කලා ක්ෂේත්රය තුළ නිතරම කතාබහට ලක්වන කලා ශිල්පිණියක් තමයි ටීනා ෂනෙල් කියන්නේ. වර්තමානය වනවිට ජනප්‍රිය කලා ශිල්පිණියන්ගේ ලැයිස්තුවේද මුල් ස්ථාන අතර සිටින ඇය දැනට කලා නිර්මාණ බොහෝමයක් ඔස්සේද ඔබට දකින්නට ලැබෙයි. මෙවර මීරර්ආර්ට් තුළින් අප ඇයටද ඉඩක් වෙන් කළා.
ටීනා ලස්සන වෙන්න මොනවද කරන්නේ?
මම වෘත්තියෙන් රංගන ශිල්පිණියක්. ඉතින් මම අනිවාර්යයෙන්ම මගේ ඇඟ මුහුණ ගැන හිතන්න ඕනා. මොකද අපේ වෘත්තියත් එක්ක බලන කොට ඒ දේවල් ලස්සනට තියාගන්න එක අපිට ගොඩක්ම වැදගත්. ලස්සන වෙනවට වඩා මම මුලිකත්වය දෙන්නේ මගේ සිරුරේ හැඩය හා මගේ සෞඛ්‍ය පැත්තට. ඉතින් ගොඩක් වෙලාවට මම මගේ කෑම පාලනය කරනවා. ගොඩක් ආස කරන කෑම තිබුණත් මම ඒවා කන්නේ නැහැ. පැණි රස කෑම, තෙල් හා පිටි කෑම ගොඩක් වෙලාවට කනවා අඩුයි. සම රැකගන්න වගේම එහි පැහැය එක විදිහට තියාගන්න, තව හිසකෙස් නිරෝගිව තබාගන්න විටමින් ජාති එහෙමත් මම පාවිච්චි කරනවා. නිතරම මේකප් දාන නිසා පේශල් වගේ දේවල් එහෙම මම කරනවා. බොහෝ වෙලාවට ලස්සන වෙන්න ඔය ටික තමයි මම කරන්නේ.
ටීනා කියන්නේ ලස්සනට අඳින්න කැමති කෙනෙක්?
එහෙම විශේෂයක් නැහැ. මගේ ඇඟට ගැළපෙන, මාව ලස්සනට පේන ඇඳුම් මම අඳිනවා. තව යන තැන අනුව ඊට ගැළපෙන ඇඳුම් මම අඳිනවා. ඇත්තටම කියනවා නම් එහෙම මට ලස්සන නැහැ කියලා ඇඳුමක් නැහැ. මට ඕනා ඇඳුමක් ලස්සනයි. ඒකට හේතුව මට ලස්සන ඇඟක් තියෙන නිසා කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් මම එළියට ඇඳුමක් අඳිනවා නම් ඒක එකපාරයි අඳින්නේ. ඊට පස්සේ ඒ ඇඳුම මම ආයේ අඳින්නේ නැහැ. සාමාන්‍ය ගමන් බිමන්වලට නම් සාමාන්‍ය ඇඳුම් අඳිනවා. ඒවා නම් ඉතින් කාලයක් මම අඳිනවා.
නිදහසේ ඉන්න වෙලාවට මොනවද කරන්නේ?
පවුලේ අයත් එක්ක ගෙදර ඉන්න එක තමයි ගොඩක් වෙලාවට මම කරන්නේ. අතවශ්‍ය උපන්දින සාදයක් හරි ප්‍රිය සම්භාෂණ උත්සවයකට හරි යනවා ඇරෙන්න මම ගොඩක් වෙලාවට කරන්නේ මගේ පවුලේ අයත් එක්ක කාලය ගෙවන එක. තව විවේකිව ඉන්න වෙලාවට යාළුවොත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න යනවා. හැබැයි හැම වෙලාවෙම යන්නෙත් නැහැ එහෙම. මොකද මම ගොඩක් කැමතියි මගේ නිදහස සීමා කරගන්නේ නැතුව ඒක විඳන්න. ගෙදර කට්ටියත් එක්ක ඉන්න වෙලාවට තව චිත්‍රපට එහෙම බලනවා. ලංකාවේ චිත්‍රපටයක් නම් බලනවා මම අඩුයි. හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට තමයි බලනවා නම් බලන්නේ මම. ඊට අමතරව ඉතින් නිදාගන්න එක තමයි කරන්නේ. මොකද, මම කරන වෘත්තියත් එක්ක හැම වෙලාවෙම මම ඉන්නේ කාර්යබහුල වෙලා. සමහර වෙලාවට වැඩත් එක්ක මහන්සි වුණාම නිදාගන්න තියෙන කාලය පවා මට ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඉතින් ඒ මඟ හැරුණ නින්ද විවේකිව ඉන්න වෙලාවට මම ගන්නවා.
අන්තිමට බලමු චිත්‍රපටය මතකද?
ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටය තමයි මම අන්තිමට බැලුවේ. නිතරම වගේ මම නෙට්ෆිලික්ස් එකේ චිත්‍රපට ටෙලි නාට්‍යය බලනවා. නමුත්, ගොඩක් ආසාවෙන් හිටියේ ෂාරුක්ගේ ජවාන් චිත්‍රපටය එනකම් ඒක බලන්න යන්න. මොකද ෂාරුක් හා දිපීකා කියන්නේ මම කැමතිම නළුනිළි යුවළ. ඒ නිසාම මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා ගෙදර අයත් එක්ක ගිහිල්ලා මේක සිනමා ශාලාවකම බලන්න. ජවාන් චිත්‍රපටය ගැන කිව්වොත් මම ඒකේ කතාවට කැමතියි. අනික ෂාරුක්ගේ රඟපෑම ඉතා ඉහළ මට්ටමක ජවාන් චිත්‍රපටයේ තියෙනවා. මම හිතනවා කාලයකට පස්සේ මම හොඳ හිතෙට දැනෙන කාලයක් අමතක නොවන චිත්‍රපටයක් බැලුවා කියලා.
සල්මාන්, සූර්යා, රිතික් වගේ නළුවෙක් එක්ක රඟපාන්න ටීනාට අවස්ථාව ලැබුණොත්?
තුන් දෙනා එක්කම රඟපාන්න මම කැමතියි. රිතික් රෝෂන් කියන්නේ ඉන්දියාවේ ඉන්න හොඳට නටන්න පුළුවන් නළුවෙක්. මමත් නටන්න කැමති රංගන ශිල්පිණියක් නිසා රිතික් එක්ක රඟපාන්න ගොඩක් කැමතියි. සූර්යා කියන්නේ දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක්. ඔහු වගේ නළුවෙක් එක්ක රඟපාන්න කවුද අකමැති. ඔහුත් එක්ක රඟපාන්න ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒ ආරාධනාව භාරගන්නවා. සල්මාන් එක්කත් එහෙමයි. බොලිවුඩ්වල සුපිරි තරුවක්. අනික ඔහු ප්‍රවිණයෙක්. ඉන්දියාවේ විතරක් නෙමෙයි ලෝකයේම ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින නළුවෙක්. ඉතින් ඔහු එක්ක රඟපාන්න තියෙනවා නම් ඒක ඕනෑම රංගන ශිල්පිණියක්ගේ වාසනාවක් කියලා මම හිතනවා.
සංවාදය : බුද්ධික සේනාධීර