නිරූපණයට මෙන්ම රංගනයටද දැඩි ලෙස ප්‍රිය කරන තරුණයෙකුට මෙවර සති අන්තයේ 'මිරර් ආට්ස්' ඉඩ වෙන් කළෙමු. ඔහු නමින් කසුන් හල්පගේ. සමාජ මාධ්‍ය තුළ ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය ගොඩ නගා ගනිමින් ඉදිරියට එන කසුන්ගෙන් අප ඔහුගේ අනාගත කලා කටයුතු ගැන විමසුවෙමු.
කසුන් කලා ක්ෂේත්රයට ඇයි මෙච්චර කැමති?
පොඩි කාලේ ඉඳලම මම කලා ක්ෂේත්රයට ගොඩක් ආසයි. මම ටෙලිනාට්‍යවල තියෙන ලස්සන රඟපෑම් දකිද්දි හැම වෙලාවකම වගේ හිතුවා මටත් රඟපාන්න තිබුණා නම් කියලා. මම හිතනවා රංගනය කියන දේ මගේ ඇඟේ තියෙන දෙයක් කියලා. ඉතින් දැන් මට අවශ්‍ය කරන්නේ රඟපාන්න අවස්ථාවක් හොයාගන්න එක. ඒ හැකියාව මුදුන්පත් කරන එක.
වැඩිපුරම කැමති නිරූපණයටද එහෙමත් නැත්නම් රංගනයටද?
ඔව් මම නිරූපණයටත් කැමතියි. හැබැයි රඟපාන්න තමයි මගේ ලොකුම ඉලක්කය. මොකද තේරෙන කාලේ ඉඳලා මගේ හීනේ වුණේ ඒක නිසා. දැනට මම Photo ෂූට් කිහිපයක්ම කරලා තියෙනවා. මගේම ඨික්ටොක් ඇccඔඋන්ට් එකක් දැනටමත් තියෙනවා. මේ වන විට මගේ TikTok Videos ගොඩක් අය බලනවා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළ මම යම් ජනප්‍රියත්වයක් දැන් ගොඩ නගාගෙන තියෙනවා. ඉතින් මම කැමති මොන වෘත්තියකින් හරි කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙලා වැඩ කරන්න.
ඕනෑම දෙයක් හදාරලා එන එක නේද වැදගත්?
ඕනෑම දෙයක් හදාරලා එනව නම් ඒක ගොඩක් වටිනවා. එහෙම වුණාම ක්ෂේත්රයේ ගොඩක් ඉහළටම යන්න පුළුවන් කියන විශ්වාසයේ මම ඉන්නවා. ක්ෂේත්රයේ ගැන දැනුමක් නැත්නම් ලොකු ගමනක් යන්න බැහැ කියලා මම දන්නවා. ඒ නිසා කලා ක්ෂේත්රය වුණත් හොඳට හදාරලා ඉදිරියට යනවනම් හොඳයි කියලා මම හිතෙනවා.
කසුන් කියන්නේ කලා පවුලකින් එන කෙනෙක්ද?
ඔව් මගේ එක සහෝදරයෙක් කලාවට සම්බන්ධයි. ඔහුව කවුරුත් හදුනනවා ඔහුගේ නම මධු රොක්ස්. මගේ සහෝදරයට වගේම මටත් යම් යම් කලා හැකියාවන් තියෙනවා. ඉතින් ඔහු වගේම කලා ක්ෂේත්රයෙන් ඉහළට යන්න ලොකු බලාපොරොත්තුවකින් මම ඉන්නවා. ඒ වගේම අපේ පියාත් කලාවට සම්බන්ධ කෙනෙක්.
කසුන් වගේ නවකයෝ ගොඩක් අද මේ ක්ෂේත්රයට එන්න උත්සාහ කරනවා?
ඔව් අනිවාර්යයෙන්. මොකද, ක්ෂේත්රයේ හොඳ දැනුමක් එක්ක ගමනක් යද්දි තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අය තමන්ගේ හිතවත්කම්වලට සල්ලි දිලා ක්ෂේත්රයේ තුළ ඉදිරියට ගියාට ඔවුන්ට වැඩි කාලයක් ලොකු ගමනක් යන්න බෑ. ක්ෂේත්රය හොඳින් ඉගෙනගෙන ගියොත් නම් හොඳ තැනකට යන්න පුළුවන්. ඒ වගේම ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් අත්දැකීම් ලබාගෙන තමන්ටම කියලා අනන්‍යතාවයක් හදාගන්නත් පුළුවන් නම් තවත් වටිනවා.
සංවාදය: බුද්ධික සේනාධීර