්ට කතාකරන්න පුළුවන් තරම් ගැහැනුන්ට කතා කරන්න බැහැ.මට පවා. උදාහරණයක් හැටියට ලිංගිකත්වය ගත්තොත් එහෙම ඒක පදනම් කරගෙන කෙනෙකුට කැමති විදිහට නිර්මාණයක් කිරීමට තවමත් අපහාස ලැබිමකින් තොරව, විනිශ්චයක් ලැබීමකින් තොරව අමාරුයි.දැන් කෙනෙක් නවකතාවක් ලිව්වොත් ඇවිල්ලා අහන්නේ මේක ඔයාගෙ කතාවක්ද කියලා.මම දන්න අයට එහෙම වෙලා තියෙනවා.ඒක අත්දැකීමක් වෙන්න පුළුවන්, ඒක උපකල්පනයක් වෙන්න පුළුවන්. නමුත් එහෙම විනිශ්චය කරන සමාජයක අපි ඉන්නෙ.
කමලදාස් 'අනුරාගයේ මුල්පොත' ලිව්වහම මහාපෙරළියක් වෙනවා ඉන්දියාවේ. ඒ වගේ ලියන එක ලේසි නැහැ.අපි සාමාන්‍ය පේ‍්‍රමය ගැන එදිනෙදා දේවල් ගැන ලියනකම් හොඳයි.කන්ට්‍රවර්ෂල් දෙයක් ලිව්වහම ඒකට මුහුන දෙන්න බලාගෙන ලියන්න ඔිනෙ.මම හිතන්නෙ එහෙම ලියන අය හරි නිර්භීතයි කියලා. එහෙම ලියන එක පහසු සමාජයක් නෙමෙයි ඔය කියන ලිවීමට තියෙන්නෙ.
මොකක්ද ඔබ යෝජනා කරන්නෙ?
ලියන්න ඔිිනේ. නොනවත්වා ලියන්න ඔිනේ.එතකොට ජෙනරලයිස් වෙනවා. දැන් උදාහරණයකට මීට අවුරුදු තුන හතරකට කළින් මම ශයාම් සෙල්වදොරෙයි එක්ක කතාකරනවා ඔහුගේ අන්තිම පොත ආව වෙලාවෙදි... ඊට අවුරුදු 20කදි 'ෆනී බෝයි' එද්දි මම හීනෙකින්වත් හිතුවෙ නහැ ලංකාවේ මගේ පොතක් ලෝන්ච් කරන්න පුළුවන් වෙයි කියලා.නමුත් අවුරුදු 20කට පස්සෙ ඔහුගේ 3වෙනි නවකතාපොත ලෝන්ච් කරනවා.ඒකෙන් අපි තේරුම් ගන්න ඔිින දේ තමයි අපි කතා කරලා කරලා ඒක සාමාන්‍ය කරණය වෙනවා. දැන් සමකාමී මාතෘකාව කතාකරලා සාමාණ්‍ය වෙලා. කතාකරන්න පුළුවන් . ඒ වගේම තමා මේකත්. ගැහැනු මේ වගේ මාතෘකාවක් කතාකරපුවහම පිරිමි පුදුම වෙන්නැති සමාජයක් ගොඩ නැගෙන්න ඔිනේ. ඒක වෙන්නෙ කතාකරලම තමයි.
ලංකාවේ වර්තමානයේ පැවැත්වෙන සාහිත්‍ය සම්මාන උළෙල නිර්ණායකයින් සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?
නිර්ණායක ගැන ඇත්තටම මම දන්නෙ නැහැ.ලංකාවෙ සම්මාන දෙන සන්ධර්භයෙන්ම මම අයින්වෙලා ඉන්නෙ.කව්රුත් දන්න විදිහට ගිය අවුරුද්දෙත් මගේ පොත මම අයින් කරගත්තා.සම්මාන දෙන එක නැති එක මම කෙටියෙන් කිව්වොත් මට අදාළ නැහැ.ලේඛයෙක් ලිවීමේදී සම්මාන කියන කාරණය ගැන හිතලා ලියන්න ඔිිනෙත් නැහැ....ඒකට අහුවෙන්නත් ඔිිනෙ නැහැ කියලා තමයි මම හිතන්නෙ පුද්ගලිකව.ඒකෙ අදහස සම්මාන ගන්න කෙනෙක් ගැන මගේ විරෝධයක් තියෙනවා කියන එක නෙමේ.මගේ මිත්‍රයො හුගක් අය සම්මාන ගන්න අය, ඒවායින් පිදුම් ලබන අය.නමුත් මට පෞද්ගලිකව කිසිම උණන්දුවක් නැහැ ඒ සම්පූර්ණ විෂය සම්බන්ධයෙන් කව්ද හිටියෙ, මොකද වුනේ, කව්ද සම්මාන ගත්තෙ. මම හිතන්නෙ ලේඛණයෙහි ලා කිසිසේත් අදාළ කාරණයක් නෙමෙයි සම්මාන කියන කාරණය.
සමහරු මට වඩා වෙනස් මත දරණවා.මගේ ප්‍රථික්ෂේප කිරීමට විරු්ධවෙච්ච අයත් ඉන්නවා. මම හිතනවා ඒක ඔබට ගන්න තියෙන අයිතිය මට නොගන්නත් තියෙනවා.ඒකෙදි මම අනිත් කෙනාව විනිශ්චය කරන්නෙ නැහැ වගේම මම කැමතියි මාවත් එතැනට දාලා ....සමහරවිට කෙනෙක් කැමති වෙන්න පුළුවන් ඒ ආස්ථානයේ ඉන්න... කෙනෙකුට ඒක කරගන්න බැරිවෙන්න පුළුවන්.ඒකට මට කරන්න දෙයක් නැහැ.හැමෝටම කරන්න බැරිවෙන්න පුළුවන් ඒක. අමාරුදේ මම කරනවා.ඒකට මා එක්ක තරහා වෙන්න එපා කියලා මම කියනවා
ඇයි ඔබ ට සම්මාන පිලිබඳ මේ වගේ අදහසක් ඇතිවුනේ?
හේතුව මේකයි. අපි ක්‍රම විරෝධීව ලියනකොට, ක්‍රමය විසින් නිර්මාණය කරන ලද යම්කිසි පද්ධතියකින් සම්මාන ගන්න කොටම .... ඒ මොහොතේ ඒ අදාළ සම්මාන මණ්ඩලය හෝ ඒ සම්මානය සම්මානය ගැටළුවක් නැතිවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගිය අවුරුද්දෙ රජත සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය ගැන මට කිසිඳු ගැටළුවක් නැහැ. නමුත් මගේ ප්රතිපත්තියක මම පිහිටා ඉන්නවා ලේඛකයෙක් සම්මාන සඳහා නොලියවිය යුතුයි දේශපාලනිකව සහ මගේ පෞද්ගලික විශ්වාසයන් මත මම ඒකට යටත් වෙන්නෙ නැහැ කියලා.මේ තියෙන සමාජ ක්‍රමය තුළ මම ඒකට අහුවෙයි කියලා මම හිතන්නෙ නැහැ.
කල්පනා පොත් ජනගත කරන්නෙ කවදද කොහොදිද කීයටද කව්ද සහබාගීවෙන්නෙ කියලා අපිට කියන්න.
දෙසැම්බර් පළවෙනිදා මගේ තුන්වෙනි සහ හතරවෙනි කාව්‍ය සංග්‍රහයන් දෙක නොපවතිනු වස් පේ්රමයව පවතිමි සහ පියා නොහැඹූ පියාපත් එළිදැක්වෙනවා.මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී සවස 3.00ට.දේශණ සඳහා මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ, උපුල් ශාන්ත සන්නස්ගල සම්බන්ධවෙනවා. එදා වැඩ සටහන මෙහෙයවීම සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක.ඉකින් හැමෝටම ආරාධනා කරනවා වෙලාවක් තිබුනෛාත් ඇවිත් යන්න එන්න කියලා.
සංවාද සටහන- මනෝහාරී හේවාවසම්